Sunday, February 17, 2013

ශ්‍රී ලංකා පොලිසිය ගෘහස්ථ ප්‍රචන්ඩත්ව නීතිය ඔලුවෙන් සිටුවයි.


තමාට හා හත්මසක් වන දරුවාට පහරදී මහ මග දමා ගිය සැමියාට එරෙහිව පැමිණිල්ලක් කල බිරිදට හා ඇගේ පියාට එරෙහිව ගෘහස්ථ හිංසා පනත යටතේ නඩුවක් පවරමින්,  ජනාධිපති රාජපක්ෂගේ පාලනය යටතේ පවතින ශ්‍රී ලංකා පොලිසියේ,  ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ‍   ළමා හා කාන්තා අංශය, - තවත් ආශ්චර්යමත් ඉදිරි පියවරක් තබනු ලැබීය.
බොරැ නඩු දැමීම, වධදීම ආයතනගත කරගෙන සිටින පොලිසිය, දැන් ගැහැණුන්නට වධ දෙන පිරිමින්ව රැකීමට උසාවිය උපයෝගී කරගැනීමට පිවිස තිබේ.21 හැවිරිදි එක් දරු මවක් වන උදේණි විවාහ වී සතියක් යන්තම් ගෙවුනා පමණි. දෑවැද්ද ඉල්ලමින් සැමියා ඇයට වධ දෙන්නට විය.
ඇඹිලිපිටිය පොලිසියේ හා එහි නිලධාරීන්ගේ නිවෙස් පිළිසකර කර සියලු තීන්ත ආලේප කිරීම් සිදුකර දෙන කෝනත්‍රාත්කරුවකු වන නිශාන්ත කුමාර , පොලිසියේ ප්‍රකට සුරතලුන්ගේ එක් කෙනෙකි.
කොතරම් වධ දුන්නත්, ඇය නිශාන්ත කුමාරට එරෙහිව පැමිණිලි කිරීමට පොලිසියට ගියේ නැත. ඒ නිශාන්ත කුමාර හා පොලිසිය අතර පවත්වාගෙන යන සහ සම්බන්ධය දන්නා නිසාය.
පස්මස් වියැති ගැබිනියක්ව සිටින විට සිදුකල පහරදීමෙන් ඇයට රෝහල් ගතවීමට සිදුවිය. එම පැමිණිල්ල පොලිසිය යට ගැසුවේය. ඒ මිනිහා එක්ක පලයන් කියමින් බැන තර්ජණය කිරීමෙන්ය.
අට මස් ගැබිණියක්ව සිටින විට ඇයට පහරදුන්නේ සිහිසන් නැතිවෙන තුරුය. ඇය රෝහල් ගත විය. රෝහල් පොලිසිය ඇගේ ප්‍රකාශ ලියා ගත්තේය. වෛද්‍යවරු ඇගෙන් ප්‍රකාශ ලියා ගත්තේය. එසේ තිබියදී රෝහලට පැමිණි ඇඹිලිපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති කාන්තා පොලිසි සැරයන් 3329 සීතා රංජනී ජයසිංහ, ඇයට අවශ්‍ය ආකාරයට ප්‍රකාශයක් ලියා උදේනිගෙන් අත්සන් ගෙන ගියේය. ඒ සිද්ධිය ද පොලිසිය යට ගැසුවේය.
2013 ඔක්තොම්බර් 21 දින මහා පාරේ සිය ගණනක් ඉදිරිපිට පහරදී දරුවා උරහිසින් අල්ලා ඇය ළගට දමා - මේකත් අරගෙන පලයන් කියා ඇයව පලවා හැරියේය.
උදේනි එවර පොලිසියට ගියේය. ඇයට වූයේ පොලිසියෙන් බැණුම් අසන්නටය. ඇය සමග පොලිසියට ගිය මවට හා සුඵ පියාට බැන තර්ජණය කිරීම් වලට ගොදුරු වන්නට සිදුවිය.
පැමිණිල්ල එදින ළමා හා කාන්තා අංශයට බාර කෙරින. එහිදීද ඇයට සිදුවූයේ අපහාස විදින්නටය. ඇණුම් බැණුම් වලට ලක්වන්නටය.
පැමිණිල්ල ගැන සාකච්ජා කිරීමට - 2012 .11.30 පොලිසියට එන ලෙසට පණිවුඩයක් ලමා හා කාන්තා කාර්යංශයේ කාන්තා පොලිස් සැරයන් සීතා රංජනී ජයසිංහ 3329 ගෙන් ලිඛිත පණිවුඩයක් ලැබිණ.
ඒ අනුව ඇය පොලිසියට ගියාය.  එදිනද ඇයට පොලිස් කාන්තාවන්ගේ බැණුම් වලට නින්දා අපහස වලට ගොදුරු වන්නට සිදුවිය. මේ මිනිහා එක්ක පලයන් කියමින් ඔවුන් ඇයට තර්ජණය කළේය. එවිට නිශාන්ත කුමාර - කා.පො.සැ.3329 සීතා රංජනී ජයසිංහ ගේ පිටට තට්ටුකොට මේ ගෑනි අයෙත් අවොත් වසදීලා මරනවා යැයි ප්‍රකාශ කළේය. ඒ කිසිවක් පොලිස් කාන්තාවට වගක් වූයේ නැත.
එයින් අනතුරු - දහවල් 11.00ට පමණ ඔවුන් සියලු දෙනාව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගියේය. මහේස්ත්‍රාත් අධිකරණයේදී නම් කථා කල විට - අධිකරණය උදේනිට හා ඇගේ සුඵ පියාට විත්ති කූඩුවට නගින ලෙසට නියම කළේය.
එවිටය ඔවුන්ට වැටහුනේ පැමිණිලිකරුවන් විත්තිකරුවන් වී සිටින බව. ගෘහස්ථ හිංසා පනත යටතේ නඩුව පවරා තිබින. නඩුව මෙහෙයවූයේ කා.පො.සැ.සීතා රංජනී ජයසිංහය. මහේස්ත්‍රාත්වරයා උදේනිට හා ඇගේ පියාට ඇප නියම කළේය.
ඇය සියලු විස්තර අන්තර්ගත ලිඛිත පැමිණිල්ලක් නීතිපති, පොලිස්පති  හා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත. ඒ අනුව නීතිය ඔලුවෙන් සිටුවා ඇති මේ නඩුව ඉල්ලා අස්කර ගනීයයි ඇය අපේක්ෂා කරයි.
මේ බුදුන්ගේ දේශයේ, ආසියාවේ ආශ්චර්යමත් රටේ  වැඩ මෙහෙමයි කියා ඔවුන්ට දැන් තේරුම් ගොස් ඇත. රාජපක්ෂ ආණ්ඩුව අධිකරණය හා පොලිසිය, යුක්තිය ඉටුකරන්නට නොව - තම ගැත්තන්ව රකින්නට යොදවා ක්‍රියා කරන බව පැහැදිලිව ඇත.
එසේම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ද බොර දියේ - බඩගෝස්තරය වඩා ගැනීමේ කාර්යයේ නියැලී සිටින බවද තේරැම් ගෙන තිබේ. තමන්ට වරදින තෙක් මොවුන් සිතා සිටියේ දෙවියන් බුදුන් ඔවුන් සමග බවයි. කළ යුත්තේ කුමක්ද? උභතෝකෝටික ප්‍රශ්නයට ඔවුන් මුහණදි තිබේ.


