Wednesday, August 5, 2015

මේ ”වේ ... පුතාව” එළියට ගණින් කියා, කූඩුවෙන් එළියට ගෙන නිරුවත් කර පහර දුන්නා.



ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පො.ප. ආනන්ද, අත්අඩංගුවට ගෙන කූඩුවේ හිටපු තමාව එළියට අරගෙන වධ දී, රිමාන්ඞ් භාරයට පත් කිරීම පිළිබඳව පොලිස්පතිය හා මානව හිමිකම් කොමිෂමට කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් කියා සිටී.

තමාට මේ ආකාරයට වධ දුන්නේ, මෙම පොලිස් පරීක්ෂකවරයාගේ නෑදෑයන්ගේ වුවමනාවට බව ඔහු සිය පැමිණිල්ල මගින් කියා සිටී.

පැය 32 කට වැඩි කාලයක් නීති විරෝධීව රඳවා තබාගෙන සිට රාත‍්‍රී 8.00 ට පමණ, ක`ඵතර මහේස්ත‍්‍රාත්වරියගේ නිවසට ගොස් රිමාන්ඞ් නියෝග ලබාගත් බව ද ඔහු, තමාව මහේස්ත‍්‍රාත්වරිය හමුවට පත් නොකළ බවත්, තමාව නොදැකම පොලීසියේ අවශ්‍යතාවයට තමාව රිමාන්ඞ් කරන ලද බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

”යහ පාලනය” යථාර්තයක් කිරීමට නම්, රටේ පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතියේ උඩු දුවා තිබෙන ¥ෂණ වංචාවලට එරෙහිව ජන හඬ අවදි කළ යුතුයි.


01. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01

පොලීසියේ ඥති සම්බන්ධකම් උඩ,
අපරාධකරුවකුව ගලවා ගැනීමට ක‍්‍රියා කිරීම.

ප‍්‍රනාන්දු සම්පත් අනුර කුමාර, අවු: 36 යි, ජා.හැ.අ. 790110943 ඪල විවාහක, දරුවන් 04 යි, රැුකියාව: පෙදරේරු, ලිපිනය: 105/ක්‍ල හේනගංගොඩ, බොංදුපිටිය, දර්ගා නගරය.
දුරකතන අංකය: 077 9983667

2015.07.28 වන දින දීය.

2015.06.30 දින, මා මගේ බිරිඳ එම්. අනූෂා සුදර්ශනී හා පොඩි දරුවා සමග උදේ 10.00 ට, වැලිපැන්න පොලිස් ස්ථානයට පැමිණියා.

එසේ ගියේ ඉන්දුක කුෂාන් ඇතුලූ කිහිප දෙනෙක් මාගේ වගාවට කරන ලද හානිය පිළිබඳව,කරන ලද පැමිණිල්ලට විභාගය සඳහාය. පැමිණිල්ල උ.පො.ප. ජයලත් විසින්, විභාගයට වගඋත්තරකරු ඉන්දුක කුෂාන් ද පැමිණ සිටියා.

පැමිණිල්ල පිළිබඳව විස්තර අසන අවස්ථාවේ, උ.පො.ප. ජයලත් ජංගම දුරකතනය ද රැුගෙන කාමරයෙන් පිටවුණා.

එය අවස්ථාව කරගත් ඉන්දුක කුෂාන් එක පාරටම මාගේ බිරිඳට පහර දුන්නා. එ් අවස්ථාවේ බිරිඳ අතේ දරුවාද හිටියා. මා පහර දීම වැළැක්වූවා. මට ක්ෂණයෙන් ඉන්දුක කුෂාන් පහර දීමක් සිදු කළා.

ඔහු බිරිඳට පහර දෙන අවස්ථාවේ ඇය සිටියේ ළමයා වඩාගෙන. මා ඇයට පහර දීම වළක්වන්නට උත්සාහ ගත්තා. එ් අවස්ථාවේ ඉන්දුක කුෂාන් මගේ බෙල්ලට පහර දී දකුණු අත කරකෙව්වා. පොලීසිය තුළදී මට පහර දීම ගැන පැමිනිල්ල ලියා ගත්තා. මාගේ බිරිඳගෙන් හා ඉන්දුක කුෂාන් ද ප‍්‍රකාශයක් ගත්තා.

මා රෝහල්ගත වීමට ටිකට් එකක් ඉල්ලූවාට දුන්නේ නැහැ. ඉන්පසු මා නිවසට පැමිණියා. රාත‍්‍රියේ මට අමරු වුණා. රාත‍්‍රි 9.30 ට පමණ මා අලූත්ගම රජයේ රෝහලට ගියා. පසුදින 2015.07.01 මාව නාගොඩ මහ රෝහලට මාරු කළා. 06 වන දින කද්වා නෙන්වාසික ප‍්‍රතිකාර ලනු ලැබුවා.

2015.07.07 වන දින උදේ 8.30 වැලිපැන්න පොලීසියට ගියා. එහිදී නැවත මාගෙන් ප‍්‍රකාශයක් ලියාගන ස්ථානාධිපතිවරයා මාව හා බිරිඳව මතුගම මහේස්ත‍්‍රාත් අධිකරනයට පිටත් කර හැරියා. එහිදී මා දැනගත්තා වැලිපැන පොලීසිය මාව, බිරිඳව හා ඉන්දුක කුෂාන් ව විත්තිකරුවන් කර 81 වගන්තිය යටතේ නඩුවක් පවරා ඇති බව.
එදින අපව ඇප මත මුදා හැරියා.

2015.07.21 දින නඩු වාරයේදී සමථ වීමක් ලෙෂ සටහන් කර නඩුව අවසන් කරණු ලැබුවා.

මේ ආකාරයට ඉන්දුක කුෂාන් ව වැලිපැන්න පොලීසිය බේරා ගැනීම සසඳහා අධිකරණයට කරුණු වසන් කර වාර්ථා කර අධිකරණය නොමග යවා ඇති බව ප‍්‍රකාශ කරමි.

වැලිපැන්න පොලීසිය තුළදී මටත් බිරිඳටත් පහර දී, මට බරපතල තුවාල කිරීම පිළිබඳව මේ දක්වාම පොලිස්ථානාධිපතිවරයා අධිකරනය හෝ උසස් පොලිස් නිලධාරීන් හෝ දැණුවත් කර නොමැත.

මේ ආකාරයට වැලිපැන්න පොලීසිය ඉන්දුක කුෂාන් ට එරෙහිව නීතිමය පියවර ගනු නොලබන්නේ ඔහුට ඥතති සම්බන්ධකම් දක්වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිටින නිසාය. අවශය වුවහොත් ඔවුන්ගේ නම්ගම් හෙළි කළ හැකිය. මීට පෙර අවස්ථා කිහිපයකදීම මොහුව අපරාධ වලින් බේරාගන ඇත.

මා ඉල්ලා සිටින්නේ පොලිස් ඥති සම්බන්ධකම් උඩ අපරාධකාරයකුට බේරී සිටීමට ඉඩ ෂලසා නෙදෙන ලෙසට හා මෙම ක‍්‍රියාව මගින් මාගේ මූලික අයිතිවාසාකම් උල්ලංඝණය කර ඇති බවය.

මෙයට,

ප‍්‍රනාන්දු සම්පත් අනුර කුමාර








No comments:

Post a Comment