Tuesday, December 19, 2017

ෆයිල් වහන්න බලන් ඉන්න පොලිස් කොමිෂම



වසර නවයක් පුරා පොලිසියේ සහයෙන් උසාවිය මගහරින ලද පුද්ගලයෙකු පිළිබඳව, බලධාරීන්ට කරන ලද පැමිණිල්ලකට, වසරකට පසුව පොලිස් කොමිෂමෙන් ලැබුන අගනා පිළිතුරකට යවන ලද පිළිතුර පහත දක්වමු.

මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් පරිදි, බොහෝ රාජ්‍ය ආයතන, කොමිෂම් මෙන්ම පොලිස් කොමිෂම මහජන මුදල් කාබාසිනියා කරන සූදු කල්ලියකි. 

දිනූෂා ගේ සැමියා, සජිත් ශාන්ත, ආබාධිත දරුවා ද අතහැර ගොස්, ඉන් අනතුරුව වසර නවයක් පුරා, නඩත්තු නොගෙවා, උසාවිය මග හරින ලදි.

එසේ මග හරින විට, පළමු පියවර වශයෙන් අධිකරණය, ඇප මුදල් රාජසන්තක කළේය.

අඛණ්ඩව වරෙන්තු නිකුත් කළේය. එහෙත් පොලිසිය වරෙන්තු ක‍්‍රියාත්මක කළේ නැහැ. 

දිනූෂා මේ කාරණය, ලිඛිතව බලධාරීන්ට දැනුම් දෙන ලදි. ඉන් අනතුරුව 2017 ඔක්තොම්බර් මස අත්අඩංගුවට ගෙන, රක්ෂිත බණ්ධනාගාර ගත කරනු ලැබීය. 

එයින් අනතුරුව, එනම් වසර නවයයි මාස දෙකකට පසුව, පොලිස් කොමිෂමෙන් ලිපියක් දිනූෂාට ලැබින. එයට පිළිතුරු වශයෙන් දිනූෂා, පොලිස් කොමිෂමට යවන ලද ලිපිය පහත දක්වමු.

යහපාලනය රටේ ඇති කරන්නට, මේ රටේ සියලූම රාජ්‍ය ආයතනවල ඉහළ සිට පහළට, සේවය කරන්නන්ට වැටුප් දීමනා ගෙවන රටේ පුරවැසියන් ගේ හඬ අවදි කළ යුතුය. 

එ් සඳහා බලගැන්විය යුතුය. දිනූෂා ගේ ලිපිය - ආදර්ශයකි. 

එස්.දිනූෂා සුරංගි ද සිල්වා මිය,
102/ඊ, බණ්ඩියාවත්ත, දෙදියවල,
වස්කඩුව.
2017.12.18

ශ‍්‍රීමාලි අතාවුද ආරච්චි මිය,
අධ්‍යක්ෂ (මහජන පැමිණිල විමර්ශන 11*,
බස්නාහිර පලාත (ගම්පහ/ක`ඵතර*,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
අංක 09 ගොඩනැගිල්ල,
ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

මහත්මියනි,

නඩු අංක 47827 (නඩත්තු* - ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණය

ඔබගේ භඡුක්‍රැුඡුක්‍ෂෘරැුඋඡුරැු533රැු2016 හා 2017.12.12 දාතමින් යුතු ලිපිය හා බැඳේ.

මා විසින් 2016.10.10 දාතමින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට, අවුරුද්දකුත් මාස දෙකකට පසුව, එ්වා ඇති පිළිතුරෙන්, ඔබ කොමිෂම යළි යළිත් උත්සාහ ගෙන ඇත්තේ පොලිසියේ ¥ෂණ අක‍්‍රමිකතාවන් වසන් කර, මහජනතාව මුලා කිරීමටය. 

මාගේ පැමිණිල්ලෙන් පෙන්වාදුන් වරෙන්තුකරුව, අත්අඩංගුවට ගන්නේ වසර නවයකට පසුවය. 

ඔහු අත්අඩංගුවට නොගත් හේතුව මාගේ පැමිණිල්ලෙන් දක්වා තිබේ.

වසර නවයකට පසුව අත්අඩංගුවට ගැනීම සාධාරණය කිරීම ගැන මාගේ බලවත් අප‍්‍රසාදය පළ කරමි.

කළ යුත්තේ ගොනුව වසා දමා, අත පිස දැමීම නොව, වසර 9ක් පුරා අත්අඩංගුවට නොගැනීමට හේතු විමර්හණය කර, අදාල දුෂිත පොලිස් කාරයින්ට එරෙහිව නීතිය ක‍්‍රීයාත්මක කිරීම හා මෙවන් ෂිදුත අවම කිරීමට පියවර ගැනීමය.

මෙයට,
විශ්වාසී,


එස්.දිනූෂා සුරංගි ද සිල්වා.

පිටපත:
ලේකම්/සභාපති
ජාතික පොලිස් කොමිෂන් සභාව.


1 comment:

  1. මානව අයිතිවාසිකම් ගැන කතා කරන එක හොඳයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අදාල මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය මේ විදිහට හෙළිදරව් කරන්න පුළුවන් කියලා. මේ තැනැත්තියගේ ලිපිනය, නඩු අංක සියල්ලම ඔහේ ලියලා. වාර්තා කරන්න සුදුසු නුසුදුසු දේ ගැනත් අවබෝධයක් ලබාගන්න.

    ReplyDelete