Friday, March 21, 2014

කලුවර කාමරේට දාලා නිරුවත් කොට වධ දුන්නා.


පානදුර පිංවත්ත පොලිසියේ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක්, කිසිදු හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු චෝදනා දමා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පානදුරේ පදිංචි විසි දෙක හැවිරිදි තරුණයෙකුටය. ඔහු පුහුණු කාර්මික ශිල්පියෙකි.

තම සීයාගේ අවසන් කටයුතු නිම කොට, මල බතද වැළදීමෙන් පසුව, නික්ම යන ඥාතීන්ව ගාලු පාරට ගෙනවිත් ඇරලවීම ඔහුට පැවරින.

ඒ අනුව තම මාමා කෙනෙකුව ගාලු පාරට ඇරලවා ආපසු යන අතර, පිංවත්ත පොලිසියේ සිවිල් ඇදුමින් , අධික ලෙස බීමත්ව පැමිණි පොලිස් කාරයින් හතර දෙනෙක් කොහේද යන්නේ ප...යි අසා, පහරදී , යතුරු පැදියේ තබාගෙන පිංවත්ත පොලිසියට ගෙනගොස් නිරුවත්කොට, විදුලි පහන් නිවා වධ දුන් බව ප්‍රකාශ කරයි.

පොලිසියේදී මෙම වධ දීම මෙහෙයවා ඇත්තේ එම පොලිසියේ ස්ථානාධිපතිය.

වධ දීම නිසා පොලිස් කූඩුව තුලදී බරපතල ලෙස රෝගාතුරුවූ මොහුව පසුදින පානදුර රෝහලට ගෙන යාමෙන් පසුව, ඔහුට නේවාසික ප්‍රතිකාර ලබාදීමට, රෝහල් ගත කර තිබේ.

පිංවත්ත පොලිසිය, ව්‍යාජ තොරතුරු අඩංගු බී වාර්තාවක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, රෝහලට පැමිණි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඔහුව රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබීය.

කලුතර බන්ධනාගාරයට ගෙන යෑමෙන් පසුව ද ඔහුට, බන්ධනාගාර රෝහල් වාට්ටුවේ තබා, ප්‍රතිකාර ලබාදී ඇත.

ඔහුට නගා ඇති චෝදනාව - හෙරොයින් ලග තබා ගැනීමය.

සිද්ධිය වුනේ 2014.03.05 දිනය. ඔහුට දින 07ක් බන්දධනාගාරගතව සිටින්නට සිදුවිය.

ආසියාවේම ආශ්චර්යමත් ලෙසට මානව හිමිකම් රැකගනිමින්, ජනාධිපති රාජපක්ෂ යටතේ පාලනය වන ශ්‍රී ලංකා පොලිසියේ මේ ඛේදවාචකයට මුහුණ දුන්නේ -පානදුරේ පදිංචි සුරංග රන්මල් ප්‍රනාන්දු නැමැති තරුණයාය.


No comments:

Post a Comment