Breaking News මානව හිමිකම් කොමිෂම - මීළඟට කනත්තටද ?


දැනට - කොළඹ 08, කිංසි පාරේ - (කොළඹ කනත්තට ආසන්න ගොඩනැගිල්ලක) පවත්වාගෙන යන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව - තෙමසක් ඇතුලත වෙනත් තැනකට ගෙනියන්න සූÞනම් වෙන බව වාර්තාවේ.
කොළඹ 08, කොටා පාරෙන් ආරම්භ කල ශ්‍රී ලංකා මානව හිමකම් කොමිෂන් සභාවේ කාර්යාලයඑතැනින් කිංසි පාරටදඉන්පසු මරÞනටදඑතැනින් බාන්ස් පෙදෙසටද ගෙනගියා. වර්තමාන ගොඩනැගිල්ලට පිවිසියේ 2011 දෙසැම්බර් මස මුලදීය. වසරක් ගෙවී ගියා පම‚.
දැන් එතැනින් වෙන තැනකට යන්න ලැහැස්තිවෙන බව වාර්තාවේ.මෙසේ විශාල මුදල් සම්භාරයක් වැය කරමින්ඉතා කෙටි කාලයකට ගොඩනැගිලි කුලියට/බද්දට ගැනීම ජ් කොමිෂමට අරක්ගෙන සිටින පිරිසකගේ ජාවාරමක්ද යන බරපතල සැකයක් මේ වනවිට මතුව තිබේ.
මේ තත්වය තුල සමහරු කියන්නේ ස්ථීර තැනක් කොළඹ කනත්තෙන් සොයා ගැනීම උචිත බවයි. 

Saturday, February 16, 2013

‘අන්ධ විශ්වාසයට‘ සත්‍ය පාවා ‍‍නොදුන් බෲ‍නෝ


තාරකා විද්‍යාඥයකු, ගණිතඥයකු, දාර්ශනිකවාදි‍යෙකු වූ බෲ‍නෝ පුලුස්සා මරා දැම්‍මේ මීට වසර 413 කට  ‍පෙරය.
බයිබල‍යේ ඉගැන්වීම් වලට පටහැනිව -  අන්ධ විශ්වාසයන් බිද ‍හෙලමින් -  විද්‍යාත්මකව තමා ‍සොයා ගත් ‍දේ ‍ලොවට ප්‍රකාශ කිරීම බෲ‍නෝ කළ වරදයි.
එදා ‍රෝම‍යේ රාජ්‍ය පාලනය සියතට ‍ගෙන සිටි ක‍තෝලික සභාව -  ඔවුන්‍ගේ ‘විශ්වාසයන්ට‘ ‘ඉගැන්වීම් වලින් ‘ බැහැර වූවන්ට වධ දුන්‍නේය. සිරගත ක‍ළේය. ශරීර අංග කපා දැම්‍මේය. පණ පිටින් පුලුස්සා දැම්‍මේය.
ක‍තෝලික සභාව ‍දෙවියන්‍ගේ නාම‍යෙන් ‍ලොවට ඉගැන්වූ අවිද්‍යාත්මක කරුණු, භක්ති‍යෙන් විශ්වාස කළ යුතු විය. එ‍සේ ‍ ‍නොකරන්නාට ඉහත ආකාරයට වධ බන්ධන වලට, මරණයට මුහුණ දීමට සිදු විය.
බෲ‍නෝ තමා උගත් ‍දේ - ක‍තෝලික සභා‍වේ විශ්වාසයන්ට පාවා ‍දෙන්නට සූදානම් වූ‍යේ නැත.
1548 දී, ඉතාලි‍යේ උපත ලැබූ බෲ‍නෝ මූලික අධ්‍යාපනය ලැබූ‍යේ ‍සෙම‍නේරියකය. සමකාලීන‍යෙකු වූ විද්‍යාඥ‍යෙකු, තාරකා විද්‍යඥ‍යෙකු වූ ගැලීලි‍යෝ ‍මෙන්ම, මරණයට බිය වී, වධ බන්ධනයට ‍ගොදුරු වී -   තමා ‍සොයා ගත් විද්‍යාත්මක කරුණු -  වැරදි බව ප්‍රකාශ ක‍ළේ නැත.
නගර මධ්‍යයේ ‘ මරු ග‍සේ‘ බැද - ගිනි සිලු සමග පැමිණි ක‍තෝලික පූජකවරුන් කුරුසිය ඔහු ‍වෙත දිගු ‍කොට - තමා කළ ප්‍රකාශ වැරදි බව පිළිගන්‍නේ  නම් ගිනි ‍නොතබන බව ප්‍රකාශ කළ විට ඔහු ක‍ළේ කුරුසියට ‍කෙළ ගැසීමය.
වර්තමාන‍යේදී ‍දේව විශ්වාසයන්ට පටහැනිව ස්වාධීනව තම මත ප්‍රකාශ කරන්නන් ‘‍දේවාපහාස‘ ‍ලෙසට නම් ‍කොට මරා දැමීමට, වධහිංසාවන්ට පත් කිරීමට, සිරගත කිරීමට එ‍සේ නැත්නම් ‍නෙරපා හැරීම් වලට ලක් කරනු ලබයි.
ලොව ‍වෙනස් ක‍ළේ, භිය නිසා ‍හෝ වරප්‍රසාද රැක ගැනීම සදහා ‍හෝ විශ්වාසයන්හි එල්බ ‍ගෙන ‍නොසිට -  සත්‍ය, යථාර්ථය, තම මතය ‍වෙනු‍වෙන් ‍පෙනී සිට් බෲ‍නෝ වැන්නන්ය.
ඔහුව ගිනි තබා මරා දැමීමේ  දඩුවම නියම ක‍ළේ 1600 ජනවාරි 20 වන දින -  අටවැනි ක්‍ලේමන්ට් පාප් වරයාය. බෲ‍නෝට විරුද්ධව නඩු ඇසු‍වේ කාදිනල්වරුය. එක් අ‍යෙක් පසුව පස් වැනි පාවුල් ‍ලෙසට පාප් පදවියට පත් විය.
1600 ‍පෙබරවාරි 16 වන දින ‍රෝම‍යේ මධ්‍යම ‍වෙළද චතුරශ්‍රයේදී පණ පිටින් පුලුස්සා මරා දැම්‍මේය. ඔහු‍ගේ භෂ්මාව‍ශේෂ ටිබර් ගගට දැම්‍මේය.

