Wednesday, August 5, 2015

නෑයෝ රකින්න උසාවියට බොරු වාර්තා කරලා.


වැලිපැන්න පොලීසියේදී තමාට හා බිරිඳට පහර දුන්න පුද්ගලයාව බේරන්න, බොරු වාර්තාවක් උසාවියට ඉදිරිපත් කර, අපරාධය වසන් කිරීමට උත්සාහ ගන්නා බවට චෝදනා කරන දර්ගා නගරයේ සමන් අනුර කුමාර, සම්පූර්ණ සිද්ධිය සම්බන්ධයෙන් පො.ප. හා මා.හි.කො. වෙත කරන ලද පැමිණිල්ල පහත දක්වමු.

අත්අඩංගුවට ගෙන වධ දී නඩු දැමීම.

ටිකිරියාදුර බන්දුල ද සිල්වා, අවු: 44 යි, ජා.හැ.අ. 712002301 ඪල විවාහක, දරුවන් 03 යි, රැුකියාව: ව්‍යාපාරික, ලිපිනය: ශ‍්‍රී සමගි පාර, කුඩා වස්කඩුව, වස්කඩුව. 2015.07.29 වන දින දීය.

2015.07.20 දින පෙරවරු 10.30 ට පමණ, ක`ඵතර උතුර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ මාව අත්අඩංගුවට ගනු ලැබුවා.

කෝලාහලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න බව ප‍්‍රකාශ කළා. ඉන්පසුව මාව ක`ඵතර උතුර පොලීසියට ගෙන ගියා. මාව කූඩුවට දැම්මා. දහවල් 1.00 ට පමණ ස්ථානාධිපති පො.ප. ආනන්ද පැමිණියා. ඔහු කූඩුව අසලට පැමිණ, බන්දුල කියන්නේ කවුද කියා විමසුවා.

කූඩුව තුළ සිට, ”බන්දුල කියන්නේ මම” යයි කිව්වා. 

එවිට ඔහු ගනින් ”මේ වේසිගෙ පුතාව එළියට” කියා එතැන සිටි නිලධාරීන්ට කිව්වා. රිසව් එකේ සිටි නිලධාරියා කූඩුව ඇර මාව එළියට ගත්තා. ඊට පසුව මාංචු ගණින්, මූව වස්කඩුවට ගෙනිහිල්ලා ගහන්න කියා. නමුත් මාංචු තිබුණේ නැහැ.

ඊට පස්සෙ ස්ථානාධිපතිවරයා මාව අපරාධ අංශයට රැුගෙන ගියා. එතනදී මට කණට ගසා, මාගේ බෙල්ලෙන් අල්ලා, කකුල් දෙක අස්සේ ගහගණින් කිව්වා. මාව බිම වැටුණා. ඊට පසු එතැන තිබුණ තවත් කාමරයකට මාව ගත්තා. එ් කාමරයේදී මගේ ඇඳුම් ගලවා නිරුවත් කළා.

නැවත මාගේ බෙල්ලෙන් අල්ලා කකුල් දෙක අස්සේ ඔලූව ගසා අතින් පයින් ගැහැව්වා. එතැනදී පැයක් පමණ මට වධ දුන්නා. එයින් පසුව එතැනට පැමිණි කොස්තාපල්වරයකුට කිව්වා මූට අඳින්න දීපන්, ?ට අරන් දෙන්න කියා.

එදින ? කූඩුවේ හිටියා. පසුදින 2015.07.21 රාත‍්‍රී 8.00 වන තුරු පොලිස් කූඩුවේ තියාගන හිටියා. 

එතනින් මාව මහේස්ත‍්‍රාත්තුමිය ගේ නිල නිවසට රැුගෙන ගියා. මා වෙනුවෙන් නීතිඥ ගාමිනී එ්කනායක මයා හා නීතිඥ දිසානායක මිය ඉදිරිපත් වුණා.

මහේස්ත‍්‍රාත්තුමිය වෙත පොලීසිය හා එම නීතිඥවරුන් ගියා. නමුත් මාව, මහේස්ත‍්‍රාත්තුමිය ළඟට ගෙන ගියේ නැහැ.  මහේස්ත‍්‍රාත්තුමිය මාව දැක්කේ නැහැ.

මා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහතා හා මහත්මිය මා හට පොලීසියේදී පහර දී ඇති බව ප‍්‍රකාශ කර තිබුණා. එ්ත් මාව බලන්නේවත් නැතිව මා, දවස් 07 කට එනම් 2015.07.28 දක්වා රිමාන්ඞ් භාරයට පත් කළා.

රිමාන්ඞ් භාරයේදී, මට ප‍්‍රතිකාර දුන්නේ නෑ.

2015.07.28 වන දින, මාව අධිකරණයට ඉදිරිපත් කළා. එදින මට ඇප ලබා දුන්නා. මීළඟ නඩු දිනය 2015.10.20 වේ

මේ ආකාරයට මට ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පො.ප. ආනන්ද පහර දී වධ දීමට එකම හේතුව, මා සමග ආරවුලක් ඇති කරගෙන තිබූ පිරිසක් සමග පවතින ඥති සම්බන්ධතාවය නිසා බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,

(1) ඥති සම්බ්න්ධතාවය උඩ අත්අඩංගුවට ගෙන මට වධ දීම,
(2) නීති විරෝධීව පැය 32 කට වැඩි කාලයක් රඳවා තබාගෙන සිට මාව රිමාන්ඞ් භාරයට
    පත් කිරීම,
පිළිබඳව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසටය. 
මෙයට, ටිකිරියාදුර බන්දුල ද සිල්වා

No comments:

Post a Comment