Tuesday, February 21, 2017

පොලිස් කෙරුම් ලොවට හෙලි කළ වීඩියෝවට පස්සෙන් පන්නනවාද ?



පොලිස් වාහන අංක යොදාගෙන, අපරාධ්‍යක් කිරීමට ගත් උත්සාහය පිළීබඳ පොලිසියේ නිහඬතාවය සහතික කරන්නේ අපරාධකරුවන් පොලිස් කාරයින් නිසාද ?

මෙම ප‍්‍රශ්ණය මතුව ඇත්තේ, බුලත්සිංහල ප‍්‍රදේශයේ ලිහිසි තෙල් ව්‍යාපාරිකයකු වූ මදුරංග මයා විසින් කරන ලද පැමිණිල්ලකට සති දෙකක් ඉකුත්ව ඇතත් නිසි ක‍්‍රියා මාර්ග ගැනීමට පොලිසිය අසමත්වීම නිසාය.

මෙම සිද්ධියට දෙවසරකට පමණ පෙර, ඉංගිරිය ප‍්‍රදේශයේ ගමන් කරමින් සිටි ත‍්‍රී රෝද රථය පසු පස හඹා ආ, ඉංගිරිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක්, ඔවුන් හරස් කොට නතර කර, අණ නොතකා ගමන් කලා යයි වන චෝදනාව කළේය.

මාර්ගයේ විරුද්ධ පැත්තේ සිට, නැවැත්වීමට යයි කරන ලද සංඥව, තමන්ට නොවන බව සිතා, නොනවතා ඉදිරියට ගමන් කළ බව රියදුරු හා ගමන් ගත් මගියා පොලිස් නිලධාරින්ට කියා සිටින ලදි. එමෙන්ම තමන්ට නොනවත්වා යෑමට කිසිදු හේතුවක් නොමැති බවද පෙන්වා දෙන ලදි. 

මෙම කරුණු දැක්වීම, මොහොතකින් වාග් සංග‍්‍රාමයක් බවට පත්විය. අසල සිටි අයෙක් එය වීඩියෝ කර, සති දෙකකට පමණ පසුව අන්තර්ජලයට එක්කර තිබින. මේ වන විට එය නරඹා ඇති සංඛ්‍යාව දස දහසක් පමණ වේ. තවද මෙය හිරු ප‍්‍රවෘත්ති ඔස්සේද ප‍්‍රචාරය විය. 

                                                    වීඩියෝව  

මෙය ප‍්‍රචාරය විමෙන් පසුව මදුරංග මයාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා, ප‍්‍රකාශ සටහන් කරගනු ලැබීය. තමන් සිද්ධිය වීඩියෝ නොකල බවත්, මාධ්‍යයට ප‍්‍රකාශ ලබා නොදුන් බවත්, තමන් විඩියෝව අන්තර් ජාලයට එක් කිරිම පිළිබඳ කිසිත් නොදන්නා බවත්, අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමක් අවශ්‍ය නොවන බවත්, එම පරීක්ෂණ වලදී ප‍්‍රකාශ කල බව කියා සිටී.

මෙම පොලිස් නිලධාරීන් හෝ ඔවුන්ගේ අනුගාමකයින් මෙසේ තමන් පසුපස එලවනවාද යන සැකය ඔහු තුල පවතී.

ඔහු පොලිස්පති ගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ, මෙම ස්දිධිය පිලිබඳව, එනම් පොලිස් වාහන අංක යොදාගෙන, අපරාධයක් කිරීමට ගත් උත්සාහය පිළීබඳව,   අධිකරණයට වාර්තා කරන ලෙසත්, නිසි විධිමත් පරීක්ෂණයක් පවත්වා, අදාල පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත්ය.

2017.02.06 දින පැමිණි ත‍්‍රී රෝද රථයේ අංකය WP/QG 6873වේ. මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවට අනුව මෙම අංකය නිකුත් කර ඇත්තේ පොලිසියට අයත් ක‍්‍රීම් පාට ත‍්‍රී රෝද රථයටය.


No comments:

Post a Comment