Sunday, August 21, 2016

පොලිස් දුෂණ මින්පසු ඉවසන්නේ නෑ - ජාතික පොලිස් කොමිෂන් සභාව


ශ‍්‍රී ලංකා පොලිසියේ මුල් බැස ගෙන තිබෙන අල්ලෂ හා දුෂණ පිටු දැකීම සඳහා - දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට, ජාතික පොලිස් කොමිෂන් සභාව හා අල්ලස් හා දුෂණ පිටු දැකීමේ කොමිෂන් සභාව එ්කාබද්ධව වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට, පියවර ගෙන තිබේ.

මේ සඳහා නව තාක්ෂණය යොදා ගැනීමටද, සිවිල් සමාජ සංවිධානවල සහය ලබා ගැනීමටද අපේක්ෂා කරයි. 

මේ දක්වාම, කිසිම රජයක් පොලිස් දුෂණ පිළිගැනීමට සූදානම් වූයේ නැත. 

ජාතික පොලිස් කොමිෂම් සභාව, පොලිස් දුෂණ තුරන් කිරීමට උපරිම පියවර ගන්නා බවත්, එ් සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමටත්, අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව හා එ්කාබද්ධ වීමට තීරණය කර තිබේ.

පොලිස් නිලධාරීන් අල්ලස් ගන්නේ, දුෂණයේ යෙදෙන්නේ, ඔවුන්ගේ වැටුප් මදි බවට, ඊනියා බුද්ධිමතුන්, දේශපාලකයින්, පූජකයින් දරන මතය තරයේ ප‍්‍රතික්ෂේප කරන ජාතික පොලිස් කොමිෂන් සභාව, මේ රටේ ජනගහනයෙන් සියයට 80ක්ම දුප්පතුන් බවත්, එසේ නම් ඔවුන් සියලූ දෙනාම සොරකම් කළ යුතු බවත් පෙන්වා දෙයි. එමෙන්ම එ් සොරකම් කිරීම්, සාධාරණීය කළ යුතුව ඇත.

පොලිස් දෙපාර්ථමේන්තුවේ පවතින නීතිරීති ක‍්‍රියාවට නැංවීමට පියවර ගැනීම හා පොලිස් නිලධාරීන් ගරුත්වයක් ඇති පිරිසක් බවට පත් කිරීමද පොලිස් කොමිෂන් සභාවේ අරමුණ වී තිබේ.

මෙම කරුණු ඉදිරිපත්වූයේ පසුගියදා අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව සමග පොලිස් දුෂණ පිටු දැකීමේ වැඩසටහනේදීය. මෙම වැඩසටහනට - නීතිය හා සාමය අමාත්‍යංශය හා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව තිබිණ.

No comments:

Post a Comment