Wednesday, April 23, 2014

ඉතාලිය - කොළනියකි.


ඉතාලිය - ස්වාධීන රාජ්‍යයක් නොවන බව, ඉතාලි දර්ශණවාදියෙකු වන ගිආනි වැටීමෝ ප්‍රකාශ කරයි.
එක් පැත්තකින්, ඉතාලිය වතිකානුවේ කොලණියකි. අනෙක් පැත්තෙන් ඇමෙරිකානු කොළනියකි.

මේ රාජ්‍යන් දෙකටම කළ නොහැකි එකම දේ, ඉතාලි ජනාධිපති තෝරාපත්කර ගැනීමය. ඉතාලිය බැටිස්ටා සමයේ කියුබාවට සමානය. වෙනස ගණිකා මඩම් වෙනුවට හමුදා කදවුරු තිබීමය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව - සීතල යුද්ධ සමයේ ඇමෙරිකාව, සිය පාර්ශවයට අයත් රටවලට - හමුදා කදවුරු පරිත්‍යාග කළේය. එම කදවුරු- ඇමෙරිකානු අධිරාජ්‍යයේ දිගු අඩුය. ඇන්ටනාවන්ය. ඇමෙරිකාව සෑම දෙයක්ම කරන්නේ තම ජාතියේ අවශ්‍යතාවය, ආරක්ෂාව යන පදයන්ට මුවා වෙලාය.

මේ වන විට ලොව පුරා තිබෙන ඇමෙරිකානු යුද හමුදා කවුරු ගණන දහසකට වැඩිය. ඒ ඇමෙරිකාව තුල තිබෙන හාරදහසකට අමතරවය.

ලොව පුරා ඇති හමුදා කවුරු ඒ රටවල - අභ්‍යන්තර කටයුතු පාලනය කරනු ලබයි. මෙම කවුරු නිසා එම රටවලට ලැබෙන ආදායම, දඩමිමා කරගෙන එය සිදුකරන ලබන බව ඉතා පැහැදිලිය. යම් අර්බුදයක් හටගත්විට, තම හමුදා කදවුරු ඉවත් කරන බවට ඇමෙරිකාව තර්ජණය කරනු ලබයි. ඉතාලි භූමිය තුල පවතින හමුදා කවුරු එරට අභ්‍යණ්තරය පාලනය කරන බවට නිදසුනක් වශයෙන් ඉදිරිපත් කරන්නේ, ඇමෙරිකානු හමුදා කදවුරුවල සිටින සෙබලුන් ඉතාලි භූමිය තුල සිදුකරන අපරාධ සම්බන්ධයෙන් එරට අධිකරණ බලය ඇත්තේ, ඉතාලි ආණ්ඩුවේ අදාල ඇමතිවරයාගේ අනුමැතිය ලැබුනොත් පමණක් බවය. ගතවූ මාස 15 තුල ඇමෙරිකානු සොල්දාදුවන් 113 කට විරුද්ධව චෝදනා ඉදිරිපත් වූවද එයින් 91 කටම නඩු පැවරීමට අවසර දීම ඉතාලි ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බව නිදසුනක් ලෙස පෙන්වා දෙයි.

මෙය ඉතාලියට පමණක් සීමාවූවක් නොව - සමස්ථ යුරෝපයටම පොදුවූවක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.



1 comment:

  1. ඇමරිකාා කඳුවරක් ලාංකාවෙ නැහැ නේද? අපරාදෙ එකක් දාන්න ආරාධනා කරන්නයි තිබුනෙ..

    ReplyDelete