Wednesday, June 6, 2018

පොලිස් කොමිෂම හොරාගෙන්ම පේන අසන්නේ රෙදි ඇඳගෙනද ?



ආයතනගත පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් පිළිබඳ, ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කරන්නේ බලාපොරොත්තු සහගතවය.

එ් එම කොමිෂම ස්වාධීන එකක් බවට ආණ්ඩුව ගෙන යන ප‍්‍රචාරයේ සත්‍යයක් ඇතැයි යන විශ්වාසයෙනි.

නමුත්, මෙම කොමිෂමට අරක්ගෙන සිටින මහජන මුදල් ගිල දමන කොමසාරිස්ලා, ලේකම්, අධ්‍යක්ෂ පට්ටම් අලවාගෙන සිටින රැුල, පැමිණිලි ඉදිරිපත් කරන රට වැසියන් තකතීරුවන් ලෙසට සිතා ක‍්‍රියා කිරීම තවමත් නවත්වා නැත.

පානදුරයේ දිසානායක මහතා හැටපස් වන වියෙහි පසුවන පෙදරේරුවෙකි. ‘‘පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ එ්කකය’’ ඔහුව අත්අඩංගුවට ගෙන, වධහිංසාවට, අවමන් සහගත සැළකිලිවලට, දඬුවම්වලට පාත‍්‍ර කරයි.

මෙම පොලිස් නීති විරෝධී නීච ක‍්‍රියාව ගැන, ඔහු ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කරයි.

එම පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් කළ බව අධ්‍යක්ෂ මහජන පැමිණිලි විර්ශනපැමිණිල්ලක් කළ විට පැමිණිලිකරුට පෝරම එවමින්, ඉන්පසු එම පැමිණිල්ලට අදාල පොලිස්කාරයාට යොමු කර, ඔහුගේ පිළිතුර ආපස්සට යතුරුලියනය කර, එවන තත්ත්වයට පත්වූයේ රාජපක්ෂ රෙජිමය තුළය. එ් පිළිවෙත තවමත් අනුගමනය කරන්නේ අන් සියලූ ආයතන මෙන්ම ජාතික පොලිස් කොමිෂම ද දුෂිත බව සනාථ කරමින්ය.

මෙය වෙනස් කළ හැක්කේ පොලීසියට පමණක් නොව ජාතික පොලිස් කොමිෂම ද අභියෝගයට ලක්කර, ජනතාව දැණුවත් කිරීමෙන්ය. දිසානායක මහතා ගේ පිළිතුර ආදර්ශයට ගන්න. 

 ශ‍්‍රීමාලි ආතාවුද ආරච්චි මහත්මිය එ් මහතාට එවා ඇති ලිපියට පිළිතුරු වශයෙන් යවන ලද ලිපිය මෙසේය.











No comments:

Post a Comment