Friday, December 15, 2017

තෙවරප්පෙරුම ගේ, පොලිසියේ බලපෑම් වලට යට නොවී, හත් අවුරුද්දක් නඩු කියා දිනයි.



මතුගම පොලිසියේ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරප්පෙරුම ආරච්චිගේ උදය කුමාර උත්තරිතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

2010 ඔක්තොම්බර් 15 වන දින, මතුගම පොලිසියේ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක කුමාරප්පෙරුම ආරච්චිගේ උයද කුමාර, පියදාසව ව අත්අඩංගුවට ගෙන, අතින් පයින් හා පොලූවලින් පහර දී බරපතල තුවාල සිදු කරනු ලැබීය. අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් එ් බව තහවුරු කර තිබේ.

මෙම වධහිංසා පැමිණවීමට එරෙහිව පියදාස, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සම මගින් පියදාස කියා සිටියේ නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හා වධ හිංසා පැමිණවීම මගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම්, උදය කුමාර උල්ලංඝණය කර ඇති බවයි.

මෙයට සමගාමීව, ශ‍්‍රී ලංකා පොලිසියට ආවේණික වූ ක‍්‍රියාදාමය - අකුරටම පිළිපදිමින්, පියදාසට එරෙහිව නඩුවක් කුමාරප්පෙරුම ආරච්චිගේ උදය කුමාර, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලදි.

පියදාස, මූලික අයිතිවාසිකම් නඩුවක්, මතුගම ප‍්‍ර.පො.ප. උදය කුමාර ට එරෙහිව පවරා ඇති බව දැනගත්, පාර්ලිමේන්තු මංත‍්‍රී තෙවරප්පෙරුම, වහාම පියදාස හමුවට ගොස්, උදය කුමාර තම හිතවතකු බවත්, ඡුන්දයට ප‍්‍රයෝජනවත් අයෙකු බවත් ප‍්‍රකාශයක් කර, මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. 

පියදාස බලපෑම් වලට යටත් නොවී, වසර හතක් පුරා, මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යෑමට ක‍්‍රියා කළේය. එහි ප‍්‍රථිඵලය 2017.12. 06 දින ලැබින. 

පෙර සඳහන් කල පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය පියදාස ගේ ඉල්ලීම පිළිගෙන පියදාසට වන්දි වශයෙන් රුපියල් විසිදහසක් ගෙවන ලෙසට උදය කුමාරට නියම කළෙය. එයට අමතරව, රජයට රුපියල් පහලොස් දහසක් වන්දි වශයෙන්ද, රුපියල් දසදහසක් නඩු ගාස්තු ගෙවන ලෙසට නියම කළේය.

රජය වෙනුවෙන් මෙම වන්දිය හා නඩු ගාස්තුව ගෙවීමේ වගකීම බාර වන්නේ පොලිස්පති වරයාටය. පොලිස්පති එම මුදල ගෙවන්නේ රටවැසියන් ගේ බදු මුදලින්ය. මෙය සෑම රටවැසියෙකුගේම අවධානයට යොමුවිය යුතු කරුණකි.

සෑම දේශපාලකයෙකුම පක්ෂ පාට කූමක් වුවත් අවසානයේ දි  චන්දදායකයා අතහැර දුෂිත පොලිස්කාරයින් සමග අත් වැල් බැ`දගන්නා බව සහතිකය. මෙයද රටවැසියන්ගේ අවධානයට යොමු විය යුතුය.  

මෙම මූලික අයිතිවාසිකම් නඩුවේදී, පියදාස වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන සමග චාමර නානායක්කාරවසම් පෙනී සිටි අතර, ප‍්‍ර.පො.ප.උදය කුමාර වෙනුවෙන් උපුල් කුමාරප්පෙරුම සමග ලහිරු ගලප්පත්ති යන නීතිඥවරු පෙනී සිටින ලදි.

ශ්‍රේෂ්ඨාධීකරණයේ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක අලූවිහාරේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න හා කේ.ටී.චිත‍්‍රසිරි ගේ එකඟතාවය ඇතිව, තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදි.
පියදාසගේ කථාවට සවන් දෙන්න.









No comments:

Post a Comment