Friday, February 15, 2013

මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට මානව හිමිකම් කොමිෂන් සභාවත් වගකිව යුතුයි.


නිදහස් දිනට පෙරදා - පෙබරවාරි 03 රාත්‍රියේ, එගොඩ උයන සුනන්දෝපානන්ද විහාරස්ථානයේ අධිපති - මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ව සාහසිකයන් පිරිසක් විසින් ඝාතනය කරනු ලැබීය.

මෙම ඝාතනයට ශී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද වගකිවයුතු බව අවධාරණයෙන් හා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

එදින - 2013.02.03 දින සවස දෙවරක්ම මොරටුව පොලිසියට තමන්ට තර්ජන ඇති බවට පැමිණිලි කර තිබියදීත්, රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් එවක පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක හා උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුගේ වැඩඩ මේවනවිට තහනම් කර ඇත.

මෙම හිමිනම, 2012 දෙසැම්බර් මස 22 වන දින, තමන් විසින් මොරටුව පොලිසියට කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් පියවර නොගන්නා බවට - පැමිණිල්ලක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම් සභාවට කළේය. එම පැමිණිල්ල HRC/3840/2012 යටතේ ලියාපදිංචි කරන ලදි.

මෙම ගොනුව බාරවූ විමර්ශන නිලධාරී කළේ - එකී පැමිණිල්ල විමර්ශනය නොකර මොරටුව පොලිසියෙන් පැමිණිල්ල අදාළ වාර්තාවක් ගෙන්වා ගැනීමයි.

එම වාර්තාව පදනම් කරගෙන - කිසිදු විමර්ශණයක් නොකර මූලික අයිතිවාසිකම් කඩවී නැති බවට නිගමනය කොට ගොනුව වසා ඉවත දැමීමට පියවර ගත්තේය.

මානව හිමිකම් කොමිෂන් සභාව එම අවස්ථාවේ විමර්ෂනය සිදුකොට නිසි පියවර ගනු ලැබුවේ නම් මොරටුව පොලිසියට හිමි කම ගේ පැමිණිලි සම්බන්ධයෙන් පියවර නොගෙන සිටිමට බැරි වන්නේය. එබැවින් පොලීසියේ ඔනෑ එපාකම් වලට ක්‍රියා කල නිලධාරින් හා කොමසාරිස්වරැ කව්රැන්ද යයි වහා හෙලි කොට ඔවුන්ට විරැද්ධව පියවර නොගන්නේ නම් එයින් පැහැදිලි වන්නේ වත්දන් සභාපති ඇතුලු කොමසාරිස්වරු පොලිසිය රකින්නන් බවයි.

මෙහිදී හිමි නම ඝාතනයේ සැකරුවන් ගෙසට අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා මරා දැමිම සම්බන්ධයෙන් විමර්ශණය කල යුතුව ඇති නමුත්, එම කාර්යයද මානව හිමිකම් කොමිෂම  මහ හැර ඇති බව ප්‍රකාශ කරමු.



ජනසංසදය 

Thursday, February 14, 2013

ගිහින් ආණ්ඩුවට කියාපන්.... බුලත්සිංහල පොලීසිය අණ කරයි


බුලත්සිංහල අමර ගෙදර පාරම්පරික කිතුල් නිෂ්පාදන කරුවෙක් වූ ප්‍රේමරත්න මහතාට අයත් කිතුල් රා බෝතල් 22 ක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා කර්මාන්ත ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රෙල්ඛයක් ඉදිරිපත් කළ විට බුලත්සිංහල පොලීසිය ඔහුට ප්‍රකාශ කළේ -   “ උඹලාට බලපත්‍ර දෙනවා -  අපිට අල්ලන්න කියනවා‘‘ ගිහින් ආණ්ඩුවට කියාපන් ” කියාය.

වරක් ඔහුගේ කිතුල් රා අල්ලාගෙන ‘‘ සීනි කරිඤ්ඤන් ‘‘ -  නිපද වූ බවට ව්‍යාජ චෝදනා නගා නඩුවක් පැවරුවේය. ඔහු අධිකරණයේදි නිවරැදි කරු බව ප්‍රකාශ කළේය. එයින් පසුව ඔවුන් ඔහු නිපද වූ කිතුල් රා -  බෝතල් 22 ක් රැගෙන ගොස් බෝතල් 32 කට නඩු පැවරුවේය.

කිතුල් හා තල් ගස් මැදීම සදහා බලපත්‍ර ලබා ගැනීම අහෝසි කරමින්, සුරා බදු ආඥා පනත සංශෝධනය කළේය. ඒ 2011 වසරේදීය.

නමුත් මෙම බලපත්‍ර අහෝසිය පොලීසිය ගණන් ගන්නේ නැත. අල්ලස් නොදෙන, නඩු නොදෙන කිතුල් රා නිෂ්පාදකයින්ට නඩු පවරන බුලත්සිංහල පොලීසියට එරෙහිව පියවර ගන්නා ලෙසට හා කිතුල් රා නිෂ්පාදනය පිළිබද නීති සංශෝධනය පිළිබදව පැහැදිලි කරන ලෙසට ප්‍රේමරත්න මහතා, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා කර්මාන්ත ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලා ඇත.

