Saturday, June 16, 2018

අපරාධ වලට ආදේශකයින් ඉදිරිපත් කර අපරාධකරුවන් රකින යහපාලන පොලිසිය.


ලොකු හෝ කුඩා, බොහෝ  සංවිධානාත්මක අපරාධ වලට පොලිසියේ කවුරුන් හෝ හවුල්ය. කිරිඇල්ල ප‍්‍රදේශයේ, කඩ කැඞීම සිදුවන්නේ සීරියල් ක‍්‍රමයටය. සොරුන් අහුවන්නේ ද නැත. අල්ලන්නේද නැත. 

කිරිඇල්ල නගරයේ ජෆුවර් ෆාමසි වාර ගණනාවකදි කඩා, භාණ්ඩ සොරකම් කරබ්. නමුත් අසුවුනු සොරෙක් නැත. 

මැයි 31 දින, සුපුරුදු පරිදි ජෆුවර් ෆාමසිය කඩන ලදි. මෙහි විශේෂය නම්, මෙම ෆාමසිය තිබෙන්නේ පොලිස් මුරපොලට අතේ දුරින් වීමය. ෆාමසි හිමියා සොරු අල්ලන ලෙසට ඉහළයින්ට බලපෑම් කරන ලදි. 

කිරිඇල්ල පොලිසිය, ෆාමසියේ, නුද්රින් පිහිටි වයින් ස්ටෝර්ස් එකේ ක්‍ක්‍ඔඪ කැමරා නිරීක්ෂණය කළේය.   වයින් ස්ටෝර්ස් එකට රාත‍්‍රියේ වන පුද්ගලයකු සටහන් වී තිබින. එ් අසල වත්තක පදිංචි, එම වත්තේම වැඩ කරන අරක්කු භාගයක් ගෙනයන්නයට ආ කම්කරුවෙකු වන රංගනය. රංගන විවාහක එක් දරු පියෙකි.

පසුගිය 11 වෙනිදා වත්තට ගොස් රංගනව අත්අඩංගුවට ගෙන, ෆාමසිය කැඩූ බවට පිළි ගන්නා ලෙසට, තර්ජණය කරන්නට පටන් ගන්නා ලදි. වධ දෙන්නට සැලසුම් කළේය. පොලිසිය අරක්කු ගන්න වයින් ස්ටොස් එකකට ගිය රංගන එ් ගමන් වයින් ස්ටෝරස් එකද කඩා බඩු සොරකම් කර තිබෙන බවට නිර්මාණය කර සොරකමට ආදේශ කිරිමට තිරණය කර තිබුනේය.

වහාම ක‍්‍රියාත්මක වූ ඔහුගේ බිරිඳ, නිසි උපදෙස් ලබාගෙන, මානව හිමිකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලදි. එ් අනුව ක‍්‍රියාත්මක වූ කොමිෂම, අත්අඩංගුවට ගැනීම ගැන කිරිඇල්ල පොලිසියෙන් විමසා සිටින ලදි. 

එදින රාත‍්‍රියේ, මොහුට වධ දීමට, පොලිසියේ සූදානම ව්‍යාර්ථ විය. පසුදින, 12 වනදා, මොහුව උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසියට සිදුවිය.

පොලිසිය අධිකරණයට කියා සිටියේ ක්‍ක්‍ඔඪ කැමරාවල සටහන් අනුව, මොහු ෆාමසිය කැඩූ බව ඔප්පු වන බවයි.

එම තර්කය ප‍්‍රතික්ෂේප කල අධිකරණය කැමරා දර්ශණ සංයුක්ත තැටි වලට ඇතුලත් කර, අධිකරණයට හා චූදිතට පිටපත් ලබාදෙන ලෙසටද, එම දර්ශණ රස පරීක්ෂකට යොමු කර වාර්තා ලබා ගන්නා ලෙසටද, නියම කළේය. 

එමෙන්ම, මොහුව ඇප මත මුදාහැරීම පියවර ගනු ලැබීය.

පොලිසිය අපරාධ වසන් කිරීමට, අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කරන්නේ, අසරණයින් වූ නොවිසිඳුනු අපරාධ වලට ආදේශ කිරීමය. 

මෙවන් පුද්ගලයින්ට, ගෝඨාබයා වැනි මහා පරිමාන දුෂකයින්ට මෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අත්අඩංගුවට ගැනීම වලක්වා ලීමේ නියෝග ගැනීමට, මුදල් හෝ බලය හෝ සම්බන්ධකම් නැත. 

එමෙන්ම, ‘යහපාලන’ නාමයෙන්, පොලිසිය බාර ඇමතියන් කළේ, වධහිංසාව, බොරු නඩු දැමීම් වලට පූර්ණ ආශිර්වාදය ලබා දීමය. එයට ඇමතියන් පසුපස යන සිවිල් සමාජ ‘ආරක්ෂකයින්ද’  රටවැසියන් පාවාදීම අද සිදුකරන්නේ ද ‘යහපාලනය’ නාමයෙනි. 



No comments:

Post a Comment