Saturday, May 5, 2018

කරවල විකුණන ගෑණියෙක්ගෙන් පානදුර ප‍්‍රාදේශීය ලේකම්ට ප‍්‍රශ්ණ පත‍්‍රයක්..



පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව පිහිටුවන ලද, කාන්තා සමිතියක උප සභාපතිනිය ව අස්කරලා ඇත්තේ, හොරට කැඳවපු, විශේෂ රැුස්වීමක දී ලූ.

ඇය, ගෙයින් ගෙට ගොස් කරවල විකුණා, සැමියා ඇතුලූ දරු පවුල රකින්නියකි.

ගමේ පොදු වැඩවලට උර දෙන්නේ, එ් කරදර දුක් කම්කටො`ඵ මැදය.

පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා සංවර්ධන නිලධාරිණිය ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද කාන්තා සමිතියක පළමු රැුස්වීමේදීම , රු: 200/= බැගින් එකතු කරන ලද බවත්, එයින් රු: 30/=ක් වෙන්කර ඇත්තේ, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිනියට පිදේණියක් පිරිනමන්නටය.

නීතිය මත පාලනය – වල පල්ලට ගිය රටක, මෙවන් දුෂිත ක‍්‍රීයාවන් ප‍්‍රහ්න කිරීම, අපරාධයක් හැටියට ෂලකති.

මුනිවත රකින බහුතරය අතර අතලෝසස්ක් ප‍්‍රශ්ණදු  කරන්නන් සිටිති. ඇයද එක් අයෙකි. එ් නිසාම, ඇයට කාන්තා සමිතිවල සාමාජිකත්වය දැරීම නුසුදුසුය.

ඇයව හොර රහසේම අස්කර දමන් ලද්දේ එ් නිසාය.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – ඇයව නිහඬ කරවූ බවට සතුටු වන්නට ද ඇත.

එහෙත් ඇය, අයුක්තිය ඉදිරියේ නිහඬ වන්නට සූදානම් නැති බව – ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීට යවන ලද, තොරතුරු ඉල්ලීමේ ඉල්ලූම් පනතෙන් පැහැදිළිය.

එ් ඉල්ලූම් පත‍්‍රය පහත දන්වන්නේ අන් අයටද කළ හැකි දේ බොහෝ බව පෙන්වා දීමටය.

මේ ඉල්ලූම් පත‍්‍රයට දින 14ක් තුල - ප‍්‍රාදේශීය ලේකම් ගේ තොරතුරු නිලධාරී පිළිතුරු දිය යුතුය.

තොරතුරු ලබා දෙන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.

1. අයදුම්කරුගේ නම                            -  ........විජේසේකර

2. ලිපිනය           - ............................. කෙසෙල්වත්ත.                           
3. දුරකථන අංකය                               - -----------------    

4. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර
     1. අදාළ ආයතනය                           -
                                        2018.03.22 දින, හොරේතුඩුව, මඩකිස්ස පාර පිහිටි, ”සේවා පියස” ස්ථානයේදී,  පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, වනිතා සංවර්ධනනිලධාරිණියගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද  කාන්තා සමිතිය. මෙම රැුස්වීමට ප‍්‍රදේශ නිලධාරීවරයාද සහභාගී විය.                         
11. ඉල්ලා සිටින තොරතුරු  - 1. එම කාන්තා සමිතියේ ව්‍යවස්ථාව  (සහතික  කරන ලද) 2. 2018.04.05 දින හා 2018.04.23 රැුස්වූ සමිති
රැස්වීමේ වාර්තා.111. තොරතුරුවලට අදාළ කාල පරිච්ෙඡ්දය - 2018.03.20, 2018.04.05, 2018.04.23 දිනවලපැවති රැස්වීම හා බැඳේ.        සැ: යු:
මෙම තොරතුරු මා ඉල්ලා සිටින්නේ, ඉහත සඳහන් සමිතියේ සාමාජිකාවක් වශයෙනි. 2018.03.22 දින පැවැති ප‍්‍රථම රැුස්වීමේදී උප සභාපතිනිය ලෙස තේරී පත්වූ, සාමාජිකාවක් වශයෙනි.

2018.03.22 දින මා ඇතුලූව, රැස්වූ 25 දෙනාගෙන් රු: 200/= බැගින්, භාන්ඩාගාරික ලෙස පත්වූ සාමාජිකාව විසින් ලබා එකතු කරගන්නා ලදි.

එකතු කර ගන්නා ලද රු: 200/= න්, රු: 170/=ක් සමිති සාමාජික ගාස්තු වශයෙන් බවද, ඉතිරි රු: 30/= පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට මාරු වී යන ලද බව කියන ලද, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිණිය වන සමන්ති මහත්මියට තෑගි දීම  ට බව ප‍්‍රකාශ විය.

එකතු කරන ලද සාමාජික මුදල වන රු: 170/= හා සමන්ති මහත්මියට ආධාර වශයෙන් එකතු කල රු: 30/= සඳහා ලදුපතක් නොලැබු ද, මේ තොරතුරු වලින්, මා සාමාජිකාවක් බව ඔප්පු වනවා ඇත.

මම ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් වෙමි.

මෙම ඉල්ලීම කරනුයේ තොරතුරු දැනගැනීමේ පණතේ 5 වන වගන්තියේ විධවිධාන වලට යටත්ව බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

විජේසේකර.       







No comments:

Post a Comment