Sunday, June 10, 2018

පොලිසියට මරන්න අවසර දීලාලූ බූරුවා පොලේ සල්ලි මංකොල්ලය වැරදුන විට ඌරගහ පොලිසිය ගත් මිනිස් බිල්ල



ඌරගහ පොලිසිය, අමු අමුවේ වෙඩි තබා සිදුකල ඝාතනය වසන් කිරීමට සාක්ෂිකරුවන් භිය වද්දා ඇති බව, වෙඩි පහරින් එතැනම මිය ගිය 55 හැවිරිදි ජවර්ධන මහතාගේ බිරිඳ - ලලිතාංගනී මහත්මිය ප‍්‍රකාශ කර සිටි. 

මෙම මිනිස් ඝාතනය සිදුකල උප පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත තවමත් නිදැල්ලේ සිටින බව ප‍්‍රකාශ කරන ඇය, මේ වන විට, ඇසි දුටු සාක්ෂිකරුවන් සැඟවි ඇතැයිද කියා සිටී.

මෙම මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදුකරන්නේ, අල්ලපු පොලිසිය වන, ඇල්පිටිය පොලිසියයි.

2018.05.18 වන දින, කරන්දෙණිය ප‍්‍රදේශයේ නිවසක හත් දවසේ ධර්මදේශනාව අවසානයේ, සුපුරුදු ”බූරුවා” ගැහිල්ල පවත්වාගෙන ඇත.

ධර්ම ශ‍්‍රවණයෙන් පසුව, රැස්ව සිටි පිරිස, ”බූර්වා” සෙල්ලම් කරමින් සිටින තැන හෙවත් බූරු පිටියට, සිවිල් ඇඳුමින් පිරිසක් පැන, සෙල්ලම් කරන අයට හා බලා සිටි අයට පහරදී, බූරුපිටියේ මුදල් එකතුකරන්නට පටන් ගෙන තිබේ.

මංකොල්ලකරුවන් යයි සිතූ, බූරුපිටියේ සිටි අය, ඔවුන්ට පහරදී, තම මුදල් බේරා ගැනීමට උත්සාහ ගෙන ඇත. මෙම උත්සාහයේදී, මුදල් මංකොල්ල කෑමට පැමිණි පිරිසක් විසින් තබන ලද වෙඩි පහරින්, අසල සිටි ජයවර්ධන එ් අවස්ථාවේදීම මිය ගොස් ඇත.

වෙඩි තැබීමෙන් පසුව, එම පිරිස පලාගොස් ඇත්තේ, ඔවුන් පැමිණි යතුරු පැදි එම ස්ථානයේම තිබියදීය. එක් යතුරු පැදියක, තිබූ පොලිස් නිල ඇඳුම් පිරිසට හමුවී ඇත.

පසුව පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පැමිණ ඇත. එ් අවස්ථාවේ ඉදිරිපත් වූ කිහිප දෙනෙක් සිද්ධිය පොලිස් නිලධාරීන්ට පවසා ඇත. එ් හා අදාල වීඩියෝ පටයද ජයවර්ධන පවුල අතට පත්ව තිබේ.

මේ වන විට, ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මරණ පරීක්ෂන නඩු විභාගය ආරම්භ කර ඇත. පසුගිය නඩු වාරයේදී, විභාගය පවත්වා ඇත්තේ, මහේස්ත‍්‍රාත්වරයාගේ නිල කාමරයේ බවත්, එතැනට ජයවර්ධනගේ බිරිඳට පවා යෑමට පොලිසිය ඉඩ නොදුන් බවත් ප‍්‍රකාශ වේ.

ජයවර්ධන මහතා බිරිඳ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, ඌරගහ පොලිසිය සිදුකල මිනීමැරුම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙසය.