ඇල්ලුවේ සොරකමකට දැම්මේ කුඩු වලට


2013 ජනවාරි මස 29 වන දින සොරකමක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් තරුණයෙකුව, පෙබරවාර 04 නිදහස් දින දක්වා රදවා තබා ගෙන -   කුඩු මිළි ග්‍රෑම් 550 ක් ප්‍රවාහනය කළා යැයි චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර -   රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.
ජනාධිපති රාජපක්ෂ, පොලිසියේ රදවාගෙන සිටීමේ කාලය පැය 48 දක්වා දිගු කළේ පසුගිය දාය.

ඔහු මෙය කළේ අපරාධ මර්ධනයට නොව ජනතාව මර්ධනයට හා පොලීසියට සිය දූෂිත ක්‍රියාවන් නීත්‍යානුකූල කර දීමටය.

දහ අට වියැති, මේ වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත  මලිත් වේදකව, දෙහිවල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් අත්අඩගුවට ගනු ලැබූයේ 2013 ජනවාරි 29 වන දින පස්වරු 4.00 ට පමණය.

එතැන් පටන් එම තරුණයාව, දෙහිවල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති අජිත් ගුණවර්ධන බාරයේ තබාගෙන ඇත.

කිසිදු සටහනක් නොදා නීති වරෝධීව දෙහිවල පොලීසියේ රථවාහන අංශයේ තබාගෙන සිටි මෙම තරුණයාව -  දින දෙකකට පසුව, එනම් 2013 ජනවාරි 13 වන දින පස්වරු 3.00 ට පමණ ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට ගෙන විත් -  වැඩිදුර පරීක්ෂණ සදහා යැයි පවසා නැවත පොලීසිට ගෙන ගොස් තිබේ.

ඔහුගේ පියා පවසන්නේ, 2013 පෙබරවාරි 04 දක්වා මහේස්ත්‍රාත් අධිකරණයෙන් පුතාව පොලීසිය බාරයේ තබා ගැනීමට රැදවුවම් නියෝගයක් ලබා ගත් බවයි.

2013 පෙබරවාරි 04 නිදහස් දිනයේදී, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මෙම තරුණයාව ඉදිරිපත් කළේ හෙරොයින් මිළි ග්‍රෑම් 550 ක් බෙදාහැරීමේ චෝදනාව යටතේය. ඒ අනුව ඔහු රිමාන්ඩ් බාරයට පත් කර ඇත. දැනට ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
සොඛ්‍ය සේවිකාවක් වන මව හා හිටපු හමුදා නිලධාරියෙකු වන පියා කියා සිටියේ තමන් කිසි දිනෙක මෙරට පොලීසිය මෙවන් තිරිසන් ක්‍රියාවක් කරාවියැයි නෙසිතූ බවයි.

තවද -  පොලීසියට, රදවා තබා ගැනීමේ කාලය රාජපක්ෂ ජනාධිපති දීර්ඝ කළේ සත්බාවයෙන් යයිද සිතූ -   ඔහු තමන්ට මෙවන් විපතක් සිදු වේයැයි සිහිනෙන් වත් සිතා නැත.

මෙවර අ.පො.ස. උසස් පෙළ (ජීව විද්‍යා විෂය ධාරාවෙන්) පෙනී සිටීමට නියමිත 18 වියැති තම එකම දරුවාගේ අනාගතයද ජනාධිපති රාජපක්ෂ යටතේ පවතින පොලීසිය විනාශ කර දමන ලද බව -  තේරුම් ගැනීමට පවා නොහැකිව සිටී. රත්මලානේ ස්ථිර පදිංචි කරුවන් වන මොවුන් පවසන්නේ තම සේසතම විකුණා හෝ පුතා නිදහස් කරගෙන තම ගේ දොර විකුණා ගමකට යන බවයි.

‘තෝරා ‍බේරා’ එල්ලා මරා දැමී‍මේ ඉන්දීය ක්‍රමය ශ්‍රී ලංකාව ආදර්ශයට ගනීවිද?


තෝරා ‍බේරා මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටක් බවට ඉන්දියාව පත්ව ති‍බේ. ‍මෙම ‍තෝරා ‍බේරා මරා දැමීමට ‍මේ වස‍රේ පළමුවැන්නා බවට පත් වූ‍යේ අසාල් ගුරුය.

පෙබරවාරි 09 වන දින තිහාර් බන්ධනාගාර‍යේදී ඉතා රහසිගතව අසාල් ගුරුව එල්ලා මරා දැමු‍වේ, ඔහුට මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව -  ඔහු‍ගේ බිරිදට දරුවන්ට පවා දැනුම් දී‍මෙන් ‍තොරවය. මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවට සදහන් ලිපිය -  මරණ දඩුවම ක්‍රියාත්මක කර දින ‍දෙකකට පසුව ලැ‍බෙන්නට සැලැස්වී‍මෙන්ය.

අසාල් ගුරු -  පළතුරු ‍වෙ‍ළෙන්‍‍දෙකි. ඔහු කාශ්මීර නිදහස ‍වෙනු‍වෙන් සටන් කරන සංවිධානයකට අයත් වූ‍වෙක් බව කියැ‍වේ. 2001 දී ඉන්දීය පාර්ලි‍මේන්තුවට එල්ල කළ ප්‍රහාර‍යේ මහා ‍මොළ කරු බවට තීරණය කළ ඉන්දීය ‍පොලීසිය එරට ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත යට‍තේ පිහිටුවා ඇති වි‍ශේෂ අධිකරණයට ඉදිරිපත් ක‍ළේය. ‍මෙම අධිකරණය ඔහුට මරණ දඩුවම නියම ක‍ළේය. දිල්ලි මහාධිකරණයද, එයින් පසු ඉන්දීය ‍ශේර්‍ෂ්ධිකරණයද එම තීන්දුව ස්ථිර කරනු ලැබීය.
2006 ඔක්‍තෝබර් 20, ඔහුව එල්ලා මැරීමට තීරණය විය. නමුත් එම තීරණය අත්හිටවනු ලැබීය. අසාල් ගුරු තමාට ජීවිත දානය ‍දෙන ‍ලෙසට වත්මන් ජනාධිපති ප්‍රතාප් මුකර්ජි ‍ගෙන් ඉල්ලා සිටි‍යේය -   අසාල් ගුරු‍ගේ ඉල්ලීම ඉවත දමනු ලැබීය.

