Saturday, March 11, 2017

පොලීසියේ සිදුකරන සාක්ෂි වසන් කිරීම් වලින් ආරක්ෂා කරදෙන්න.


අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සභාපතිගෙන් මෙම ඉල්ලීම කරන්නේ, නවදගල පදිංචිකාරියක් වූ රම්‍යලතා මහත්මියයි.

අප රටේ මහජන මුදලින් නඩත්තු කරන තවත් එක් අධිකාරියකි, අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජතික අධිකාරිය.

රම්‍යලතා මහත්මියට ඇසට දමන්නට දෙන ලද බෙහෙත වෙනුවට කණට දැමීම සඳහා වූ බෙහෙතක් නිකුත් කළ ඌරගස්මංහන්දිය ගුණවර්ධන ෆාමසියේ අයිතිකරු බේරාගැනීමට ක‍්‍රියා කරන ඌරගස්මංහන්දිය පොලිසිය ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප‍්‍රසන්නට එරෙහිව කරන ලද පැමිණිල්ලක මූලික කරගෙන ඉහත ඉල්ලීම කර තිබේ.

ඇය, මෙම ජාතික අධ්කාරියට යවන ලද ලිපිය පහත දක්වමු. එමගින් රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටී තිබෙන තරම හා පෙලීසියේදුෂිත තත්ත්වය මොනවට පැහැදිළිවනු ඇත.

කොට්ටහච්චිගේ රම්‍යලතා 
නවදගල 
2017.02.16

සභාපති
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් 
ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
අංක 428/11, පළමු මහල
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
බත්තරමුල්ල


මහත්මයාණෙනි

ඌරගස්මංහංදිය ”ගුණවර්ධන ෆාමසිය” මගින් 
වැරදි බෙහෙතක් නිකුත් කිරීම නිසා අර්ධ අන්ධභාවයට පත්වීම

උක්ත කාරණයට අදාලව මා විසින් අධිකරණ අමාත්‍යාංශයේ, ලේකම් වෙත යොමු කළ 2016.11.07 දාතමින් යුතු ලිපිය ඔබගේ අවධානය හා අවශ්‍ය කටයුතු සඳහා ඔබ වෙත යොමු කර එහි පිටපත මා වෙත එවා තිබේ. එ් 2017.01.23 දිනය.

එ් අනුව, මෙම කරුණු ඔබ වෙත ඉදිරිපත් කරමි.

1. මා පළමුවෙන්ම වින්දිතයකු බවට පත්කරන ලද්දේ ඌරගස්මංහන්දිය ගුණවර්ධන ෆාමසියේ අයිතිකරු විසිනි.

2. එ් පිළිබඳ පැමිණිල්ල මා ඌරගස්මංහන්දිය පොලීසියට කළෙමි. එ් යුක්තිය ඉටු කර ගැනීම සඳහාය.

3. නමුත් ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්ත ක‍්‍රියා කළේ වැරදි බෙහෙත් නිකුත් කර මා අර්ධ අන්ධභාවයට පත් කළ ෆාමසියේ අයිතිකරු ශාන්ත ගුණවර්ධන නැමැත්තා බේරා ගැනීමට පියවර ගැනීම ය.

4. අපරාධයක් සිදුකළ පුද්ගලයකු බේරා ගැනීම සඳහා ක‍්‍රියාකරමින් අපරාධයක් වසන් කිරීමට පියවර ගන්නා ලද ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට එරෙහිව නීතිමය හා විනය පියවර ගෙන, වැරදි ආකාරයට අධිකරණයට ගොනු කළ වාර්තාව සංශෝධනය කරන ලෙසට ඉල්ලමින් පොලිස්පතිට පැමිණිලි කළෙමි.

5. පොලිස්පති එකී පැමිණිල්ල ගාල්ල නියෝජ්‍ය පොලිස්පති, ඩබ්.කේ ජයලත් මයා වෙත යොමුකරන ලද බව මට දන්වන ලදි.

6. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති, ඩබ්.කේ. ජයලත් මයා කළේ ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයේ සා.පො.අ. පුස්සැල්ල වෙත යොමු කිරීමය.

7. ඔහු මා ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරන ලදි. ඉන් අනතුරුව මා ලිංගික අතවරයට ලක් කළේය.

8. මා එ් පිළිබඳ ව පොලිස්පති වෙත පැමිණිල්ල නැවත කරන ලදි.

9. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ගාල්ල මා ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරගෙන චෝදනාව සංශෝධනය කරන බවට පොරොන්දු විය.

10. මේ අනුව මාගේ පැමිණිලි සම්බන්ධයෙන්, ඇල්පිටිය සා.පො.අ. පුස්සැල්ල හා ගාල්ල නියෝජ්‍ය පොලිස්පති, ඩබ්.කේ. ජයලත් මා ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත. 

11. මෙම අපරාධය කළ ගුණවර්ධන ෆාමසියේ අයිතිකරු බේරා ගැනීමට, අපරාධය යට ගැසීමට,

(1) ඌරගස්මංහන්දිය රෝහලේ වෛද්‍ය සිරිසේන

(2) ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත්
              ප‍්‍රියන්ත  

(2) ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඞී.එම්.එස්. පුස්සැල්ල 

(3) ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති, ඩබ්.කේ 
              ජයලත් ක‍්‍රියා කරමින් යළි යළිත් වින්දිතයකු බවට පත් කරන 
              ලදි.

        (4) නිසි නීතිමය පියවර ගැනීමට හා විධිමත් පරීක්ෂණයක් කිරීමට 
              අසමත්ව ඇති පොලිස්පති වරයා ද මා වින්දිතයෙකු බවට 
               පත්කර ඇත.

ඔබට මා ප‍්‍රකාශකර සිටින්නේ,  

මා හට වරුදි බෙහෙතක් නිකුත් කළ ඌරගස්මංහන්දිය ගුණවර්ධන ෆාමසියේ අයිතිකරු ගෙන්
මට කිසිදු තර්ජනයක් නැත. බලපෑමක් නැති බවද, 

තර්ජන, බලපෑම් හා නීතිය ක‍්‍රියාත්මක නොකරන; ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්ත, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඞී.එම්.එස්. පුස්සැල්ල හා ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති, ඩබ්.කේ. ජයලත් යන අය ‘‘නීතිය’’ ක‍්‍රියාත්මක කිරීම පැහැර හරිමින් යළි යළිත් මා වින්දිතයකු බවට පත් කරමින් සිටින බවය.

එම නිසා, මා ඉල්ලා සිටින්නේ, නොපමාව, පොලීසියේ නීති විරෝධී ක‍්‍රියාවලින් සාක්ෂි වසන් කිරීම් වලින් ආරක්ෂා කර දෙන ලෙසටය.

අධිකරණයට නිසි පරිදි වාර්තා ඉදිරිපත් කර චෝදනා ඉදිරිපත් කරන ලෙසටය.

මෙම කාරණයට ඔබ අධිකාරිය මැදිහත්ව යුක්තිය ඉටුකර දීමට පියවර ගත හැකිද යන්න දන්වන ලෙසට ඉල්ලමි.

පිළිතුරු අගය කරමි,

මෙයට,

කොට්ටහච්චිගේ රම්‍යලතා 

පිටපත,
මංජුලා රත්නායක මිය
සහකාර ලේකම් (නීති)
අධිකරණ අමාත්‍යංශය            
රිමාධිකරණ සංකීර්ණය
කොළඹ 12   
MOJ/L7/(B)/4/3/2016 –  2017.01.23     දින ලිපිය හා බැෙ``ද්.
                                                




No comments:

Post a Comment