Saturday, March 11, 2017

ස්වර්ගයට යන්න තියෙන පාරේ මිනිසුන්ට යන්න දෙන්න බැරිලූ


රාජපක්ෂ රෙජිමය විසින් අගවිනිසුරු ලෙසට වැඩ කරන්න පත්කළේ කුප‍්‍රකට මොහාන් පීරිස්ව. එම වකවානුවේ මොහු සිය පදවිය දඩමිමා කරගෙන, පදනම් විරහිත, ද්වේෂසහගත ‘‘පැමිණිල්ලක්’’ මත, විනිසුරුවරයෙකුට ඉල්ලා අස්වන්න යයි බලකර සිටින ලදි. එය අසාර්ථක වු පසුව එම විනුසුරුවරයාගේ වැටුප් වර්ධක නවතා, උසස්වීම් ලබා නොදි විශ‍්‍රාම යෑමට සැලැස්විය.

නමුත්, මොහාන් පීරිස්ගේ බලපෑම, බල කිරීම නිර්භයව ප‍්‍රතික්ෂේප කළ විනිසුරුවරයා, තමාට චෝදනාවක් එල්ලවී ඇතිනම්, එ් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටියද, එයට ඉඩ නොදි, සම්බන්දකම් උපයෝගි කරගෙන වධදෙන්නට පටන් ගති. 

මොහාන් පීරිස් මෙම විනිසුරුවරයාට ඉල්ලා අස්වන ලෙසට බල කර සිටිමට දඩ මිමා කරගත්තේ, ”පොලිස් නිලධාරියකු” ලෙසට සඳහන් කළ නිර්නාමික ව, අල්ලස් හෝ ¥ෂණ විමර්හණ කොමිෂමට ඉදිරිපත් කර තිබු, පදනම් විරහිත ද්වේෂසහගත ”පෙත්සම” ක් පදනම් කරගෙනය.

අල්ලස් හෝ ¥ෂණ විමර්හණ කොමිෂම වසර පහක් ගතව ඇතත් මෙම නිර්නාමික පදනම් රහිත, ද්වේෂසහගත පෙත්සම, පිළිබඳව පියවර ගැනීමක් සිදුකර නොමැත. මෙම විනිසුරුවරයා, එක්කෝ නඩු පවරන්න, නැතිනම් නිෙදාස් කරන්න යන ඉල්ලීම කලද, කොමිෂම මෙතෙක් පියවර ගෙන නොමැත.

එ් මොහාන් පීරිස් ගේ අවශ්‍යතාවය ඉටුකරන්න එවක කොමිසමේ සභාපති ධුරය දරු හිටපුු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයා ද ක‍්‍රියා කළේය. අවාසනාවට, එම පිරිස ඉවත් කර වසර දෙකක් ගතව ඇතත්, කොමිෂමේ වත්මන් ප‍්‍රධානීන්නද මේ පදනම් විරහිත ද්වේෂසහගත ”පෙත්සම’’ ගැන පියවරක් ගන්නේ නැත.

මොහාන් පීරිස් මෙම විනිසුරුවරයාට එරෙහිව ක‍්‍රියාත්මක වූයේ, කතෝලික සභාව විසින් පවරන ලද නඩුවකදී, බලපෑම් වලට යටත් නොවී, නීතියට අනුව නඩු තීන්දුවක් ලබාදීම නිසාය. කතෝලික සභාවට අයත් මොරටුව ප‍්‍රදේශයේ සුසාන භූමියකට යන පාර, අසල නිවැසියන් විසින් භාවිතා කිරීම වළක්වන ලෙසට ඉල්ලමින්, කතෝලික සභාවේ කොළඹ බිෂොප් වරයා මොරටුව දිසා අධිකරණයේ මෙම නඩුව පවරා තිබින.

නිවැසියන් කියා සිටියේ කාලයක් මු`ඵල්ලේ බාධාවකින් තොරව, නිවාසවලට යෑමට අදාල පාර භාවිතා කල බවත්, එ් සඳහා වෙනත් පාරක් නොමැති බවත්ය.

නීතියට අනුව, පාරේ අයිතිය නිවැසියන්ට හිමි බව, නඩුවේදී තීරණය විය. නිවැසියන්ට පාර අහිමි කරමින්, පල්ලියට පක්ෂපාතී තීන්දුවක්, මොහාන් පීරිස් ”අගවිනිසුරු” සිටියදීත් ලබා ගන්නට, බොහෝ භක්තිකයින්ගේ කෝපයට කනස්සල්ලට හේතු වන්නට ඇත.

මෙම නඩු තීන්දුව අසන්නතම හේතුව වුවද, මෙම විනිසුරුවරයා විසින්, පොලිසිය විසින් සිදුකරන ලද මිනිස් ඝාතන වලදී, බොරු නඩු දැමීම් වලදී, නීතිය අනුව තීන්දු දීම නිසා, පොලිසියද ආණ්ඩුවද රජයද අපහසුතාවයට පත්වී ම ස්වාභාවික විය.

නිවටයෙකු වු මොහාන් පීරිස් ගේ බසට අවනත වන්නට තරම් මෙම විනිසුරු නිවට නොවීය. 
මොහාන් පීරිස් කළේ, මෙම විනිසුරුවරයාගේ වැටුප් වර්ධක නතර කරවීමය. උසස්වීම් නොලැබීමට වගබල ගැනීමය. මෙම තත්වය පිළිබඳව මෙම විනිසුරු මේ වන විට මූලික අයිතිවාසිකම් නඩුවක්ද ගොනු කර තිබේ.

මෙම කාරණය පිලිබඳව ආසියානු මානව හිමිකම් කොමිෂම ද, අධිකරණ සේවා කොමිෂමේ ලේකම් වරයාට ලිපියක් මගින් කරුණූ දක්වා තිබේ.

පදනම් විරහිත හා ද්වේෂසහගතව, මෙම විනිසුරුවරයාගේ වැටුප් වර්ධක නැවැත්වීම, ඔහුට උසස්වීම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිකිරීම, නීතියේ ආධිපත්‍යයට හා විනිසුරුවරයාගේ ස්වාධීනත්වයට එරෙහි ක‍්‍රියාවක් බවත්, එම නිසා එය නිවැරදි කරන ලෙසටත් ආසියානු මානව හිමිකම් කොමිෂම රජයෙන් ඉල්ලා තිබේ.



No comments:

Post a Comment