Wednesday, April 19, 2017

කිරිබත්ගොඩ පොලිස් අපරාධකරුවන් රැකීම යහපාලනයද ?



කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති, සැරයන්වරයෙක් හා කොස්තාපල් වරයෙක් - පුද්ගලයකු දින 10ක් රඳවාගෙන, වධ දී, අධීකරණයටද බොරු කියා ඇත.

ඔවුන් නම් පිළිවෙලින් එදිරිසූරිය පටබැඳිගේ චමින්ද, එච්.එ්.ඞී.රුවන් විරාජ්, පර්සි දිසානායක හා සූරිය රුවන්ය.

2017 මාර්තු මස 03 වන දින ප‍්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට අනුව, ඉහත නිලධාරීන්, ජා ඇල, කජුවත්තේ, කේ.සී.සී.ඉන්ජනියරින් පුද්ගලික සමාගමේ අයිතිකරු බී.කාර්මර් නැමැත්තා සමග එක්ව – කඩවත ලක්ෂ්මන් ද සිල්වා හා ඔශුගේ බිරිඳ අජන්තා වීරසිංහව නීති විරෝධීව රඳවාගෙන, ලක්ෂ්මන් ද සිල්වා ට වධ දී ඇත.

2010.08.11 අජන්තා වීරසිංහව අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිසියට ගිය අවස්ථාවේදීය.

2010.08.13 වන දින කාමර් සමග ලක්ෂ්මන් ද සිල්වා සිටි ස්ථානයට ගිය පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. 2010.08.26 වන දින දක්වා, ඔහුව කිරිබත්ගොඩ පොලිසියේ තබාගෙන වධ දී ඇත.

පොලූවලින් පහරදීම, මිරිස් පුරුෂ ලිංගයට දැමීම, කන් පෙති සිගරට් ලයිටරයකින් පිච්චීම, ඇහි බම පු`ඵස්සා දැමීම, යටිපතුල ගිනි අගුරුවිලන් පිලිස්සීම වධදුන් ආකාර අතර වෙති.

පොලිසිය, මොහුව අධීකරණයට ඉදිරිපත් කිරිමට පෙර තුවාල මකා දැමීමට දැඩි උත්සාහයක් ගෙන තිබින.

මොහුව රඳවා ගෙන සිටියේ, ත‍්‍රස්තවාදී ක‍්‍රීයා පිළිබඳව සැක පිට, රැුඳවුම් නියෝග මත බවට වන ව්‍යාජ ප‍්‍රකාශයක්ද මෙම පොලිස් නිලධාරීන් අධීකරණයට කර තිබින.

2010 දී, කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් බලය යොදාගෙන, කාර්මර් නැමැති ව්‍යාපාරිකයාගේ අවශ්‍යතායට ලක්ෂ්මන් ද සිල්වාට හා ඔහුගේ බිරිඳ අජන්තා වීරසිංහව නිති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධ දී ඉන් අනතුරුව අධිකරණයට බොරු කියා ඇත. 

මෙම සිද්ධීන් අහම්බයන් නොවේ. එදත් අදත් සිදුවේ.

මෙම පොලිස් අපරාධ වැළැක්වීම යහපාලන ආණ්ඩුවේ වගකීම වේ. පොලිසිය බාර ඇමති, එම ඇමතිගේ නායක අගමැති, පොලිස්පති හා පොලිස් කොමිෂමට ද වගකීම වේ.

ශ්‍රේෂ්ඨාධීකරණය විසින් දීර්ඝ නඩු තීන්දුවකින් වැරදි කරුවන් කරන ලද ඉහත සඳහන් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීම හා නීතිමය පියවර ගැනීම පොලිස්පතිගේ වගකීම වේ. එමෙන්ම පොලිස් කොමිෂමේද, අගමැති හා පොලිස් ඇමතිගේද වගකීම වේ.

ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන්ට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව 2016.10.20 දිනයට ගනු ලැබූ අතර, 2017.03.03 දින තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදි.

එම තීන්දුව අනුව, ඉහත නම් කල පොලිස් නිලධාරීන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 හා 13 (1) වගන්ති උල්ලංඝණය කරන ලද බවට තීන්දු කරනු ලැබීය.

එම තීන්දුවට අනුව, රජය, ලක්ෂ්මන් සිල්වාට හා අජන්තා වීරසිහංට වන්ද ිවශයෙන් රු: 50,000/= බැගින්ද, නඩු ගාස්තුව වශයෙන් රු: 25,000/= බැගින්ද, ගෙවිය යුතුය. මු`ඵ මුදල එකත්ලක්ෂ පනස්දාහකි.

එයට අමතරව, අජන්තා වීරසිංහ ට, ඉහත නිලධාරීන් සිව්දෙනාම රු: 5,000/= බැගින් වන්දියක් තම පුද්ගලික මුදලින් ගෙවිය යුතුව ඇත. මු`ඵ මුදල රුපියල් ලක්ෂයකි.

එමෙන්ම, එච්.එ්.ඞී.රුවන් විරාජ්, පර්සි දිසානායක හා සූරිය රුවන් යන නිලධාරින් තිදෙනා, ලක්ෂ්මන් ද සිල්වාට රුපියල් ලක්ෂ්‍ය බැගින් පුද්ගලිකව ගෙවිය යුතුය. මු`ඵ මුදල ලක්ෂ තුනකි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන වනසුන්දර, උපාලි අබේරත්නගේ එකඟතාවය අනුව, විනිසුරු එච්.එන්.ජේ. පෙරේරා විසින් තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදි. ලක්ෂ්මන් ද සිල්වා හා අජන්තා වීරසිංහ වෙනුවෙන් පෙනී සිටින ලද්දේ, පුලස්ති හේවාමාන සමග සුලක්ෂනා සේනානායක යන නීිතිඥවරුන්ය.



No comments:

Post a Comment