Wednesday, August 5, 2015

රතුපස්වල මිනිස් ඝාතනයට ගෝඨා වගකිව යුතුයි.



මහින්ද රාපක්ෂගේ පරාජය සහතික කරන්න මානව හිමිකම් කොමිෂමත් එක්වෙයි.

මහින්ද රාජපක්ෂ යුගයේ සකලවිධ මානව හිමිකම් උල්ලංඝණයන් වසා දැමීමටත් එදා සිට අද දක්වාම කොම්ෂම දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරන, මහින්ද රාජපක්ෂ විසින් පත් කළ, සභාපති, කොමසාරිස්වරු, හිටපු නීති ලේකම්, ඇතුළු වගකිව යුතු නිලධාරීන් පසුගිය කාල වකවානුවේ යට ගසාගෙන සිටි රතුපස්වල මිනිස් ඝාතනය අදාල විමර්ශන වාර්තා එළි දක්වමින් එම මිනීමැරුම්වලට හමුදාව වගකිව යුතු බව ප‍්‍රකාශ කර තිබේ.

මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කළ ජනවාරි 08, ජනවරම ආපසු හැරවිය නොහැකි බව සනාථ වීමෙන් පසුව, මෙම වාර්තාව එළිකරණු ලැබීය.

නීති විරෝධීව, සදාචාර විරෝධීව, කොමිෂමේ පදවි ලබාගෙන සිටින, ජනවාරි 08 න් පසුවද, එම තනතුරුවල එල්ලීගෙන සිටින සභාපති, පි‍්‍රයන්ත පෙරේරා අතු`ඵ කොමසාරිස්වරු මහින්ද රාජපක්ෂ අති විශේෂ අනුග‍්‍රහයෙන් තවමත් වැජඹෙන නීතිඥ නිමල් පුංචිහේවා ඇතුලූ පිරිස, මහ මැතිවරණය අභිමුඛයේ රතුපස්වල වාර්තාව එළියට දැම්මේ එ් මගින් නව ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉඩක් ලබා ගැනීමට ය.

මේ අතර, මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, මානව හිමිකම් කොමිෂම හුවා දැක්වීමේ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක වනු දකින්නට ලැබිණ.

සභාපති, කොමසාරිස්වරු, නීතිඥ නිමල් පුංචිහේවා ඇතුලූ බරපතල දුෂණ, අක‍්‍රමිකතා චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන් සමග අනියම් සම්බන්ධකම් දක්වන්නන් ලිපි ගොනු උස්සාගෙන කොමිෂම වෙත පැමිණිලි කරන්නට යෑම ප‍්‍රදර්ශනය කරන අවස්ථාව මාධ්‍යවල සුලබව දකින්නට ලැබිණ.

මානව හිමිකම් කොමිෂමට ගතහැකි කිසිදු පියවරක් නෛතික බලයක් නැති බව දැන දැන මේ පිරිස, මානව හිමිකම් කොමිෂමට යන්නේ ජනතාව රැවටීමටය. 

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් අපේකෂක ජා.නි. ශ‍්‍රීනාත් පෙරේරා, තම සොහොයුරා මානව හිමිකම් කොමිෂමේ සභාපති ප‍්‍රියන්ත පෙරේරා (රාජපක්ෂ ගැති) ඉදිරියට යනවා ප‍්‍රදර්ශනය කෙරුණේ මහින්ද රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් කිරීමටය. එමගින් ජනතාව ගොනාට ඇන්දවීමටත් මානව හිමිකම් කොමිෂමේ සභාපති ප‍්‍රියන්ත පෙරේරාව පිම්බීමටත්ය.

මේ ආකාරයටම වෘත්තීය සමිති නායකයන්ද කොමිෂම බලා යන හැටි  ප‍්‍රදර්ශනය කරන ලදි. මෙයට ජනතා විමුක්ති පෙරමුණ ද එක්ව තිබුණි.

එ් අතර, මානව හිමිකම් කොමිෂමේ සියලූ තනතුරුවලින් ඉවත් වීමට සිදුවූ පසුවද මහින්ද රාජක්ෂ ගේ හා සභාපති ප‍්‍රියන්ත පෙරේරාගේ විශේෂ අනුග‍්‍රහයෙන් උපදේශක තනතුරක් ලබාගෙන සිටින නීතිඥ නිමල් පුංචිහේවා ‘නීති ලේකම් වශයෙන් මාධ්‍යය ඉදිරියේ පෙනී සිටීම ට ද හැකියාව ලැබිණ. 

මානව හිමිකම් කොමිෂම හා අදාලව යථාර්තය තම ප්‍රෙක්ෂකයන්ට හෙළි නොකරන මාධ්‍යය හා එක්ව, යහපාලනය විහි`ඵවක් බවට පත්කරන මේ පිරිස පිළිබඳව හෙළිදරව් කිරීම අවංකවම යහපාලනය ආරක්ෂා කරන සිය`ඵ දෙනාගේ වගකීම බවද ප‍්‍රකාශ කරමු. 



No comments:

Post a Comment