Saturday, March 15, 2014

ෂොපින් බෑග් කොමිපැණියෙන් සේවකයින්ට පොලු!


හොරණ, අරමනාගොල්ල, කර්මාණ්ත ජනපදයේ පවත්වා ගෙන ගිය  DND පොලිපැක් නමැති ෂොපින් බැග් නිපදවීමේ කර්මාන්ත ශාලාව සේවකයින් දොට්ට දමා කම්හල වසා, එහි යන්ත්‍ර සුත්‍ර පවා ගලවාගෙන ගොස් තිබේ.මේ නිසා මහමගට වැටුනු සේවක සංඛ්‍යාව 25කි බව කියති. 2014 පෙබරවාරි 18 දින කිසිදු දැනුම් දීමකින් තොරව කම්හල වසා දමා තිබේ.
මෙම කර්මාන්ත ශාලාවේ හිමි කරුවන් කව්රුන්ද යන වග කම්කරු දෙපාර්තුමේන්තුව මේ දක්වා හෙළි කර නැති බව පවසන සේවකයෝ ඔවුන් දන්නා තරමට මෙම සමාග මේ අයිතිකරු, පානදුර, වලාන, ශ්‍රි රාහල් මවතේ පදිංචි බුද්ධික සන්දනායක නැමති අය වේ. මේ සම්බන්ධව මෙම සේවකයින් හොරණ පොලීසියට කරන ලද පැමිණිල්ලට අණුව මෙම  බුද්ධික සන්දනායක පැමිණ රු.8500/-ක තාවකාලික දිමනාවක් දීමට එක වුවද ගෙවන ලද්දේ රු. 6500/- බව කියා සිටි.
වසර තුනහාමාරක කාලයක සිට මෙම සමාගම EPF හා ETF ගෙවා නැති බව හෙළිදරව් වි ඇතත් ඒ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තුමේන්තුව පියවර ගෙන නැති බවට සේවකයෝ චොදනා කර සිටි. තවද හොරණ, අරමනාගොල්ල, කර්මාණ්ත ජනපදයේන් ගලවා ගෙන ගිය මෙම කම්හල මොරටුව ප්‍රෙද්ශයේ ඉදිකිරිමට සැලසුමක් ඇති බවද කියා සිටි.

මෙම සේවකයින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නෙ නොපමාව හි වැටුප්, වන්දි ගෙවන ලෙසටත් නොගෙවා ඇති EPFහා ETF මුදල් අය කර ගැනීමට පියවර ගන්නා ලෙසටත්ය.

No comments:

Post a Comment