Thursday, April 17, 2014

කැනඩාවේ සත්ය හා ප්‍රතිසංවිධානය ප්‍රතිඵල රහිත වෙයි ?

කැනඩාවේ ආදි වාසීන්ට එරෙහිව පරම්පරා ගණනාවක් පුරා දියත් කල රාජ්‍ය මර්ධනය සටපත් කර, වර්තමාන කැනේඩියානු ආණ්ඩුව හා ආදි වාසීන් අතර සැබෑ, කල්පතින්නාවූ සාමයක් ගොඩනැගීම සදහා - තෙවසරකට පෙර පිහිටුවන ලද සත්‍ය හා ප්‍රතිසංවිධානය සදහා වූ කොමිෂම් වාර්තාව හා නිර්දේශ ප්‍රතිඵල රහිත එකක් වනු බවට මත හා සැක පහළව තිබේ.
වර්තමාන කැනඩාව, පහලොස්වන සියවසේ බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශය විසින් අත්පත් කරගන්නා තෙක්, එරට උරුමව සිටියේ, විවිධ කණ්ඩායම්වලට, ගොත්‍රවලට අයත් වූ ආදිවාසීන්ටය.
බ්‍රිතාන්‍ය පූර්ණ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ආදිවාසීන් සිය ජන්ම භූමිවලින් පලවා හැරියා පමණක් නොව, ඔවුන් ව කර දැනීමටද පියවර ගත්තේය.
ක්‍රිස්තියානි දේවස්ථාන හා ආණ්ඩුව - පාසල් පිහිටුවා, ආදිවාසීන්ගේ භාෂාව, සංස්කෘතිය වනසා, ආදිවාසී දරුවන් ඉංග්‍රීසීන් බවට පත් කළේය. එහෙත් ඉතා දුෂ්කරතා මධ්‍යයේ තම අනන්‍යතාවය රැක ගැනීමේ උත්සාහය ආදිවාසීන් අත්හළේ නැත.
තම නිදහස උදෙසා ආදිවාසීන් පරම්පරා ගණනක් මුඵල්ලේ ගෙන ගිය අරගලයේ ප්‍රථිඵලය වශයෙන් 2008 වසරේදී, සුදු ජාතිකයින් විසින් සිදු කරන ලද ආදිවාසීන්ට එරෙහිව සිදුකරන ලද අපරාධ පිළිගෙන - සමාව අයද සිටීමට කැනේඩියානු රජය පිළිගත්තේය. මෙය ඓතිහාසික සමාව අයදීමක් ලෙසට සලකනු ලැබේ.
එයින් අනතුරුව ආදි වාසීන්ගේ අයිතීන් ලබාදීමට යම් යම් පියවර ගන්නා ලද නමුත් - දෙපාර්ශවය අතර සමගියක් සාමයක් ඇති නොවීය.
සාමය, සමගිය ගොඩ නැගීම සදහා - ආදිවාසීන්ට සුදු ආණ්ඩුවෙන් සිදුවූ සියලු අක්‍රමිකතාවයන් හෙළිදරව් කර, ඒ මගින් සදාචාරය ගොඩනැගීම අරමුණ කර ගත් - සත්‍ය හා ප්‍රතිසංවිධාන කොමිෂමේ උත්සාහය ඵල නොදැරීමට ප්‍රධාන හේතුවක් වශයෙන් - විචාරකයින් දක්වන්නේ පල්ලිය හා ආණ්ඩුව පාලනය කල පාසල්වල සිදුවූ දූෂන, අක්‍රමිකතා, අපයෝජන හෙළි කිරීමට ඒවායේ ප්‍රධානීන් අසමත් වීමය.
සත්‍ය හා ප්‍රතිසංවිධානය ගොඩ නැගිය හැක්කේ සියලුම සිදුවීම් වල තොරතුරු නියම ආකාරයෙන් හෙළිකිරීමෙන් පමණකි.


No comments:

Post a Comment