Sunday, June 17, 2018

ඝාතකයෝ තව බිල්ලක් ගන්න සැරසේ. පුතාගේ ජීවිතය රැක දෙන්න! රැඳවියෙකුගේ මවක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් ඉල්ලයි!!.


දැනට සිර දඬුවම් විඳින තම පුතාගේ ජීවිතයට එල්ල වි තිබෙන තර්ජන අදාල සියලූ තොරතුරු හෙළි කරන්න අවස්ථාවක් සලසා දෙන්න යැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් ඉල්ලා තිබේ.

2012 වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසි හත්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අදාලව දැනට පැවැත්වෙන පරීක්ෂණ හා නඩු විභාගයට අදාල වැදගත් සාක්ෂි වසන් කිරීමේ අරමුණ ඇතිව මෙම ඝාතන උත්සහය පවතී.

මෙම සිද්ධිය වූ දිනයේ, බන්ධනාගාරයේ සම්පූර්ණ වගකීම දැරූ ප‍්‍රධාන ජේලර්වරයා සම්ප‍්‍රදාය කඩ කරමින් සිරකරු ඝාතන සිද්ධියේ සත්‍ය හෙළි කිරීමට ඉදිරිපත් විය.

සිද්ධියට හවුල් වූ හා ඇසින් දුටුවන් සමහරක් තවමත් සිරගෙදර සිටී. එමෙන්ම සිද්ධිය අදාල  තොරතුරු හෙළිකරාවිය යන සැකය මත සමහර  සිරකරුවන්ට තර්ජන එල්ලවීම ආරම්භව ඇත.

එසේ තර්ජන එල්ල වී ඇති එක් සිරකරුවෙක් තම පුතා බව ප‍්‍රකාශ කරන මව ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ඇය මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනියගේ අවධානය යොමු කර සිටී. ඇය ඔවුන් වෙත ඉදිරිපත් කර තිබෙන ලිඛිත ඉල්ලිමේ මෙසේ සඳහන්වේ. 

ඇය ප‍්‍රකාශ කරන්නේ වසර 10 ක සිර දඬුවම් විඳින තම පුතා අදාල සියලූ තොරතුරු පුද්ගලිකව සැල කිරීමට පුතා සූදානම්ව සිටීන නමුත් හමුවීමට අවස්ථාව ලැබී නොමැති බවද, ඝාතන සිද්ධියට අදාලව තොරතුරු හෙළිකරන නිලධාරියා යටතේ තම පුතා වැඩ කරඇති නිසා, පුතාද තොරතුරු හෙළි කරනු ඇතැයි යන සැකය ඝාතණයට හවුල්වු අය මෙන්ම අවි ගබඩාව කඩා ආයුධ ගත්ත තවමත් දඬුවම් විඳින සිරිකරුවන් ගේද තර්ජන වලට පුතා මැදිව සිටින බව මව කියා සිටි.  ඇය ඉල්ලා සිටින්නේ තම පුතාව වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම වළක්වාලන ලෙසට ය.  

No comments:

Post a Comment