Thursday, July 5, 2018

පොලිස් වධකයින්ව! දුෂිත ඇමතියන්ව !! රකිමින්, ආවඩමින්, පුදමින්!!! වධහිංසාවට තිත තියමු නේද ?


මනෝජ් තෑලිස් ව්‍යාපාරිකයෙකි. ඔහුව ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති හිරියාදෙනිය මූලිකව, අමානුෂික ලෙස වධහිංසාවට පත් කරන්නේ, ප‍්‍රදේශයේ සිදුවූ මිනිමැරමකට ආදේශ කිරීමටය. 

තෑලිස් වධහිංසාවට පත්වන අන් බොහෝ දෙනා මෙන්, නිහඬව නොසිට, නීතිය හමුවට ගියේය.

ඔහු පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවට අනුව, වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩ කල වරදට, එවක ස්ථානාධිපති හිරියාදෙණිය වරදකරු කර වන්දි ගෙවීමට නියම කරයි. 

එ් අතර, විශේෂ පොලිස් විමර්ශණ එ්කකය මූලිකව, 1997 අංක 94 වධහිංසා පනත යටතේ, පවරන ලද නඩුවෙන් හිරියාදෙනිය වරදකරු වෙයි.

එහෙත් පොලිස් වධකයින්ට දෙනු ලබන්නේ පනතේ නියමයන්ට අනුකුල නොවන, ඉතා ලිහිල්, නාමික දඬුවමකි. 

ඉන් අනතුරුව, පොලිසිය විනය පරීක්ෂණයක් පවත්වා - හිරියාදෙණිය ගේ එක් වැටුප් වර්ධකයක් විලම්භනය කර රු:30,000 ක දඩයකට යටත් කර ඇති බව පවසන ජාතික පොලිස් කොමිෂම, පොලිස්පති දී ඇත මේ දඬුවම් ප‍්‍රමාණවත් නැති බවද එ් පිළිබඳව පොලිස්පතිට කියා තිබෙන බව කියාය.

මානව හිමිකම් කොමිසම පොලිස් කොමිසමට යවා ඇති ලිපිය.

පොලිස් කොමිසම තැලිස් මහතාට එවා ඇති ලිපිය.


පොලිස් වධකයින්, වධදීමකට වරදකරු වන්නේ ඉතා කලාතුරකින්ය. එසේ වරදකරු කරනු ලැබූවත් නියම කරන්නේ ලිහිල් දඬුවම්ය. විනය ක‍්‍රියාමාර්ග ගන්නේද වින්දිතයාව තව තවත් මානසික වධහිංසාවට පත්කරමින්ය. 

දුෂිත පොලිස් වධකයින් රකින්නේ මැති ඇමතියන්, සියුලුම වර්ණ වලට අයත් පුජකයින්, දුෂිත ව්‍යාපාරකයින් හා දුෂිත සිවිල් සමාජයයි. 

මෙම පිරිස වධහිංසාව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය කර තිබෙන ඉතා යහපත් පරිසරය ගැන නිහඬව, වධකයින් හා වධකයින් රකින්නන් හා එකට හිඳ වධහිංසාවට තිත තියන්න යයි හඬනගා කියමු.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව:-
අදට ඇති සෙස්ස පස්සට!!!

තෑලිස්ට වධ දුන් හැටි - තෑලිස් විස්තර කරන්නේ මෙහෙමයි.

                           වීඩියෝව 


No comments:

Post a Comment