Thursday, April 17, 2014

නැගණියගේ පෙම්වතා මැරූ කෝටිපතියාව පෝරකයට යවන්න.

පාතාල නායකයකු මෙන්ම ප්‍රබල දේශපාලඥයකු වන - ඉන්දියාවේ යදව් ගේ පුතාට හා ඥාති පුතාට දෙන ලද ජීවිතාන්තය දක්වාවූ සිරදඩුවම, ප්‍රමාණවත් නැත. ඔවුන් දෙන්නාව එල්ලා මරා දැමිය යුතුයි. නිටිෂ් කටරාගේ මව ඉල්ලා සිටී.
දිල්ලි මහාධිකරණය පසුගියදා (2014.04.02) ඉන්දියාව් අති ප්‍රබල පාතාල නායකයකු දේශපාලඥයකු හා කෝටිපතියකු වන ඩී.පී.යදව් ගේ පුත් විකාස් යදව් හා ඥාති පුත් විශාල් ව, නිටිෂ් කටරාගේ ඝාතණයට වරද කර ජිවිතාන්තය දක්වාවු සිර දුවම් නියම කළේය.
මොවුන් සිය නැගණීය වූ බහාටී යදව් ගේ පෙම්වතා වූ 28 හැවිරිදි නිටිෂ් කටරා මරා දමන ලද්දේ 2002 පෙබ : 17 වන දිනය.නිටිෂ් ගේ හා බහාටි ගේ ප්‍රේම සම්බන්ධයට යදව් පවුල තරයේ විරුද්ධ විය. එහෙත් ඔවුන් සිය සම්බන්ධතාවය නතර කළේ නැත. විවාහ මංගල්‍ය උත්සවයකට මේ දෙපල සහභාගී වෙමින් සිටියදී, යදව් පුතුන් දෙන්නා නිටිෂ් පැහැර ගෙන යන ලදි.
එයින් අනතුරුව, මහ මග දමා ගොස් තිබූ හදුනා ගැනීමට නොහැකිවන පරිදි ඩීසල් දමා ගිණි තබා තිබූ නිටිෂ් ගේ සිරුර හමු විය. බොකු බඩවැල් එලියට දමා තිබූ අතර, මරා දමා තිබුනේ පහර දීමෙන්ය.
පසු දිනම පොලිසිය විකාස් හා යදව් අත්අඩංගුවට ගන්නා ලදි. එහෙත් නඩු විභගය යන අතර, පොලිසිය පවා සාක්ෂි විකෘති කිරීමට ඉදිරිපත් විය. යදව් ගේ දියණිය බහාටි ව,සාක්ෂි දීමෙන් වැළැක්වීමට ප්‍රබල උත්සාහයක් ගත්තේය. අධීකරණයට කැදවීම ඇය මග හැරියේය.
පසුව ඇය අධිකරණයට ඉදිරිපත් නොවී සිටින්නට බැරි වන පරිදි ඇගේ විදේශ ගමන් බලපත්‍රය පවා අවලංගු කිරීමට ඉන්දීය රජයට සිදු විය. නිටිෂ් මරා දැමීමට තම පියාද වගකිව යුතු බවට, මුලදී ප්‍රකාශ කල බහාටි, අධීකරණය ඉදිරියේ කියා සිටියේ, තමා හා නිටිෂ් සමග තිබුනේ හුදු මිත්‍රත්වයක් පමණක් බවයි. ඇය, නිටිෂ් පෙම්වතා බවට පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.
එම කාලයේ ඇය විසින් මිතුරන්ට යවන ලද විද්‍යුත් පණිවුඩවල වගකීම බාර ගැනීමටද ඇය ප්‍රතික්ෂේප කර සිටියේය.මෙම නඩුව පළමුව විභාගයට ගත්තේ උත්තර ප්‍රෙද්ශයේ ගෂීබාඩ් අධිකරණයේදීය. එල්ලවූ බලපෑම් හමුවේ නඩුව ශ්‍රේෂෟඨාධිකරණය නියමයෙන් නඩු දිල්ලි මහාධිකරණයට මාරු කරනු ලැබීය.
දිල්ලි මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, විනිසුරුවරයා මෙය - පවුලේ ගරුත්වය රැකගැනීම සදහා කරන ලද මිනීමැරුමක් ලෙසට හැදින්වීය (Honor Killing).
නමුත් එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කල නිටිෂ් කටාර්ගේ මව, නීලම් කටාර් කියා සිටින්නේ, මෙය බලය උපයෝගී කරන ලද මිනීමැරුමක් බවයි. මෙම මිනීමැරුම යටපත් කිරීමට යදව් සිය මුදල් බලය, පාතාල බලය හා දේශපාලන බලය උපරිම වශයෙන් යෙදෙව්වේය.
එහෙත් වසර 12ක් පුරා නීලම් කටාර් ගේ මව, එරට බොහෝ මාධ්‍ය හා සිවිල් සමාජය යදව් ගේ බලපෑම් හමුවේ නොසැලී සිටියේය. මාධ්‍ය සාක්ෂි හෙළිදරව් කළේය. පොලිසිය විටින් විට ලබාගත්, පටිගත කරන ලද ප්‍රකාශ, ප්‍රචාරය කළේය.
නඩුවක් තියෙන නිසා, ඒ ගැන කතා කරන්න බෑ යන ශ්‍රී ලාංකික ඊනියා නීතිවේදීන්ගේ, මධ්‍යාවේදීන්ගේ, බුද්ධිමතුන් ගේ වංචාකාරි න්‍යාය - ඉන්දියාවේ යුක්තිය උදෙසා නැගී සිටින්නවුන් බැහැර කිරිම නිසා, දේශපාලන බලය, මුදල් බලය, මැර බලය පරාජය කිරීමට හැකියාව ලැබින.


No comments:

Post a Comment