Monday, June 18, 2018

සිගරට් පෙව්වාට වන්දි ඉල්ලා පැවරූ නඩුව පරක්කු කලාට රුපියල් ලක්ෂ 4 ක වන්දියක් ක්‍ඔක්‍ එකට ගෙවන්න වෙයි.



ගැටවර වියේ සිට සිගරට් බීපු පොළොන්නරුවේ කේ.එස්.පෙරේරා මහතා, පසු කාලයේදී සිගරට් බීමට ඇබ්බැහි විය. 1996 සැප්තැම්බර් මස සුව කළ නොහැකි පිළිකා රෝගයෙන් ඔහු පෙළෙන බව සොයා ගැණින.

කේ.එස්.පෙරේරා මහතා, තමාව සිගරට් පොවා රෝගියකු කිරීමේ වරදට, දුම්කොළ සමාගමෙන් වන්දි ඉල්ලා - කොළඹ දිසා අධිකරණයේ ‘‘වන්දි’’නඩුවක් ගොනු කරනු ලැබීය.

නඩුව අතරවාරයේදී, 2001 අපේ‍්‍රල් මස ඔහු මිය යන ලදි. එවිට ඔහුගේ වයස අවුරුදු 60 ක් විය.

බිරිඳ, ලලිතා පද්මිණී මහත්මිය, තම සැමියා වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වීමට අවසර ඉල්ලා සිටියේය. එයට අධිකරණයෙන් ඉඩක් නොලැබිණ.

ඇය එම පසුබිම යටතේ, 2003 අපේ‍්‍රල් මස, තම සැමියාව පිළිකා රෝගයට ගොදුරු කර මරණය ළගා කරවීම නිසා, තමාට වූ හානියට වන්දි ඉල්ලා නඩුවක්, කොළඹ දිසා අධිකරණයේ ගොනු කරනු ලැබීය.

එම නඩුව, විභාගයට නියම කිරීමට එරෙහි, දුම්කොළ සමාගම (ක්‍ඔක්‍*  - අභියාචනාධිකරණය ඉදිරියට ගොස්, එකී නඩුව ඉවතලන ලෙසට ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරන ලදි. එයින් නොනැයතුනු දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, දිසා අධිකරණයේ හා අභියාචනාධිකරණයේ තීන්දු අභියෝගයට ලක්කරන ලදි.

2008 වසරේදී, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරන ලද අභියාචනය අදාල තීන්දුව 2018 ජූනි 14 වන දින ප‍්‍රකාශයට පත් කරන ලදි.

ලංකා දුම්කොළ සමාගම (ක්‍ඔක්‍* විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ප‍්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය, ඉන් නොනැවතී, දුම්කොළ සමාගම, වසර 12 ක් පුරා, නඩු ප‍්‍රමාද කිරීම මගින් ලලිතා පද්මිණී මහත්මියව අසීරු තත්වයට පත් කර ඇති බවට තීරණය කර තිබේ. මෙය වෙනත් අයෙකුට වූවානම්, නඩු කීමෙන් ඉවත් වීමට පවා ඉඩ තිබුණ බවද වැඩි දුරටත් සඳහන් කරයි.

මෙසේ, වසර 12 පුරා, නඩුව ප‍්‍රමාද කිරීමේ, එසේ නැතිනම් ඇදගෙන යැමෙන්, කළ වරදට ලලිතා පද්මිණී මියට රුපියල් ලක්ෂ 4ක වන්දියක් ගෙවීමට දුම්කොළ සමාගමට නියම කරන ලදි.

දුම්කොළ සමාගම මෙම මුදල මසක් තුල ගෙවිය යුතු බවද, නියම කර තිබේ.

නඩු ප‍්‍රමාද කිරිම්, මෙම නඩුවට පමණක් සීමාවූවක් නොවේ. දුම්කොළ සමාගම මෙන්ම, එ් හා මුදල් බලය, ඉහළ නීතිඥයින් ගේ බලය, අයුතු සම්බන්ධතා ආදී කරුණු මූලික කරගෙන, නඩු සැලසුම් සහගතව කල් දැමීම සිදුවේ.

එවන් අවස්ථාවලදීද, මේ ආකාරයට අධිකරණ ක‍්‍රියා කිරීම - නඩු ප‍්‍රමාදය අවම කරනු ඇත.

වර්තමානයේ යුක්තිය පසඳලීමේ ක‍්‍රියා මාර්ගය තුල පවතින්නා වූ පීඩාවන් කථිකාවකට ගැනීමට මෙම නඩු තීන්දුව ඉවහල් වනු ඇත.

No comments:

Post a Comment