මරණ දඩුවම නියම කරනු‍යේ විනිසුරුවන්ය. ඔවුන් මිනිසුන්ය. ඒ නිසාම ඔවුන්‍‍ගේ තීරණ සැම විටම නිවැරදි වන්‍නේ නැත. ඒ නිසාම මරණ දඩුවම ක්‍රියාත්මක ‍නොකළ යුතුයි. මරණ දඩුවම කිසි‍සේත්ම සාධාරණ දඩුවමක් ‍නොවන්‍නේය. එය ‍මෙ‍ලේච්ච දඩුවමකි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ  කරන්න්‍නො නොකරම බැරි,ඉතාමත් සුවි‍ශේෂ වූ සිද්ධීන්ට අදාලව මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවයි. වෙනත් වචනයකින් - ‘ ‍තෝරා ‍බේරා‘ මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවයි.
අසාල් ගුරු එල්ලා මරා දැමීමද  ‍තෝරා ‍බේරා සිදු කරන ලද්දකි. ‍මෙහි ඉතාමත් ‍මෙ‍ලේච්ච ක්‍රියාව වන්‍නේ  ඥාතීන්ට ‍නොදන්වා රහසිගතව මරා දැමීමයි.
ශ්‍රී ලංකා‍වේ මරණ දඩුවම පවකි. අධිකරණය මරණ දඩුවම නියම කරනු ලබයි. නමුත් 1976 න් පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට කිසිම ජනාධිපතිවර‍යෙක් සිය අත්සන ‍යෙදු‍වේ නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්‍‍තාය.ඇය මරණ දඩුවම නියම වූ පුද්ගලයින්ට පිළිගත් ශිෂ්ඨ ක්‍රමය අනුව නිදහස් වීමට තිබූ අවස්ථාව නැති ක‍ළේය. අදටත් ඒ ආකාර‍යෙන්ම එම නීතිය පවතී.

එ‍හෙත් වත්මන් රාජපක්ෂ ජනාධිපති -  සිය චින්තනය යට‍තේ මරණ දඩුවම නියම වූවන් අතුරින් ‍තෝරා ‍බේරා නිදහස ලබා දීමට පියවර ‍ගෙන තිිබේ. එයට අමතරව නීතිපති මගින් මරණ දඩුවම හිමි අපරාධ සැකකරුවන්ට එ‍රෙහිව පවතින ‍චෝදනා ඉල්ලා අස්කර ගනී.

ඒ අතරම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී. එක් අතකින් ජනමාධ්‍ය උප‍යෝගී කර ‍ගෙන මරණ  දඩුවම ඉල්ලා සිටින පිරිසක් ‍ගොඩ නගා‍ගෙන ඇත. අලු‍ගෝසුවන් ‍දෙ‍දෙ‍නෙකු බදවා ‍ගෙන ඔවුන්ට පුහුණුවක් දීම ආරම්භ කර ති‍බේ.

1956 දී අ‍හෝසි කළ, නැවත 1959 දී ස්ථාපිත කළ මරණ දඩුවම 1976 න් පසුව ‍පොතට සීමාවී ති‍බේ. ‍මෙම තත්වය ‍වෙනස් කර ‍තෝරා ‍බේරා අපරාධකරුවන් නිදහස් කරන ආකාරයටම ‍තෝරා ‍බේරා එල්ලා මැරීම ආරම්භ කිරීමට රාජපක්ෂ ජනාධිපති ‍බො‍හෝ දුරට පියවර ගනු ඇත.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය ‍හෙළා දැකීම හා මරණ දඩුවමට එ‍රෙහිව නැගී සිටීම අවශ්‍ය කාරණයකි.





JANASANSADAYA
81/2, Arthur V. Dias Mawatha
Panadura
Sri Lanka
Tele/Fax:-038 22 35191
E-mail:- manava@sltnet.lk 
www.janasansadaya.org                                          
                                                       

Tuesday, February 12, 2013

Vatileaks, Holy Tweets, Santa Hats: Pope Benedict XVI in facts & photos


Pope Benedict’s tenure as the leader of the Catholic Church lurched from one controversy to another as the words and deeds of the outspoken and traditionalist theologian were seized on by a soundbite-hungry 24-hour rolling news media.– While the moral credentials of his predecessor John Paul II – who aided Jews during World War II and was praised for helping bring down Communism in Eastern Europe – were never in doubt, Joseph Ratzinger was dogged by persistent innuendo about his life during Nazi rule in Germany. Documents show only that the teenage Ratzinger was compulsorily recruited into the Hitler Youth, before being drafted into the Army as an anti-aircraft helper, from which he deserted. It is unlikely that the future Pontiff was a Nazi sympathizer, but these details, which only became public as Ratzinger was elected, did not furnish him with a backstory of moral courage.
His past meant that for Benedict his every mention of World War II became a minefield. Many Jewish groups professed outrage at the Pope’s vocal drive to canonize Pius XII, the wartime Pope who was accused of never publicly condemning the Holocaust. Benedict XVI also caught more flak in 2009, when he lifted the excommunicationof English bishop Richard Williamson, a man who regularly called Jews “the enemies of Christ”, and who has claimed that “200,000 to 300,000 Jews perished in Nazi concentration camps, but none of them in gas chambers”.
The Pope’s relations with Muslims were also derailed early during his term. During a speech at a German university in 2006, Benedict XVI proclaimed “Show me exactly what is new about what Mohammed had to say. You will find his words only contain evil and inhuman ideas, like his order to spread the faith he preached by the sword.” The speech was widely reported throughout the Muslim world. The Pope explained repeatedly that he was merely quoting a 14th century Byzantine emperor, but the damage was done.
– In 2009, the man once nicknamed “God’s Rottweiler” for his dogmatic defense of the Church’s doctrine, gave ammunition to liberal critics when he said
“The problem of AIDS cannot be solved by simply handing out contraceptives. On the contrary, this would make it worse.”A year later, the Pope made worldwide headlines again when he said that contraception could be used to lower the risk of sexual disease where childbirth wasn’t an issue, such as between a male prostitute and his client. On neither occasion did the Pope say anything principally new, but both times he was forced to clarify his statements in the face of a media backlash, showing a trademark inability to present his message on his own terms.

