Monday, December 17, 2018

මදින පිහියෙන් පිට කැපුවාට වන්දිය රු: 225,000/- යි. පොලිස්පතිට රු:125,000/- යි, පොලිස්කාරයන්ට රු: 100,000/- යි




රත්නසිරි, සුරාබදු ආඥා පනත යටතේ ලියාපදිංචි මදින්නෙක්. මේ පනත යටතේ, රා මදින්න බලපත්‍රයක් තියෙන්න ඕන. 

ඒ වුනාට, විකුණන්න බෑ. විකිණීම වරදක්. මොකද විකුණන්න බලපත්‍රයක් තියෙන්න ඕන නිසා. 

සුරාබදු ආඥාපනත යටතේ වන වැරදි අල්ලන්න සුරාබදු නිලධාරීන්ට මෙන්ම පොලීසියටත් පු`ඵවන්.

වැලිපැන්න පොලීසියේ සැරයන් දයාරත්න හා පො.කො. මධුසංඛ රත්නසිරි සොයා යන්නේ පගාව ගන්න. නඩුවක් ඉල්ලා ගන්න.

ඒ, 2010.08.09 වන දින.  

රත්නසිරි, පොලිස්කාරයන්ට, රා දෙන්නවත්, පගාව දෙන්නවත්, නඩු දෙන්නවත් සූදානම් වුනේ නෑ.

හොඳටම බිලා, රාජකාරි කරන්න ගිය මේ පොලිස්කාරයින් ඊළඟට කළේ රත්නසිරිව අත්අඩංගුවට ගන්න එක. එසේ කළේ රත්නසිරිගේ මදින පිහියෙන්ම, රත්නසිරිගේ පිට කපලා.

මෙම සිද්ධිය, ඒ අසලින් ගමන් කරමින් සිටි තරුණයෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරලා.

නරඹන්න වීඩියෝව 


පොලීසිය, අත්අඩංගුවට ගත් රත්නසිරිට විරුද්ධව, නඩු දෙකක් දැම්මා.

1. නඩු අංක : 62608/10 - මහේස්ත්‍රාත් අධිකරණය, මතුගම

2. නඩු අංක : 62289/10  -  මහේස්ත්‍රාත් අධිකරණය, මතුගම

ඒ අතර, රත්නසිරි, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, වැලිපැන්න පොලීසියේ සැරයන් දයාරත්න (501), පොලිස් කොස්තාපල් මධුසංඛ (67080) මූලික කරගෙන, මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවා.

ීක්‍රැත්‍ඍ 514රැ2010 දරන එම මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2018.11.27 වන දින ප්‍රකාශයට පත් කරනවා.

සැරයන් දයාරත්න (501), පොලිස් කොස්තාපල් මධුසංඛ (67080) මූලික අයිතිවාසිකම් වල, 11 වන වගන්තිය උල්ලංඝණය කර ඇති බවට නිගමනය කර, එම දෙදෙනාට හා මූලික අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම දරන රජයට, රත්නසිරිට වන්දි ගෙවන ලෙස නියම කරණු ලැබුවා.

පොලිස් කාරයින් දෙන්නා, රු: 50,000/- බැගින්ද, රජය වෙනුවෙන් පොලිස්පතිවරයා, රුපියල් ලක්ෂයක් ද, රු: 25,000- නඩු ගාස්තු ද ගෙවීමට නියම කරණු ලබනවා.

මේ අනුව රත්නසිරි ට, රුපියල් දෙලක්ෂ විසිපන් දහසක් වන්දි වශයෙන් හිමිවනු ඇත.

ප්‍රශ්නය වන්දි මුදල් හිමි වීම නොවේ.

පහර දී මන්නයකින් කපා, ඉන් අනතුරුව බොරු නඩු දෙකක් දැමූ පොලිස්කාරයින්ට, එයට වගකිව යුතු ස්ථානාධිපතිට එරෙහිව ගන්න පියවර කුමක්ද කියන එක. 


No comments:

Post a Comment