Monday, July 2, 2018

පාතාලය, පොලීසිය, දේශපාලූවෝ !!! හා නෑදෑයෝ !!!



පාතාලයට නෑකම්, මිත‍්‍රකම් නොකියන්නේ කව්ද? පැනය මතුවන්නේ මාස 08 ක් පුරා ඇප ගන්න බැරිව සිටින අයියා ගැන නංගී නීතිපතිට ලියන ලද ලිපියෙහි අන්තර්ගතයෙනි.

අයියා හමුදාවේ රැකියාවක් කරන්නෙකි. කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති සිරිමාන්න ඔහුට එන්න කියන්නේ දුරකතනයෙනි. එ් නීතිඥයන් සමග හෝ දේශපාලූවන් සමග නොපැමිණිය යුතු බවට වන කොන්දේසි දමාය.

එහෙත් අයියා කොස්ගොඩ පොලීසියට යන බව තමා රැකියාව කරන හමුදා කාණ්ඩයට දැණුම් දෙයි. එතැනින් නොනැවතී ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අශෝක ධනවංශ වෙත ඔහුගේ දුරකතන අංක 077 3030570 ට හා බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත පවරසිරි ද සොයිසාට ඔහුගේ දුරකතන අංක  076 6267072 ට දැණුම් දී තිබුණා.

එසේ දැණුම් දී පොලීසියට ගිය විට ඔහුගේ ජංගම දුරකතනය සිය බාරයට ගන්නා  ඕ.අයි.සී. සිරිමාන්න,  අයියාව කූඩුවට දමයි.

එ් අවස්ථාවේ සිට, අයියාව බලන්න ඥතීන් පොලිසියට යයි. කෑම බීම ද ගෙන ගොස් දෙයි. 

එයට අමතරව බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එ.ජ.ප. නියෝජිත උෂාන්ත මෙන්ඩිස් හා නීතිඥ කමල් ද පොලීසියේ රඳවාගෙන සිටි අයියාව බලන්න ගොස් තිබින.

නංගී, අයියාව අත්අඩංගුවේ තබාගෙන සිටින බවට, නිල වශයෙන් 18 කුට දැණුම් දෙයි. දැණුම් දුන් අය අතර,  
1) දකුණු පලාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් සිල්වා, 2) අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති නීතිඥ අරුණ ප‍්‍රදීප් සිල්වා, 3) බලපිටිය 16 D නානතොට ග‍්‍රාම නිලධාරී ජනක මෙන්ඩිස් ජයසිංහ, 4) බෙන්තර, ගෝනගල ග‍්‍රාම නිලධාරි නන්දන විජේවර්ධන 5) අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ පුද්ගලික ලේකම් පුෂ්ප කුමාර ද සොයිසා, 6) ජේ්‍යෂ්ඨ නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා 7) නීතිඥ මංජුල පතිරාජ, 8) ටෙලිකොම් ඉංජිනේරු හරිෂ් දීප් වල්පොල 
9) නීතිඥ සසංක ජයසේකර 10) නීතිඥ පුබුදු ලියනගේ 11) නීතිඥ ලාල් ශාන්ත 12) නීතිඥ මේජර් අජිත් ප‍්‍රසන්න 13) බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එ.ජ.ප. නියෝජිත උෂාන්ත මෙන්ඩිස් මයාගේ, 14) ශ‍්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති මයුර සේනානායක, 15) කොස්ගොඩ, නාපේ, සිරිපවර බෝධිරාරාමයේ විහාරාධිකාරී කිරිම දේවින්ද හිමි, 16) ලංකාදීප වාර්තාකරු හේමන්ත සිල්වා, 17) ගුවන්විදුලි සංස්ථාවේ නිවේදක බලපිටිය ප‍්‍රාදේශීය සභා නියෝජිත සංජය මධුසංඛ 18) දිවයින වාර්තාකරු සේනක ප‍්‍රියදර්ශන යන අය විය.

අයියාව, ප‍්‍රශ්න කර නිදහස් කර එවාවි යැයි ඇය තුළ තිබුණේ දැඩි විශ්වාසයකි. නීතියට හා  දෙයියන් ටත් වඩා මේ අය මත තැබූ විශ්වාසය නිසාමය. 

