Tuesday, August 11, 2015
මළ මූත‍්‍ර යනකං පහර දුන්නා. මානව හිමිකම් එකේ ඉන්නෙ අපේ එවුන් කියලා තමයි ගහලා තියෙන්නෙ.
අත්අඩංගුවට ගත්තේ, උසාවියේ නියෝගයෙන් අත්සන් කරන්න පොලීසියට ගිය විට. ගෙදරින් ගෙනත් දෙන කෑම, පොලීසියේ එවුන්ගේ අතින් දෙන විදියට තමයි දීලා තියෙන්නෙ.
මෙසේ අත්අඩංගුවට ගෙන වධ දී ඇත්තේ රත්නපුර පොලීසියේ නිලධාරීන්ය. වධහිංසාවට ලක්ව ඇත්තේ 2015.07.12 වන දින, අධිකරණ නියෝගයට පොලීසියට ගිය අවු: 32 ක් වන, රත්නපුර අසංක ලක්රුවන් නැමති එක් දරු පියෙකුය.
අත්අඩංගුවට ගෙන, අධිකරණය මගින් 2015.08.03 දින දක්වා රිමාන්ඞ් කරවා ඇත. අධිකරණය නියම කළද ඔහුව වෛද්‍යවරයකු හමුවට පත් කර නැත. ඇප ලබා ගැනීමේදී නැවත වරක් පොලීසියට ගොස් අත්සන් කරන ලෙසට, මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඔහුට පහර දීම නිසා, ස්නායු වලටද හානි වී තිබේ. දින 33 කට පසුව, ඔහුට වධ දීම හා අදාල සලකුණු දකින්නට තිබුණි. ඔහුගේ ඇඳ ඉහපත් වාර්තා හා ඡුායාරූප මෙයට සාක්ෂි දරයි.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment