Thursday, April 20, 2017

ගිණි තැබූ අය බේරන්න පයියාගල පොලිසිය පොඩි එවුන්ට තලයි.



නිවසක් සම්පූර්ණයෙන් ගිණි තබා, පුරසාරම් ෙදාඩමින් පොලිසියට ගිය එවුන්ව බේරනන්ට - පොඩි එවුන්ට තලන්නට පයියාගල පොලිස් ස්ථානාධිපති එඩිතර වෙයි.

මේ පයියාගල පොලිස් වසමේ 2017.04.18 වන දින රාත‍්‍රී 8ට පමණ සිදුවූ සිද්ධියකි. පොලිසියට හා දේශපාලකයින්ට ඇම්බැට්ටකම් කරන තානාපති - මේ අපරාධය පිටුපස සිටින බව විපතට පත් නිවැසියන් කියා සිටී. 

ගෘහ මූලිකාව පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් බොහෝ කරුණු හෙළි දරව් වේ. එම පැමිණිල්ල පහත දැක්වේ.



පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නිවසක් ගිණී තැබූ අපරාධකරුවන්ව බේරා ගැනීට පයාගල පොලිසිය දරන උත්සාහය වලක්වාලන ලෙසට කරන ඉල්ලීම.

පුෂ්පරාණි, වු: 37 යි, විවාහක, දරුවන් 02යි, ක`ඵතර උතුර.

2017.04.19 දිනදීය.

2017.04.18 දින, රාත‍්‍රී 8.00 පමණ, මමත් දරුවන් දෙන්නාත් සමග, සැමියා ගෙදර එනවා බලන්න මලේගොඩ පන්සල පාරට ආවා. එසේ එන විට කටුකුරුඳු වත්ත ගාඞ්න්ස් හි පදිංචි සුසන්ත, ඔහුගේ ලොකු පුතා උදයාංග, පොඩි පුතාලා දෙන්නා වන කවී හා තනුක අපව නවත්වා, සැමියාව කපලා කොටලා මරලා ගෙටදාලා ගේත් එක්ක ගිනි තියනවා කියා තර්ජණය කලා. අප ඉදිරියට යන විට, ලූෂන් නැමැති අය යතුරු පැදියකින් අප අසලට පැමිණ, අපි ගේ ගිණි තිබ්බා, අපි පොලිසියට යනවා, උඹව කුඩු කරනවා කිව්වා. ලූෂන් නැමැති අය සමග, දිල්හානි, සුසන්ත හා උදයාංග ද එ් සමග යතුරු පැදියෙන් අප පසුකර, ලූෂන් සමග ඉදිරියට ගියා. මම 119 ට කතා කරලා සිද්ධිය වාර්තා කලා. ටික වේලාවකින් යතුරු පැදියෙන් 119 නිලධාරින් පැමිණියා. එවිට අපි හිටියේ මලේගොඩ පන්සල ලඟ. ඊට පස්සේ ගිණි නිවන හමුදාවෙන් ද පැමිණියා. විදුලි බල මණ්ඩලයෙන්ද ආවා. 119 නිලධාරීන් කිව්වා අපිට පොලිසියට යන්න කියලා. 

මාගේ පැමිණිල්ල ලියා ගත්තා. ලදු පතක් ඉල්ලූවත් දුන්නේ නැහැ. ස්ථානාධිපති එනකම් ඉන්න කිව්වා. පැය බාගයකට පමණ පසුව ස්ථානාධිපති පැමිණියා. ආපු ගමන් ස්ථානාධිපති කිව්වා ගේ  ගිනිතියලා තියෙන්නේ අපි කියලා. 

ඉන්පසු ලොකු පුතා ඉසුරු  - අවු: 13යි, හිෂාන්  - අවු: 09යි, දෙන්නාව ස්ථානාධිපතිගේ කාමරයට අඬගහගෙන ගියා. කාමරය තුලදී, ඔවුන් දෙන්නාට යකෝ, තොපි , උඹ, බන්, බොලාට කියමින් තර්ජණය කරමින්, උඹලා නේද ගෙට ගිණි තිබ්බේ කියමින් අසා තිබුනා. ඔවුන්ව පරිවාසයට දාන බවටද තර්ජණය කර තිබේ. ස්ථානාධිපති ඞීසල් වලින්ද, භූමිතෙල් වලින්ද, ඉටිපන්දම් වලින්ද පිච්චුවේ ආදී වශයෙන් අසා තිබුනා. පිච්චුනු බව පිළිගත්තොත් ගේ හදලා දෙන බවටද පොරොන්දු වී තිබෙනවා. 

එ් ආකාරයෙන් විනාඩි 30ක් පමණ ඔහු, පුතුන් දේනනාව කාමරයක තියාගෙන මානසිකව වධ දුන්නා. මාගේ ලොකු පුතා ඉසුරු ස්නායු රෝගයකින් පෙළෙන බව මා ප‍්‍රකාශ කලද, ඔහු ගණන් ගත්තේ නැහැ. 

ඉන් පසුව මට පට්ට බැල්ලී තොට ගහලා කුඩු කරනවා, ආදී වශයෙන් බැණ තර්ජණය කලා. ඔහු මට වරද පිළිගනින්  කියා තර්ජණය කලා. වරද පිිළිගත්තේ නැතිනම් පුතාලා දෙන්නාව පරිවාසෙට දානවා කිව්වා. 

විනාඩි 10ක් විතර එසේ තියාගෙන සිට, පැමිණ සිටි මාගේ සැමියා වන ල කුමාරව (අවු: 36) ස්ථානාධිපතිගේ කාමරය තුලට ගත්තා.   

ඔහු සැමියාටත් තර්ජණය කර, කුඩු ගහන බවට චෝදනා කර, උඹේ ගෑනි තමයි ගෙට ගිණි තියලා තියෙන්නේ කියා තර්ජණය කලා.

දැනට අපිට පදිංචියට තැනක් පවා නැත. ඇදි වත පමණක් ඉතිරිව ඇති අතර, දරුවන්ගේ පොත්පත් ඇතුලූ සිය`ඵම දේ ගින්නෙන් විනාශ වී තිබේ. විනාශ වූ දේපල වල වටිනාකම ලක්ෂ පහක් පමණ වේ.

ප‍්‍රසිද්ධියේ තර්ජණය කරමින් ගෙට ගිණි තැබූ,
1. ලූෂන් (තානාපති ලෙසට ප‍්‍රසිද්ධ, පොලිසිය හා දේශපාලකයින් හා සම්බන්ධ),
2. සුසන්ත (පෙදරේරුවෙකි - ලූෂන් යන අයගේ මිත‍්‍රයෙකි)
3. උදයාංග - (සුසන්ත යන අයගේ පුතා)
4. කවී හා තනූ (සුසන්ත යන අයගේ පුතුන් දෙන්නා)
කිසිවකු මේ දක්වා, අත්අඩංගුවට ගෙන නැත.

එමෙන්ම මෙම ගිණි තැබීම , අධිකරණයට වාර්තා කිරිමටද පියවර ගෙන නැත. 

ඉහත සැකකරුවන් හා පොලිසිය සමග පවත්වන හිතවත්කම් මත, නිවසක් ගිණි තැබීමේ බරපතල අපරාධය වසන් කිරීමට, පොලිසිය සූදනාම් වීම වළක්වාලන ලෙසට ඉල්ලමි. 

එමෙන්ම, නොපමාව අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,

පුෂ්පරාණි,

No comments:

Post a Comment