එහෙත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධනවංශ, මස්සිනාගේ ජවය ශක්තිය බලය තියෙන ස්ථානාධිපති සිරිමාන්න කරන්නේ දින 08 කට පසුව ”ඊයේ” අත්අඩංගුවට ගත් බවට වන අමූලික බොරු වාර්තාව සමග උසාවියට ඉදිරිපත් කර රිමාන්ඞ් කරවීමය.

දමා තිබෙන චෝදනා වන්නේ අපරාධකරුවන්ට රැකවරණය දීම, පලා යෑමට ඉඩ දීම, මිනී මැරීමට අනුබල දීමය.

මේ චෝදනාවට මහේස්ත‍්‍රාත් උසාවිය ඇප දෙන්නේ නැත. එ් නිසා මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට බිරිඳ උත්සාහ ගනී. මිනී මැරීමේ චෝදනාවට මාස තුනක් පමණ කොටි කාලයකදී ඇප ලබා ගැනීමට හැකි වුවත් තම අයියාට ඇප නොදී රඳවාගෙන සිටින බව නැගණිය ප‍්‍රකාශ කරයි.

තම අයියා රිමාන්ඞ් එකේ තබාගෙන සිටීම, බලපිටිය කොස්ගොඩ ප‍්‍රදේශයේ පසුගිය කාලයේ පැතිර ගිය, තවමත් අවසන්ව නැති ඝාතන රැල්ලට අදාලව සිදුකරන්නක් බව නැගණිය වැඩිදුරටත් කියා සිටී.

ඇය නීතිපති ගේ අවධානයට කැඳවන්නේ පොලීසිය උසාවියට බොරු කීම පිළිබඳවය. 

එ් අනුව අවම වශයෙන් අයියාට ඇප ලබාදීමට මැදිහත්වන ලෙසටය.

කොස්ගොඩ පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව වැරදි කරු වූ තැනැත්තෙකි.

තවද ඔහු, මෙම අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති විමර්ශනය අවසානයේ දී විමර්ශන නිලධාරී අභියස දී, ස්ථානාධිපති සිරිමාන ඇයට බැන තර්ජනය කර ඇත.

එමෙන්ම අයියාගේ බිරිඳ ඉතා දුර්ලභ රෝගයකින් පෙළෙන බැවින්, කොස්ගොඩ ෙපාලීසියේ ස්ථානාධිපතිගේ නීති විරෝධී ක‍්‍රියා හා පාතාල සම්බන්ධයන් ගැන කතා කිරීම හේතුවෙන් නංගිට  තර්ජනය කිරීමට පෙළඹී සිටී. 

එම තත්ත්වය තුළ ඇයගේ ආරක්ෂාව සලසන ලෙසට මානව හිමිකම් කොමිෂමෙන් ද ඉල්ලා තිබේ. 

මෑතකදී කොස්ගොඩ දී අත්අඩංගුවට ගත් තාරකගේ මව පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන ලද ස්ත‍්‍රී අපේක්ෂිකාවකි. 

එමෙන්ම ප‍්‍රකට ඇමතිවරයෙකුගේ සහයෙන් විදේශගතව සිටින සුජීව නැමති අයගේ සොහොයුරි ද එම ප‍්‍රාදේශීය සභාවටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන ලද ස්ත‍්‍රී අපේක්ෂිකාවකි.

මේ දෙදෙනාම කොස්ගොඩ පොලීසියේ අනුග‍්‍රහයෙන් පවත්වන ලද ‘‘නිදහස් හා සාධාරණ මැතිවරණ’’ රැස්වීම් වලට සහභාගී වූයේ පොලීසියේ ගසා තිබෙන තාරකගේ හා සුජීවගේ පිංතූර දෙක දිහා බලාගෙනය.

අති විශේෂත්වය නම් කොස්ගොඩ  ඕ.අයි.සී. සිරිමාන්න හා බලපිටිය එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අශෝක ධනවංශ දෙමස්සිනෝ විමය. 

ෙම් සියල්ල අැය නීතිපතිට පවසා තිෙබ්. සි. අයි. ඩි. ඒක දන්නා බවද කියයි.


No comments:

Post a Comment