– Benedict’s term was marked by a tidal wave of allegations of systematic child abuse in the priesthood, and just as damagingly, of cover-ups concerning that abuse by highly-placed officials within the church. A policy was seemingly in place, whereby uncovered pedophile priests would simply be transferred to a new parish, instead of being defrocked and reported to the police. Benedict himself became embroiled in the scandal when it was discovered that Father Peter Hullermann, a known child molester, was transferred to a new parish, under the watch of Ratzinger himself, who was at the time, the Archbishop of Munich (Hullermann continued to commit sexual crimes, and was eventually arrested). The single story overshadowed multiple unequivocal apologies and condemnations of abuse Benedict XVI made during his time at the Holy See.
But it was not only media critics who took aim at the Papacy. The Pope was betrayed by his own butler (and a coalition of powerful Vatican insiders), during the Vatileaks scandal that dragged through the entirety of 2012. A series of leaked personal documents exposed the Holy See as a vipers’ nest of corruption, rivalry and intrigue. The Pope himself was presented as a passive onlooker, incapable of taking charge as crime prospered outside his door. Instead of facing up to the allegations, the Vatican fired several highly-placed officials and arrested the butler, Paolo Gabriele, before sentencing him to a prison term in an internal trial conducted by Vatican priests. Benedict subsequently pardoned Gabriele, but the Italian police and European regulators remain interested in suspected money-laundering and financial irregularities at the Vatican Bank.

– Despite the troubles that beset his term, the personal integrity of Pope Benedict during his tenure was unquestionable. That gave credence to a series of speeches on the dangers of materialism that he gave in the midst of the economic crisis in 2008 and 2009. Many traditional Catholics, unbothered by the relentlessly negative media coverage, also praised his “back-to-basics” approach to religious teaching, rooted in the Bible.
Although always portrayed as a serious-minded intellectual, Benedict XVI also showed a different side during his time at the helm of the Holy See:
Compared to his relatively dressed-down predecessor, Benedict XVI favored an ostentatious selection of colorful vestments, outsized mitres and diamond-studded crucifixes. Among the memorable outfits are a combination of a blood-red ermine-lined velvet cape and “Santa hat” (actually a camauro, worn by pontiffs since the 1100s) that had not been seen in public in half a century. The Pope, each of whose garments had a symbolic significance, did not eschew modern Italian designers either, often sporting a pair of designer Serengeti sunglasses. The Vatican did deny the widely-reported story that the Pope’s loafers were made by Prada (they were actually made by his own personal cobbler).
– The Pope also ordered celebrity perfume maker Silvana Casoli to create a personal eau de cologne for him last year. Scented with “hints of lime, verbena and grass”, according to Casoli, the perfume reflected Benedict’s "love of the forests and animals in his native Bavaria, as well as peace and tranquility.”

– Performing in front of the Pontiff is a time-honored tradition, but eyebrows were raised when a troupe of acrobats tore off their shirts and executed a series of daring holds and lifts in front of an attentive Benedict during a circus performance in 2010. The video became an instant internet hit.
– Tired of constantly being on the defensive, the Vatican has revamped its media strategy, hiring Greg Burke, a Fox News correspondent, as a senior advisor. The result, a press call in December, in which the Pontiff typed in his first ever message on Twitter. He currently has more than 1.5 million followers. Sample tweet: “We pray that the Church, despite her shortcomings, may be increasingly recognizable as Christ’s dwelling place”.




‘‘වේලය“ පිටු පස

‘ෂියා‘ නමින් හදුන්වන ඉස්ලාමීය නිකායේ ආගමික ඉගැන්වීම් වලට අනුව - රට පාලනය කරන - ඉරානයේ ගැහැනුන්ගේ තත්වය පැහැදිලි කරන්නක්.

මෙම රටේ නීතියට ‘ෂියා‘ ඉස්ලාමීය නීතිය - අනුව ගණිකා වෘත්තිය තහනම්ය. දඩුවම ගල් ගසා මරා දැමීමයි.

මුල්ලා වරුන් මගින් පවත්වගෙන යන පාලනය යටතේ ඕනෑම විවාහක පිරිමියෙකුට තවත් ගැහැණියක්, තරැණියක් හෝ වැන්දඹුවක් හෝ මාස දෙකකට වැඩි කාලයක් ස්වාමියාගෙන් වෙන්වූ, හෝ ඇය ඉල්ලා සිටින මුදල ලබා දී තාවකාලික ‘අඹුකමට‘ තියා ගන්නට පුලුවන.

මෙම මුදල් දී ‘අඹුකමට‘ තබා ගන්නා කාල දවස් විය හැකියි. සතියක්, මාසයක්, අවුරුද්දක් විය හැකියි. අවශ්‍ය වන්නේ මුල්ලා කෙනෙකු ඉදිරියට ගොස් කුරානයේ පාඨයක් කියවීම පමණයි. අවුරුදු 9 ට වැඩි ඕනෑම ගැහැණු ළමයෙකු විවිහ කර ගැනීමට, තාවකාලික අඹු කමට ගැනීමට ‘ෂියා‘ නීතියෙන් ඉඩදී ඇත.

මනුෂ්‍යයින් විසින් ඉතා දිගු කලක් අරගල කොට දිනා ගන්නා ලද නිදහස ආගමික අන්තවාදීන් විසින් එල්ලා මරා දැමීමට පෙරමුණ ගෙන සිටී. මෙහි පථම ඉලක්කය ගැහැණුන්ය. සටන්පාඨ දෙවියන්ය. යල් පැන ගිය ආගමික සාස්තෘවරුන්ගේ පාඨයන්ය.

මෙම වාර්තා චිතපටය බලන්න. සිතන්න. අපටද ඉගෙන ගන්න පාඩමක් මෙහි තියෙනවා නේද? නිගමනය ඔබ සතුයි.

Prostitution Behind the Veil.