මේ වනවිට, පොලිස් අපරාධ සීග‍්‍රයෙන් වැඩ වන අතර, එ් සඳහා ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවය, විශේෂයෙන් නීතිය හා සාමය බාර ඇමති ඇතුලූ පිරිස, තමන්ට මිනීමරන්න ඉඩ ලබා දී ඇති බව පොලිසිය ප‍්‍රකාශ කරයි.  

ඌරගහ පොලිසිය සිදුකළ මනුෂ්‍ය ඝාතනය පිළිබඳව විධිමත් පික්ෂණයක් ආරම්භ කරන ලෙසට මිය ගිය ජයවර්ධන මහතාගේ බිරිඳ ලලිතාංගනී මහත්මිය මානව හිමිකම් කොමිෂන් සභාවව් වෙත කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 

‘‘එච්. එච්. ජයවර්ධන, අවු: 55 යි (1963.03.10), කම්කරු - මාගේ ස්වාමි පුරුෂයා වේ. 2018.05.13 දින, කරන්දෙණිය කලූවලගොඬේ ප‍්‍රදේශයේ බණ ගෙදරකට යන බව කියා රාත‍්‍රී 9.10 පමණ මාගේ සැමියා නිවසින් පිටව ගියා. 

රාත‍්‍රී 11.30 පමණ, කවුදෝ දුරකථනයෙන් කතා කර ජේ.ආර්. කෝ කියා ඇසුවා. ජේ.ආර්. යනුවෙන් මාගේ සැමියාව අමතනු ලබනවා. ජේ.ආර් අයියාට කරදරයක්, පොලිසියෙන් වෙඩි තියලා, මැරිලාද දන්නේ නැහැ කියා පැවසුවා. 

එ් අවස්තාවේ මාගේ ලොකු පුතා වන ධනුෂ්ක දීප්තිමාල් ජයවර්ධන එම බණ ගෙදරට යැව්වා. මගේ පුතා මට දුරකථනයෙන් දැනුම් දුන්නා මාගේ සැමියාට ඌරගහ පොලිසියේ වෙඩි තැබීමෙන් මියගොස් ඇති බව. 

එ් අවස්ථාවේ මාද එම ස්ථානයට ගියා. මා දැනගත් ආකාරයට වෙඩි තැබීම සිදුව ඇත්තේ රාත‍්‍රී 10.30 ට පමණය. 2018.05.14 දින අ`ඵයම 5.00 ට පමණ, මහේස්ත‍්‍රාත්වරයා පැමිණ පරීක්ෂා කලා. 

පසුව බලපිටිය රෝහලට මෘත ශරීරය රැුගෙන ගියා. බලපිටියෙන් බාරගන්න බැහැ කිවූ නිසා කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගියා.

මා දැනගත් ආකාරයට එදින, බණ ගෙදර සිටි පිරිස, බූරු ගසන බවට චෝදනා කරමින්, ඌරගහ පොලිසියේ උ.පො.ප.ක‍්‍රිෂාන්ත නැමැති නිලධාරියා ඇතු`ඵ නිලධාරීන් හය දෙනෙකු සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් ඇතු`ඵ එහි සිටි පිරිස අතර ආරවුලක් ඇති වී තිබෙනවා. එ් අතරදී, විදුලිය විසන්ධි වී තිබේ. පොලිසිය ක`ඵවරේම වෙඩි තබා තිබෙනවා. එහි සිටි පිරිස දුව ඇතිමුත්, මාගේ සැමියාට වෙඩි වැදී තිබේ.

ඔහුට වෙඩි වැදී තිබුනේ උදරයට වේ. වෙඩි හතරක් තබා ඇති අතර, එක් වෙඩිල්ලක් මාගේ සැමියාට වැදී තිබෙනවා. 

අවසන් කටයුතු 2018.05.17 දින සිදු කෙරුනා. 

