Saturday, June 2, 2018

ගබ්සාව - ස්ත‍්‍රියකගේ අයිතියකි. අයර්ලන්තය තීරණය කරයි.


කතොලික සභාවේ දැඩි විරෝධය නොතකා අයර්ලන්ත ජනරජයේ රට වැසියන් බහුතරය ‘‘ගබ්සාව’’ නීති විරෝධි කර තිබු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිමට චන්දය පාවිච්චි කරන ලදි.

අයර්ලන්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මවට මෙන්ම නුපන් දරුවාට ජිවත්වීමට අයිතිය හිමිය. 1983 දි සිදු කළ මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ට අනුව එරට ගබ්සාව ට ඉඩක් තිබුනේ මවගේ ජිවිතයට අනතුරක් වන වා පමණි. එ් අනුව ගබ්සාවට ඉඩ ලබාදීමට මෙම ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු විය. එය කළ හැක්කේ වසර 35 කට වරක් පවත්වන ජනමත විචාරණයකිනි. 

එ් සඳහා ජනමත් විචාරණයක් පැවැත්වීමට එරට අගමැති පියවර ගත්තේය. අයර්ලන්ත ජනගහනයෙන් 78‍්‍%ක් කතොලික භක්තිකයින්ය. ගබ්සාව නිති ගත කිරිමට කතෝලික සභාව විරුද්ධ විය. එහෙත් මැයි මස 25 සිකුරාදා  ජනමත විචාරණයේදි ගබ්සාව නිති ගත කිරිමට 64‍්‍%පක්ෂව චන්දය දෙන ලදි. 
මෙම ජයග‍්‍රහණය ලබා ගත්තේ එ් ස`දහා කැපවු ස්ත‍්‍රි කණ්ඩයමක් අඛණ්ඩ නොසැලි ගෙන ගිය අරගල යෙනි. කතෝලික සභාවේ හා එ් මත දරන්නන්ගේ තර්ජන, ගර්ජන, නින්දා අපහස මැද ගෙන ගිය අරගලය, ආගම, සංස්කෘතියට එරෙහිව ‘‘අයිතිය’’ සඳහා කරන ලද අසිරු සටනක් විය.  
කෙසේ වෙතත් අයර්ලන්ත ජනරජය සියලූම ආගම් වලට සමාන තැන ලබා දි ඇති අතර, රාජ්‍යය ආගමෙන් බැහැර වු, නිදහස් දේශයක් බව අවධාරනය කළ යුතුය. එරට සම ලිංගික විවාහ නිති ගත වුයේ 2015 වසරේදිය. 

  

No comments:

Post a Comment