Monday, February 11, 2013

පොල් හොරකමට සැක කළ දැරියගේ අධ්‍යාපන අයිතිය සහතික කළ යුතුය


හොරණ, මේධංකර මහා විද්‍යාලයේ ඉගෙනුමබ ලබන 13 න් හැවිරිදි ශිෂ්‍යාවක් පාසැලේ තීන්ත ගෑමට ගෙන එන්නට යයි කියන ලද රු: 800.00 ය සෙවීමට අසල වත්තකින් රු: 320.00 ක් වටිනා පොල් ගෙඩි 08 ක් ඇහිද ගැනීම බරපතල සොරකමක් ලෙසට හදුන්වා අධිකරණයට ඉදිරපත් කර රු: 50000.00 ක ඇප මත මුදා හැරීමේ ආන්දෝලනයට ලක් කළ පුවත -  මේ දින වල සාකච්ඡාවට භාජනය වේ.

රාජපක්ෂ ජනාධිපතිගේ පවා හද උණූ වූ බව මේ කියන පුවත අදාල නිකුත් කරන ප්‍රකාශ වල - දැරියගේ අධ්‍යාපන අයිතිය ගැන කිසි කතාවක් නොමැත.

දැනටමත් මීට පෙර මුදල් එකතු කොට සොරකම් කළ කේ.ඒ. සෙනවිරත්ත විදුහල්පති හා එයට අනුබල දුන් ගුරුවරුද, එම වංචාවට හවුල් දෙමාපියන් හා ආදි ශිෂ්‍යයන්ද, මේ දැරිය පාසලට අවමානයක් ගෙන දී ඇති බව ප්‍රචාරය කරමින් ඇගේ පාසැල් දිවිය හා ජිවිතය විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

වහාම ඇයට සුරක්ෂිතව පාසැල් අධ්‍යාපනය කරගෙන යෑමට වාතාවරණය සැලසිය යුතු අතර, ඒ සදහා පළමුවෙන්ම මෙම විදුහලේ විදුහල්පති කේ.ඒ. සෙනවිරත්ත ගේ වැඩ තහනම් කළ යුතුය.

ප්‍රධානීන් පාසැලට ගොස් සිද්ධිය ගැන අදාල දැරියගෙන් හා දෙමාපියන්ගෙන් සමාව ගෙන ඇයට ආරක්ෂාව සලසා ඇයට ඉගෙන ගැනීමට සියලු පහසුකම් වාතාවරණය සැලසිය යුතුය. සියලු ගුරුවරුන්ද, සිසුන්වද, දෙමාපියන්වද, ආදි සිසුන්ද දැනුවත් කළ යුතුය. නැතිනම් මේ දැරිය අනාගතයේ රටටම බරක් වනු ඇත.


බලන්න Editors Colum


http://peoplesforumsl.blogspot.hk/p/e-news-letter.html




Sunday, February 10, 2013

බුලත්සිංහල පොලිස් වධකයෝ


දවස් නමයක්, 28 හැවිරිදි තරුණයෙකු බුලත්සිංහල පොලීසියේ නීති විරෝධීව රදවා තබා ගෙන වධ දුන්න එහි ස්ථානාධිපති එච්.එම්. ගුණරත්නට හා අපරාධ අංශයේ කුමාරත්නට විරුද්ධව නීතිමය හෝ විනයානුකූල හෝ පියවර ගැනීම පොලිස්පති හා නීතිපති මගහරිමින් සිටී.
බුලත්සිංහල පොලිස් වසමේ අභිරහස් ලෙස මරා දමා තිබූ තරුණියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුවාවෙන් කිහිප දෙනෙකුව නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන වධදුන් අතර, මේ දක්වාම එම මරණයට අදාලව තොරතුරක්වත් සොයා ගැනීමට පොලීසිය අසමත් වී ඇති බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගත් තරුණයෙකි රැජින කාන්ත. ඔහුව පළමුවෙන්ම 2011.10.13 දින අත්අඩංගුවට ගෙන 18 දක්වාද, දෙවන වරට 2011.11.01 දින අත්අඩංගුවට ගෙන 04 දක්වාද රදවා තබාගෙන වධ දුන්නේය.
මේ සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළේය. එම පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුව - 2013.01.13 දාතමින් නිකුත් කළ නිර්දේශ‍ෙයන් බුලත්සිංහල පොලීසියේ ඉහත නම් සදහන් නිලධාරීන් රැජින කාන්ත් ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට නිගමනය කර තිබේ.
තවද, වන්දි වශයෙන් එම නිලධාරීන් දෙදෙනාට රු.25000 ක් රැජින කාන්ත් ට ගෙවන ලෙසට නනියම කර ඇත.
එයට අමතරව එකී නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගැනීම සදහා එකී නිර්දේශයේ පිටපත්ද ඔවුන් දෙපලට යවා ඇත.
මේ දක්වාම එම වධකයින් දෙන්නාට විරුද්ධව නීතිමය හෝ විනයානුකූල පියවර ගැනීම පොලිස්පති හා නීතිපති මගහැර තිබේ.
රැජින කාන්ත තමාව නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම හා වධ දීම සම්බන්ධයෙන් ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අවසරය ලබාදී ඇති අතර, එම පෙත්සමේ වගඋත්තර කරුවන් වන ඉහත නම් සදහන් පොලිස් නිලධාරීන්ට උත්තර බැදීමට නියම කර ඇත.
මේ වන විට මෙම නිලධාරීන් රැජින කාන්තව හා ඔහුගේ පවුලේ උදවියට හා  සාක්ෂි දීමට ඉදිරිපත් වූවන්ට විවිධ බලපෑම් එල්ල කිරීමට පටන්ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් කොමිෂම නිර්දේශයේද සදහනකි.
බුලත්සිංහල පොලීසිය සිදු කරන මෙම අයුතු බලපෑම් නතර කරවන ලෙසට ඔහු පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ.
රැජින කාන්තගේ කථාව -  නරඹන්න
police create suspects # 11108


Thursday, February 7, 2013

ගැහැණූද පිරිමිද නොවන අයට නීත්‍යානුකූල පිළිගැනීමක්.


