Sunday, November 3, 2019

පානදුර දකූණ පොලීසියේ පොලිස් කාරයෙක්, දිසා අපරධ අංශයේ තිබූ කුඩු තොගයෙන් ග‍්‍රෑම් 250 ක් හොරකම් කරලා. .

නිශාන්ත සිල්වා, අවු: 45 යි, ප්‍රකාශ කරන පරිදි පසුගියදා පානදුර දකූණ පොලීසියේ  පිහිටුවා ඇති දිසා අපරධ අංශය විසින්  සොයා ගන්නා ලද කුඩු කිලොවකින් ග්‍රැම් 250 ක්  පොලිස් කාරයෙක් විසින් සොරාගෙන ඇත. එම පොලිස්කාරයා ව මේ දක්වා අත්අඩංගු ගෙන නැත. එම සිද්ධියට තම පුතාව අත් අඩංගුවට ගෙන වධ දෙන බව කියා සිටි. 

තමා ගංජා විකුණා ඇති නමුත් තම පුතා කිසිදු නීති විරෝධි ක්‍රියාවකට සම්බන්ධ නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටි. 

ඔහු මෙම නීති විරෝධි ක්‍රියාව ගැන ,  මානව හිමිකම් කොමිෂන් සභාවට හා  පොලිස්පති ට කරන ලද  පැමිණිල්ල මෙසේය.
        
පානදුර දකූණ පොලීසියේ පොලිස් කාරයෙක්, දිසා අපරධ අංශයේ තිබූ කුඩු තොගයෙන් ග‍්‍රෑම් 250 ක් හොරකම් කරලා. එයට මාගේ පුතාව බිල්ලට ගන්නට යයි.

පරණහේවාගේ නිශාන්ත සිල්වා, අවු: 45 යි, විවාහක, දරුවන් 03 යි,  අලූබෝමුල්ල, පිංවල, පානදුර.

2019.11.02 වන දින දීය.

 සම්පත් සිල්වා, අවු: 30 යි, විවාහක, දරුවන් 01 යි, රැුකියාව: කාර්මික/ වායු සමීකරන

2019.11.02 වන දින, ප.ව. 1.00 ට පමණ, පුතා නිවස අසල ඥතිවරයකු ගේ නිවසට යන අතර පානදුර, නියෝජ්‍ය පොලිස්පතිගේ දිසා අපරාධ එ්කකයේ නිලධාරීන් 4 කු මෝටර් රථයකින් පැමිණ අත්අඩංගුවට ගන්නා ලදි.

දැනට ඔහුව පානදුර දකුණ පොලීසියේ උඩ තට්ටුවේ දිසා අපරාධ එ්කකයේ මාංචු දමා තබාගෙන, වධ හිංසා පමුණුවයි.

මා බලන්න ගිය අවස්ථාවේදී, මට පහරදී බැන වැදී එලවා ගන්නා ලදි.

පුතාට වධ දෙන්නේ, ඔහුට කුඩු ග‍්‍රෑම් 250 ක් ලබා දුන්න පොලිස් නිලධාරියා කව්දැයි අසමින්.

ඔවුන් කියන්නේ මෑතකදී පානදුර වෙරළදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු තොගයෙන් ග‍්‍රෑම් 250 ක් සොරාගෙන ඇති බවත්, එය පොලිස් නිලධාරියෙකු විසින් කර ඇති බවත්ය.

මගේ පුතාට වධ දෙන්නේ කුඩු සොරකම් කළ පොලිස් නිලධාරියා කව්දුැයි අසමින්.

මේ ආකාරයට පොලීසියේදී නැතිවූ කුඩු ඉල්ලමින් මාගේ පුතාට වධ දීම වහාම නතර කරන ලෙසට ඉල්ලමි.

මෙම නීති විරෝධී ක‍්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ද ඉල්ලමි.

මෙයට,

 නිශාන්ත සිල්වා 


No comments:

Post a Comment