Wednesday, February 3, 2016

දැරියක් දුෂණය කළ බවට චොදනා ලැබ සිටින රැුඳවියකුට ක`ඵතර බන්ධනාගාර නිලධාරින් අමානුෂික ලෙස පහරදෙයි


තම සැමියාට බන්ධනාගාර නිලධාරින් අමානුෂික ලෙසට පහර දෙන බවට චොදනා කරන බිරිඳ, චොදනා ඔප්පු වුනත් ශාරිරික වධදීමට බන්ධනාගාර නිලධාරින්ට අයිතියක් නැති බව පෙන්වා දෙයි.

බාලවයස්කාර තරුණියක් දුෂණය කළ බවට වන චොදනාවකට, තම සැමියාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් 2016.01.30 වන දින, රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබු බව ප‍්‍රකාශ කරන චාන්දනී මිය, ඔහුට බන්ධනාගාර නිලධාරීන් අමානුෂික ලෙසට පහරදි ඇති බව පැමිණිලි කර සිටි.

ඇය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට, මානව හමිකම් කොමිසමට හා පොලිස්පතිට පැමිණිලි කරමින් ඉල්ලා සිටින්නේ පහර දීම වහාම නතර කරන ලෙසට, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියකු ඉදිරියට පමුණුවා වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසට හා පහර දුන්න බන්ධනාගාර නිලධාරීන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

යම් වරදක් කළ බවට චොදනා ලැබුවන්ට, එනම් සැකකරුවන්ට වධ දීම යුක්තිසහගත කිරිමට සහ එ් ගැන සතුටුවීමට බහුතරය පුරුදු වි සිටිති. චොදනාව කුමක් වුවත්, දඬවම නියම කිරිමේ වගකිම අධිකරණය සතුය. රිමාන්ඞ් භාරයට පත්කිරිම දඬවමක් නොවේ. අධිකණය වරදකරු කොට බන්ධනාගාර ගත කරනු ලැබුවන්ට ද ශාරිරික දඬුවම් පැමිණවීමට බන්ධනාගාර නිලධාරින්ට සිදු කල නොහැක.  

1 comment:

  1. REDFEED redfeed.pointof.org බ්ලොග් ඇඩ්මින්වරුන්හට තමාගේ බ්ලොග්ස්පොට් හෝ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවි වෙත පරිශීලකයන් ආකර්ශනය කර ගැනීම සඳහා මෙන්ම හා දැනට පවතින සිංහල බ්ලොග් කියවනයන් තුල ( ෆීඩ් ඇග්‍රිගේටර්වල / සින්ඩීකේටර්) පවතින දුර්වලතා මග හැරෙන ලෙස මෙය නිර්මාණය කර ඇත. පිවිසෙන්න මෙතනින් -->

    ReplyDelete