ගැහැණු පිරිමි ෙදකොටසම අයත් නොවන මනුෂ්‍යයින් කොට්ඨාශයක් අප අතර ජීවත් වෙති. එහෙත් ඔවුන්ව සමාජය පිළිගන්නේ නැත. සිංහලයින් මේ කණAඩායම නපුන්සකයින් වශයෙන් හඳුන්වති. ඔවුන්ව පරිභවයට ලක්කරති.
සමහරක් දෙනා උපතින් පිරිමි˜ වෙති. සමහරක් දෙනා උපතින් ගැහැයක් ˜ වෙති. එහෙත් කල් යෑමේදී - ඔවුන් එක්කෝ ගැහැණුන් ලෙසටඑසේ නැත්නම් පිරිමින් ලෙසට ජීවත් වෙති. හැසිරෙති.
උප්පැන්නයේ පිරිමිහෝ ගැහැණු˜ ලෙසට සඳහන්ව ඇතත් - එම දෙවර්ගයටම අයත් නොවන මේ පිරිසගේ අනන්‍යතාවය විශාල ගැටල`ඵක්ව පවතී.
නේපාලය - රටේ නීතිය වෙනස් කරමින්මේ පිරිස ගැහැණූ හෝ පිරිමි දෙපාර්ශවයටම අයත් නැති වෙනත් ˜ කොටසක් ලෙසට හැඳින්වීමටදඅනුව ඔවුන්ගේ හැඳුනුම්පත් හා අනන්‍යතාවය සකස් කිරීමට පියවර ගෙන තිබේ.
ඕනෑම දේශයක සුලූතරයන් අතරසුලූතරයක් වූ මේ පිරිසගේ අයිතීන් ආරක්ෂා කරමින්ඔවුන් වෙනස්කම් වලට භාජනයට කිරීම වැලැක්වීමට මෙම නීතිමය පියවර ගෙන තිබේ.
මේ ආකාරයටම ජ් මැතකදි ප්‍රංශය හා එංගලන්තය සම ලිංගික විවාහය නීත්‍යානුකූල පළි ගන්නා රටවල් අතඑරට එක් වීමට පියවර ගත්තේය.
ලෝකයේ ප්‍රධාන ආගම් මනුෂ්‍යයින්ගේ විවිධ චර්යාවන් ස්වාභාවික හා අස්වාභාවික ලෙසට හඳුන්වමින්සුලතරය මර්ධනය කරනු ලැබිය. මේ සඳහා උපයෝගි කරගත්තේ සංස්කෘතියසදචාරයට හා දෙවියන්ගේ කැමැත්ත යන පදයි.  
යථාර්තය පිළිගනිමින්සුලූතරයේ අයිතීන්වලට ගරු කිරීම ශිෂ්ඨ සමාජයන්හී වගකීම වේ. බුදුන් වහන්සේ ජන්මය ලැබු දේශය ගනු ලැබු මේ පියවර කලාපයේ අන් රටවල් ආදර්ශයට ගත යුතුය.

Vatican sex crimes prosecutor pushes for transparency on sex abuses

The Vatican’s new sex crimes prosecutor has insisted on the need for transparency about the church’s failures to protect children from sex abuse by priests. Rev. Robert Oliver quoted Pope Benedict XVI in saying the church must recognize the “grave errors in judgment that were often committed by the church’s leadership.” He added that bishops must follow civil laws and report abusive priests to police, where such laws require it. The comments come just days after thousands of pages of personnel files of abusive priests were released by a Los Angeles court.

Wednesday, February 6, 2013

ගැහැණුන්ට සංගීතය “හරාම්” ලු !


කාශ්මීරයේ ෂරියා නීතිය මගින් ගැහැණු ළමුන්ගේ සංගීත කණ්ඩායම තහනම් කර ඇත.

පසුගිය දෙසැම්බරයේ කාශ්මීරයේ සිරිනගාර් හි පැවති සංගීත තරගයෙන් තෙවන තැන දිනාගත් මෙම ගැහැණු ළමුන් තිදෙනාට, එදා පටන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් තර්ජන එල්ලවන්නට පටන් ෙගන තිෙබ්.

කාශ්මීරයේ ෂරියා නීතිය අර්ථ දක්වන්නාවු, මව්ලිවරයා විසින් මෙම සංගීත කණ්ඩායම ඉස්ලාම් දහමට පටහැනි බව තීන්දු කළේය. ඔවුන්ගේ භාෂාවෙන් සංගීතය හරාම් ය.

මෙම කණ්ඩායමේ ගිටාර් වාදක අනිකා කහලිඩ් මාධ්‍යයට කියා සිටියේ, ඉස්ලාම් නීති ප්‍රකාශකට ගරු කරමින් තම සංගීත කණ්ඩායම විසුරුවා හැරීමට තීරණය කරන ලද බවයි.

ඉස්ලාමීය අන්තවාදීන් ලොව බොහෝ ප්‍රදේශවල ආගමේ නාමයෙන් ජන ජීවිතයට තර්ජන එල්ල කරමින්, විශේෂයෙන් ස්ත්‍රීන් මර්දනය කිරීමට පෙළගැසී තිබේ.






(හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඇසුරිණි)






එංගලන්ත මෙට්‍රොපොලිටන් පොලීසිය මළ දරුවන්ට පොලිස් ඔත්තුකරුවන් ආදේශ කරලා.



දශක හතරකට වැඩි කාලයක සිට එංගලන්තයේ මෙට්‍රොපොලිටන් පොලීසිය එරට මිය ගිය දරුවන්ගේ නම් ගම් ලිපිනයන් සොරාගෙන තම ඔත්තුකරුවන්ට එම නම් ගම් ඇතුලූ අනෙක් තොරතුරු ආදේශ කොට ඇත. එයින් නොනැවති එකි ව්‍යාජ ලේඛන උපයෝගි කරගෙන එම පුද්ගලයින්ට හැඳුම්පත්රියදුරු බලපත් හා රක්ෂණ සහතික ලබාදි තිබේ.


මෙම ඔත්තුකරුවන්ව බහුලව යොÞගෙන ඇත්තේ එරට විරෝධතා කණ්ඩායම් තුලට ඇතුලත් කරවා ඔත්තු සෙවීමටය.ගාඩියන් පුවත්පත හෙළිකල මෙම කරුණ ප්‍රතික්ෂේප නොකල පොලීසිය දැනට එවන් ක්‍රියාවන් සිදු නොකරන බව හා චොදනාව ගැන පරික්ෂණ පැවැති විමට එකඟ වි තිබේ.