Saturday, December 29, 2018

ක`ඵ ගඟ හා අවට විනාශ කරන පැනෝරාමා අයිතිකරු ව දෙයියෝ බලාගෙන ......... !!



රටේ පවතින සියලුම ඉදිකරීම් නීති උල්ලංඝණය කරමින්, අඛණ්ඩව ඉදිකරීම් කරගෙන යන - පැනෝරාමා අයිතිකාර යුවල හා එම නීති විරෝධී ඉදිකරීම්වලට නීතිමය පියවර ගැනීම වැළැක්වීමට අදාල ආයතනවල නිලධාරීන් හා එක්ව සිටින්නේ ඇමතිවරු, නගර සභා මංත්‍රීවරු මෙන්ම, ජ.වි.පෙ. නියෝජිතයන් බව, මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව තනි සටනක යෙදී සිටින වීරක්කොඩි මහත්මිය ප්‍රකාශ කරයි.

පැනෝරාමා හෝටලයේ අයිතිකරු ඉන්දික ප්‍රේමලාල් නැමැත්තාය. නිල අයිතිකරු වන්නේ ඔහුගේ බිරිඳ ඉහළ ගමගේ අමාලි ඉනෝකා නැමැත්තියයි.

ක`ඵතර උතුර, කොස්පනාවත්ත පාරේ ඉදිකරන හෝටලයේ ඉදිකරීම්වලට අදාල ආයතන අවසර දී නැත.

මෙම ඉදිකිරීම්වලට අමතරව, අවට පරිසරය සැලසුම් සහිතව විනාශ කරයි. ඉදිකිරීම් මගින් සිදුකර තිබෙන හානිය ක`ඵතර නගර සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ලිඛිතව පෙන්වා දී ඇත. පරිසර අධිකාරිය කිසිදු පියවරක් ගන්නේ නැත. 

මෙම හෝටල් අයිතිකාරිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන රජයේ ඉඩම්, විශේෂයෙන් රක්ෂිත ප්‍රදේශ හා ඇල මාර්ග නිවැරදිව සටහන් කර, නිරවුල් කර දීම, බිම් සවිය, ප්‍රතික්ෂේප කරන බවද ඇය කියා සිටී.

වීරක්කොඩි මහත්මිය විසින් මෙම හෝටලයේ අයිතිකාර පවුල්වල අය සිදුකරන පරිසර විනාශ ඇතුලු නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව ඒ ඒ අවස්ථාවලදී පැමිණිලි කළද ප්‍රයෝජනයක් වී නොමැත.

ඇය විශ්වාස කරන්නේ, අසීමිත ලෙස රාජ්‍යය නිලධාරීන්ට හා ප්‍රාදේශීය දේශපාකයන්ට ලබාදෙන අල්ලස් වලින් සියලු දූෂණ, අක්‍රමිකතාව යටපත් කර ඇති බවයි.

ඉතා කෙටිකාලයක් තුළ අසීමිත ලෙස මුදල් වැය කිරීම පිළිබඳව මත්ද්‍රව්‍ය කාර්යාංශය, මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ හා බදු දෙපාර්තුමේන්තුවේ අවධානය යොමු විය යුතු ද, එසේ වන්නේ නැති බව ද ඇය කියා සිටී.

No comments:

Post a Comment