Tuesday, November 1, 2016

2 කුව, ඇස් බැඳ මහා කැලයට ගෙන ගොස් වධ දෙයි. පොලිස් අපරාධයට රනිල් වගඋත්තර බැඳිය යුතුයි.





බුත්තල පොලිසිය, ශ‍්‍රී ලංකාවට හදුන්වා දුන්න  නවතම ක‍්‍රමයකට වධදීමේ දීමේ ප‍්‍රථිඵලයෙන්, දරු පවුල් දෙකක් අනාතයින් බවට පත් කර ඇත.

මෙම වධදීම කර ඇත්තේ, ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මනෙදාල පිරවීමටය. ට‍්‍රැක්ටරයක් නැතිවීම මුල් කරගෙන, මෙම විවාහකයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන, දෑස් බැඳ, ව්‍යාපාරිකයා ලබාදුන් වාහනයකින්, මො/ඇතිලවැව ප‍්‍රදේශයේ ඝණ කැලෑවකට ගෙන ගොස්, මුනින් පෙරළා, අත් පා එකට එකතු කොට, එල්ලා පහර දී ඇත.


ඉන් අනතුරුව, දින 3ක් රඳවා තබාගෙන සිට, මුදාහැර තිබේ. නැගිට ගන්න වත් බැරිව සිටි මොවුන් දෙන්නා රෝහල් ගතවූ විට, එදිනම, පොලිසිය රෝහලට ගොස් බලහත්කාරකමින් ටිකට් කප්පවා, ප‍්‍රතිකාර ලබාදීමට ඉඩ ලබාදී නොමැත. 

පසුව පොලිසියට රැගෙන ගොස් කිසිවකුට පැමිණිලි කිරීමට හෝ නැවත රෝහල්ගතවීම නොකරන ලෙසට බලපෑම් කර, එක් අයෙකුට 7500/= බැගින් ලබාදී ගෙවල්වලටම ගෙනවිත් ඇරලවා තිබේ.

මොවුන් දෙදෙනාගේ බිරියන් දෙපල, තම සැමියන්ට සිදුකල අපරාධය පිළිබඳව පැමිණිලි කිරීමට, මොනරාගල පොලිස් අධිකාරී කාර්යාලයට ගියවිට, එම පැමිණිල්ල බාර ගැනීමද ප‍්‍රතික්ෂේප කර තිබේ.

මොවුන් දෙදෙනා පසුව, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කර තිබේ.


එම පැමිණිලිවල පිටපත් ජාතික පොලිස් කොමිෂමට හා අගමැති රනිල් වික‍්‍රමසිංහටත්, ඔහුගේ සමිපතකයකු  වන, පොලිසිය බාර ඇමතිවරයාගේ අමාත්‍යංශ ලේකම්ටත් යවා තිබේ.

පොලිසිය සිදු කරන සෑම අපරාධයක් සම්බන්ධයෙන්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ කාර්යය බාරය ඉට කරන, පොලිසිය බාර ඇමති සාගල රත්නායක ගේ සියලූ ක‍්‍රියාවන්ට, අගමැති රනිල් වික‍්‍රමසිංහ වගකිව යුතුයි.

බුත්තල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන වධ දී ඇත්තේ වැල්ලවාය පොලිස් බල ප‍්‍රදේශයට අයත් තරුණ විවාහකයින් දෙදෙනෙකුටය. මොවුන් දෙදෙනාම විවාහකයින් ය. කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියවරුන් ය.

අන්ත දුගී, දැඩි දුෂ්කරතා මාධ්‍යයේ කුලී වැඩ කරමින් ජීවත්වන්නවුන් ය.

බුත්තල පොලිසියේ, ස්ථානාධිපති ප‍්‍ර.පො. ප රුවන් ප‍්‍රනාන්දු හා  අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප විජේකෝන් මෙම අපරාධය සිදුකර තිබේ.

චායාරුප, වධ දුන් ආකාරය හා ඔවුන් ජිවත් වන පැල්පත් ...කථා තේරුම් කර ගැනීමට උදව් වනු ඇත.

මොවුන්ගේ ලිඛිත පැමිණිලි වලට, පොලිස්පතිගේ සම්ප‍්‍රදානුකූල වැඩ පිළිවෙල‍්‍ර/පිළිතුර - එනම් පොලිස්පතිට කිව්ව විට - ප‍්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිට කීම, නි.පොලිස්පති වරයා වසම බාර - පොලිස් අධිකාරීට කීම, පො.අධිකාරී වරයා අදාල පොලීස් බාර සහකාර පොලිස් අධිකාරීට කීම, ඔහු ස.පො.අධිකාරී  ප‍්‍රකාශයක් ගන්න කියා පැමිණිලි කරුට එන්න කිම. එ් අනුව ගිය විට, පැමිණිලිකරු ව මග හැර, කාර්යාලයේ කාටහරි කියා ප‍්‍රකාශයක් ලියවා ගැනීම, අවශ්‍ය දේ නොලියා, ලියා ගන්නා ප‍්‍රකාශය ට බලපෑම් කර අත්සන් ගැනීම, ඊට පසු  ස්ථානාධිපතිගෙන් එ් ගැන අසා ,ඔහු කියන දේ, සා.පො.අ. විසින් පො.අ ට දැන්වීම. පො.අ. එය නි.පො. ප ට දැනුම් දීම.  නි.පො.ප. එය පො. පට දන්වා එවිම. පො.ප විසින් එයම ඔහුගේ මාණ්ඩලික සහකාර මගින් පැමිණිලි කරුට දැන්වා එවීම. 

පවතින මෙම විෂම චක‍්‍රය වෙන්ස කරන්නට අවශ්‍යතාවයක්  අගමැති රනිල් ට හා ඔහු ගේ පොලිසිය බාර ඇමති සාගල රත්නායකට අවශ්‍යය නැති බව පැහැදිලිය. පොලිස් අපරාධ දිගටම පවත්වාගෙන භීෂණය වපුරන්නට අනුමැතිය දී තිබෙන බවක්  මෙයින් පෙනී යයි. 

No comments:

Post a Comment