Tuesday, August 11, 2015

වධ දුන්න පොලිස්කාරයෝ තුනකට පොලීසියෙන්ම බරපතල දඬුවම් පමුණුවයි. මානව හිමිකම් කොමිෂම නිහඬයි.

උඩුගම පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ වැටුප් වර්ධක විලම්භනය කොට, රු. 30,000/=ක දඩයකට යටත් කිරීමේ පුවතකි මේ.

211 ජූනි 06 වන දින, උඩුගම, පදිංචිකරුවකු වන ගාමිණී මහතාට පහරදී, ඔහුගේ යතුරු පැදියට අලාභ හානි කිරීමට වරදකරුවන් වූ, එවකට උඩුගම පොලිසියේ සේවය කල,

පො.කො. 45832 විජේනායක ගේ වැටුප් වර්ධක 02ක් විලම්භනය කර, රු.30,000/- දඩයකටද,
පො.කො. 85855 රොෂාන් ගේ වැටුප් වර්ධක 02ක් විලම්භනය කර, රු.30,000/- දඩයකටද,
පො.කො. 87595 ඉන්දික ගේ වැටුප් වර්ධක 01ක් විලම්භනය කර, රු.30,000/- දඩයකටද, යටත් කර, දඬුවම් කර ඇති බව, එ් මහතාට ලිඛිතව දන්වා තිබේ.

මෙම සිද්ධිය අදාලව මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ල විමර්ශණය කිරීමට කොමිෂමේ මාතර මානව හිමිකම් උප කාර්යාලයට බාරදී තිබුනා. වසර පහකට ආසන්න වුවද, මේ දක්වා පියවර ගෙන නොමැත. 

අල්ලස් හා දුෂණය පිරි, මානව හිමිකම් කොමිෂන් සභාවේ රාජපක්ෂ වාදීන් වන සභාපති,හිටපු විනිසුරුවකුවු ප‍්‍රියන්ත පෙරේරා ඇතුලූ කොමසාරිස්වරු, දැනට උපදේශක තනතුරක වැජඹෙන හිටපු නීති ලේකම් නිමල් පුංචිහේවා, එදා මෙන් ම අදත්, අපරාධකරුවන් රැුකීමේ උත්සාහයක යෙදී සිටිති. මේ එයට තවත් එක් නිදසුනක් පමණි.

No comments:

Post a Comment