මාගේ සැමියාට වෙඩි තබා ඇත්තේ, උ.පො.ප.ක‍්‍රිෂාන්ත විසිණි. වෙඩි තැබීමෙන් පසුව, කෝපයට පත්වූ එහි සිටි පිරිස විසින්, පොලිස් නිලධාරීන් පැමිණ තිබූ යතුරු පැදි තුනක් පොඩිකර දමා ඇති අතර, ඉන් එක් යතුරු පැදියක් මත තිබූ පො.ප. ක‍්‍රිෂාන්තගේ නිල ඇඳුම හමුවී තිබුනා. 

එයින් පෙනී යන්නේ, මෙම නිලධාරීන් හිතාමතාම තම නිළ ඇඳුම් ඉවත් කර, සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණ ඇති බවයි.  

2018.05.14 දින, පෙරවරු 11.00 පමණ, මා හා මාගේ ලේලිය මේ පිලිබඳව පැමිණිලි කිරීමට ඇල්පිටිය පොලිසියට ගිය අතර, මාගේ පැමිණිල්ල බාර ගැනීම ප‍්‍රතික්ෂේප කරමින්, එක් නිලධාරියෙක් විසින් මාහට බැණ වදිමින්, තමුසේ මෙහෙ ආවේ මොකටද, ඌරගහ පොලිසියේ ලොකු මහත්තයාව ගිහින් හම්බවෙනවා කියා පවසා සිටියා.

මේ පිළිබඳව ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මරණ පරික්ෂණ නඩුව පවතින අතර, එය 2018.05.23 දින ද පැවතිණ. මෙම මස, ජුනි 20ට කල් තබන ලදි. නඩු අංකය 5707 වේ. 

මෙදින උ.පො.ප.ක‍්‍රිෂාන්ත සාක්ෂි දෙමින් ඔහු ළඟ හා තවත් නිලධාරියකු ළඟ පිස්තෝල තිබූ බවත්, බූරු ගසන ශබ්දය ඇසීම නිසා එම ස්ථානයට ගිය බවත්, එවිට එහි සිටි පිරිස, තමා ඇතු`ඵ නිලධාරීන්ට ගල් වලින් පහර දුන් නිසා, ඔහු කුරුන්දට දිවූ බවත්, එවිට වෙඩි ශබ්දය ඇසුනු බවත්, අනතුරුව එදින රාත‍්‍රියේම ඔහු තම පිස්තෝලය සහ පතොරම් ඌරගහ පොලිසියේ ලොකු මහතා වෙත බාරදුන් බවත්ඔහු ප‍්‍රකාශ කර සිටියා.  

නැවතත් 2018.06.06 දින නඩුව ප.ව. 1.00 න් පසුව මහෙස්ත‍්‍රාත් තුමාගේ කාමරයේ පැවති අතර, එයට මට හෝ පවුලේ අයට සහභාගි වන්න හෝ දැක බලා ගන්න ඉඩ දුන්නේ නෑ. නඩුව  2018.06.20 දිනට කල්ගියා කිව්වේ ඇල්පිටිය පොලිස්යට සම්බන්ධ නිලධාරියෙක්.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, පොලිසායේ බලපෑමෙන් ඇසින් දුටුවන් කිසිවෙක් සාක්ෂි දීමට ඉදිරිපත් නොවන බවයි. සිද්ධිය අදාල විඩියෝ දර්ශණ තිබෙන වා.

මාගේ සැමියාගේ මරණයට වගකිවයුතු, ඌරගහ පොලිසියේ උ.පො.ප.ක‍්‍රිෂාන්ත ට එරෙහිව නීතිමය ක‍්‍රියාත්මක කර නොමැති බවත්, ඔහු තවමත් එම පොලිසියේම සේවය කරමින් නිදැල්ලේ පසුවන බවත්ය. 

මා ඉල්ලා සිටින්නේ, කඩිනමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා, මාගේ සැමියාගේ මරණය සිදුකල, ඌරගහ පොලිසියේ උ.පො.ප.ක‍්‍රිෂාන්ත ඇතු`ඵ වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.’’



No comments:

Post a Comment