Monday, May 28, 2018

ශ‍්‍රී ලංකා පොලීසියේ කුපාඩි වැඩ හෙලි කළ නඩුවක තීන්දුවක්.


ප‍්‍රකාශ ගැනීමට යැයි පොලීසියට රැගෙන විත් හෝ ගෙන්නාගෙන දින ගණන් රඳවා තබාගෙන බොරු නඩු දැමීම, ශ‍්‍රී ලංකාවේ ”බෞද්ධ” පොලීසියේ උරුමයයි.

අප එසේ කියන්නේ මේ වන විට, සෑම පොලීසියකම ඉදිරිපිට බුද්ධ ප‍්‍රතිමා අටවා තිබීමත්, පිරිත් පිංකම් පැවැත්වීමත්, දාන දීම්, බණ කීම්, කඨිණ පූජා, ආදී ”බෞද්ධ” වැඩ රාජකාරිය කරගෙන තිබෙන නිසාය.

මේ සියල්ල කරන්නේ ”බලය” පාව්ච්චි කර, මුදලාලිගෙන්, රියදුරන්ගෙන් ජාවාරම්කරුවන්ගෙන් එකතු කරන මුදලින් බවද අවධාරණය කරමු.

මේ පොලීසියේ නීති විරෝධී ක‍්‍රියාවන් අතර, ප‍්‍රකටම ක‍්‍රියාවකි, බොරු නඩු දැමීම. මෙහිදී පොලීසිය අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කරති. බොරු දිව්රුම් ප‍්‍රකාශ දෙති.

මෙම ක‍්‍රියාවට ගොදුරු වන බහුතරය අසරණයන් වෙති. එ් නිසා ”වරද පිළිගෙන” අඩු දඬුවම් ඉල්ලාගෙන ගෙදර යති.

අනුර කුමාරව, බොරලැස්ගමුව ොපලිසිය විසින් අඬගසාගෙන එන්නේ, ඔහු පදිංචි  ඕපනායකට ගොස්ය. එ් 2013 මැයි 04 වන දිනය.

ඔහුව රැගෙන එන්නේ ඔහු රැකකියාව කළ ස්ථානයේ තරුණිකගේ මරණය අදාලව, ප‍්‍රකාශයක් ගැනීමටය.

ඔහුව, පළමුව  ඕපනායක පොලීසියටත්, ඉන්පසුව බොරලැස්ගමුව පොලීසියටත් ගෙන ගෙන එයි.

බොරලැස්ගමුව පොලීසියේදී, ඔහුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගෙන පොලිස් ඇපයක් මත මුදා හරී. එ් දින තුනකට පසුව, 2013 මැයි 07 වන දිනය.

අනුර කුමාරව පොලිස් ඇප මත මුදාහැරියත්, ඔහුව 2013 මැයි 09 වන දින දක්වාම, බොරලැස්ගමුව පොලීසියේ රඳවාගෙන සිට 2013 මැයි 10 වන දින, හෙරොයින් මිළි ග‍්‍රෑම් 10 ක් ළඟ තබාගත් බවට වන චෝදනාව මත නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරණු ලබයි.

චෝදනාව නොපිළිගන්නා ඔහු, බොරලැස්ගමුව පොලීසියේ නඩුව අභියෝගයට ලක් කරණු ලබයි.

එ් අතර ඔහු බොරලැස්ගමුව පොලීසියට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරයි.

එ් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් බොරලැස්ගමුව පොලීසිය හා රජය උල්ලංඝණය කළ බවට චෝදනා කරමින්ය.

මහේස්ත‍්‍රාත් උසාවියේ හෙරොයින් නඩුව විභාගයට ගත්ත ද, පැමිණිලිකරු වූ එවක  බොරලැස්ගමුව පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා වූ ලක්ෂ්මන් අල්විස් අධිකරණය මග හරී.

මෙයින් තහවුරු වන්නේ පොලීසියට බොරු නඩු දමා උසාවිය නොමග යැවීමටත්, උසාවිය මගහැරීමටත් ඉඩ තිබෙන බවයි.

පැමිණිලිකරු වූ, පොලිස් පරීක්ෂක උසාවිය මගහැරීමේ පදනම මත, අනුර කුමාරව හෙරොයින් ළඟ තබා ගැනීමේ නඩුවෙන් මුදාහරිණු ලබයි.

එයින් අනතුරුව 2018.02.09 වන දින, විභාගයට ගන්නා මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2018.05.22 දින ප‍්‍රකාශයට පත්කරණු ලබයි.

එම තීන්දුවට අනුව, බොරලැස්ගමුව පොලීසියේ එවක පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) හා 13 (2) යන වගන්ති උල්ලංඝණය කර ඇති බවට නිගමනය කරයි.

එ් අනුව එවක බොරලැස්ගමුව පොලීසියේ පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස්, පුද්ගලිකව, අනුර කුමාරට රු: 50,000/- ක වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කරයි.

රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ රාජ්‍යය වගකීම පැහැර හැරීම නිසා රජයට රුපියල් ලක්ෂයක වන්දියක් හා රුපියල් පනස්දහසක නඩු ගාස්තුවක් අනුර කුමාරට ගෙවන ලෙසට නියම කරණු ලබයි.

මේ අනුව රජය වෙනුවෙන් පොලිස්පති අනර කුමාරට ගෙවිය යුතු මුදල, රු: 150,000/- කි. ඔහුට හිමිවන මු`ඵ වන්දි ප‍්‍රමාණය රු: 200,000/- කි.

මෙම නඩු තීන්දුව අප සලකන්නේ අනුර කුමාරගේ පුද්ගලික ජයග‍්‍රහනයක් ලෙසට නොවේ.

මෙ රටේ ”බෞද්ධ” පොලිසිය, මේ රටේ බහුතරයක් වන බෞද්ධයන් ව පීඩාවට පත් කිරීමට එරෙහිව ලබාදුන් නඩු තීන්දුවක් ලෙසටය.

මේ වන විට, මෙම දුෂිත පොලිස්කාරයා, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස් උසස්වීම් ලබාගෙන පොලිස්පති ඇතුලූ ඉහලයන්ගේ සුරතලෙකු වී ඇත්නම් එය පුදුමයට හේතවක් නොවේ.

මේ තීන්දුව කථිකාවට භාජනය කරන්න. සම්පූර්ණ නඩු තීන්දුව සඳහා යොමුව:
http://www.janasansadaya.org/page.php?id=639&lang=en-






No comments:

Post a Comment