Wednesday, December 9, 2015

මානව හිමිකම් කොමිෂමේ කල් ඉකුත් වූ බඩුවක් ....................


මෙම කල් ඉකුත් වූ බඩුව ගැන ප‍්‍රකාශ කරන්නේ, දැනටමත් කොමිෂමේ නීති නිලධාරිණියක් ලෙසට කටයුතු කරන නීතිඥ රෝෂනී හෙට්ටිගේ නැමැත්තිය විසිනි. 

මෙම නීති නිලධාරිණී නීතිඥ රෝෂනී හෙට්ටිගේ කියන පරිදි, කල් ඉකුත් වීම නිසා භාවිතයෙන් ඉවත් කර ඇත්තේ පැමිණිල්ලකට අදාල සම්පූර්ණ ලිපි ගොනුවයි. 

2008 වසරේදී තම පුතාව මොරටුව පොලීසිය නීති විරෝධීව රඳවාගෙන වධ දීම, බොරු නඩු දැමීම අදාලව කරණු ලැබූ පැමිණිල්ලකට අදාල, මෙම ලිපි ගොනුව කල් ඉකුත් වී ඇති බවට මෙම නීති නිලධාරිණී නීතිඥ රෝෂනී හෙට්ටිගේ නිගමනය කළේ ඇයි?

මෙම ප‍්‍රශ්නය ඉදිරියේදී විසඳිය යුතුව තිබේ.

”බඩු” කල් ඉකුත්වන බව සැබෑවකි. එසේ කල් ඉකුත්වන ”බඩු” භාවිතා කරන්නන් විසින් ඉවත් කර ”නව බඩුවක්” ගැනීම සිදු කරයි.

නමුත් නීතිඥ රෝෂනී හෙට්ටිගේ කල් ඉකුත් වූ බඩුවක් ලෙසට ඉවත් කර ඇත්තේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින බරපතල මූලික අයිතිවාසිකම් නඩුවකට අදාල, එච්.ආර්.සී./3552/08 දරන ලිපි ගොනුවයි.

ආකෘතිය ගත් කළ ඉතා සුන්දර එහෙත් අන්තර්ගතය ගත් කළ වැඩකට ගත නොහැකි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කල් ඉකුත් වූ බඩු පසුගිය කාල පරිච්ෙඡ්දයේ කොමිෂම ලබාගෙන තිබූ බව කොමිෂම ඇසුරු කරන සියලූ දෙනා දන්නා කරුණකි.

රාජපක්ෂ රෙජිමය මානව හිමිකම් කොමිෂම ඇතුලූ රාජ්‍යය ආයතන, සංස්ථා, අධිකාරී, ¥ෂණයට අල්ලසට ගොදුරු කර පරිපාලනය බිඳ දමන ලදි. හිතා මතා සැලසුම් සහගතව මෙම ආයතන, තම දුෂ්ඨ අභිප‍්‍රායන්ට නතු කර ගැනීමට උපයෝගී කර ගත්තේ ”කල් ඉකුත් වූ බඩු” ලංකර ගැනීමෙනි.

ඉදිරියේදී මෙම පැමිණිල්ල අදාල සම්පූර්ණ වාර්තාවක් කොමිෂන් සභාවට ඉදිරිපත් කර එය ජනතාව අතට පති කිරීමට ජනසංසදය පියවර ගන්නා බව ප‍්‍රකාශ කරමු. 

No comments:

Post a Comment