Saturday, June 2, 2018

මානව හිමිකම් කොමිසම දිනා ගත් A ශ්‍රේණිය ණිය රැක ගන්න වැඩ කරන්න


රාජපක්ෂ රෙජිමය යටතේ අන්ත දුෂිත තත්වයට පත් කරන ලද මානව හිමිකම් කොමිෂම ජාතියන්තර ප්රජාව අතර බාල්දුවු අතර රටවැසියන් අතර එය තවත් එක් දුෂිත ආයතනයක් විය.
එවක සභාපතියාවු විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා   
 ප‍්‍රමුඛ "කොමාලා" හා එක්ව ක්රියා කළ කල්ලිය ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අන්ත දුෂිත ආයතනයක් බවට පත් කළා පමණක් සොරකම් වසන් කිරිමට ගිනි තබන ලදි. 

එවක කොමිෂමේ දුෂිත ක‍්‍රියාවන් හෙළි කළ ජනසංසදයට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේනතුව යොදවා භිය වැද්දිමට තරම් නීච අසාර්ථක උත්සහයකද සභාපතියාවු ශ්‍රේඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා ප‍්‍රමුඛ කොමාලා හා ඔහුගේ ගැන්සිය ගත්තේය. 

එ් අතර සමහර විද්යුත් මාධ්‍යය යොදාගෙන සිය පේ‍්‍රක්ෂකයින්‍ව රැවටිමට නන්දෙඩවන එවක කොමසාරිස්වරයෙකු වු අ/ප‍්‍රතිභා මහනාම  විලි ලැජ්ජා නැතිව මානව හිමිකම් කොමිෂන් සභාව, ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාවගේ ඇගයිමට ලක්වීම අවතක්සෙරු කිරිමේ උත්සහයක යෙදි තිබින.

19වන ව්යවස්ථා සංශෝධනය යටතේ පත්වු ර්තමාන කොමිසම් සභාව විවිධ දුෂ්කරතා මාධ්‍යයේ ප‍්‍රගතියක් ලබාගෙන තිබේ. අදටත් කොමිෂමේ ඉදිරි ගමනට බාධා වි ඇත්තේ රාජපක්ෂ යුගයේ දුෂිත කල්ලිය හා එක්ව සිටි සමහර කාර්ය මණ්ඩල සාමජිකයින්ගේ දුෂඨ ක‍්‍රියාවන්ය.

ලබාගෙන තිබෙන ප‍්‍රගතිය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ඇගයිමට ලක්වීම අගය කළ යුතුය. එමෙන්ම ආයතන ගතව පවතින වධහිංසාව හා සම්බන්ධ මුලික අයිතින් උල්ලංඝණයන්, විශේෂයෙන් පාසැල හා ආගමික ආයතන මුලික කරගෙන පවත්වාගෙන යන ළමා අපයෝජන අවම කිරිම කේන්ද‍්‍ර කරගත් සක‍්‍රිය ආයතනයක් බවට පත් කිරිමට තවත් බොහෝ දේ කළ යුතුව තිබේ.

වර්ථමාන මානව හිමිකම් කොමිසම් සභාවේ ධුර කාලය කෙටිය. මෙතෙක් කරන ලද වැඩ ආණ්ඩුවේ දුෂිතයින්ට මෙන්ම මුලික අයිතින් උල්ලංඝණයට සැදි පැහැදි සිටින රාජ්‍යය ආයතන වලට හිස රදයකි. නිර්දෙශ ක‍්‍රියාත්මක කරන්නේ නැත. එම තත්වය වැළැක්වීම සඳහා කඩිනම් ක‍්‍රියා මාර්ග ගත යුතුය.  

No comments:

Post a Comment