Sunday, April 1, 2018

හිජාබය, සල්වාරිය තහනම - මූලික විරෝධතා අහකට



නාවල, ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුලූ අට දනෙකු වගඋත්තරකරුවන් කරමින්, ෆාතිමා හෂීනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ තම දියණියට මුස්ලිම් බාලිකාවන්ට හිමි අයිතියක් රැක ගැනීමටය.

එනම් පාසල් නිල ඇඳුම වෙනුවට සල්වාරය හා හිජබය පැලඳ පාසල් යෑමට තිබෙන අයිතිය තහවුරු කර ගැනීමටය.

එ් 2014 වසරේදී ය.

2014 දින පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්කාර, මව හා දියණිය වෙනුවෙන් ඉදිරිපත් කළේ ජනාධිපති නීතිඥ ෆසිසර් මුස්ථාපා ප‍්‍රමුඛ නීතිඥයින් පිරිසකි.

රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ප‍්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ප‍්‍රමුඛ නීතඥවරු මඩුල්ලක් පෙනී සිටින ලදි. 

මෙම නඩුව විභාගයට ගැනීමට විරුද්ධව මූලික විරෝධතාවන් දෙකක් වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරණු ලැබීය.

පළමු විරෝධතාවය වූයේ පේතසම්කරු විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමය.

දෙවන විරෝධතාවය වූයේ කාලය ඉකුත් වී ඇති බව - කාලාරෝධය - ය.

මෙම මූලික විරෝධතාවයන් පිළිබඳව 2016 නොවැම්බර් මස දෙපාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වා සිටින ලදි. 

එම මූලික විරෝධතාවයන් දෙක පළිිබඳව ”තීන්දුව” 2018 මාර්තු මස ප‍්‍රකාශයට පත්කරන ලදි.

එම තීන්දුවට අනුව, පෙත්සම්කාරිය, ව්‍යාජ කරුණු ඉදිරිපත් කර නොමැති බව තීන්දු කර නැත. 

මුස්ලිම් බාලිකාවන්ට පාසල් නිල ඇඳුම වෙනුවට ඔවුන්ට ආවේනික සල්වාරය, හිජාබය පැලඳිය හැකි බවට අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ තහවුරු කර තිබෙන  බව, ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගැනීම විය.

ඉදිරිපත් කරන ලද කරුණුවල වැදගත් භාවය මත කාලය ඉකුත් වුවද, නඩුව ඉවත නොදැමිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන ලදි.

එ් අනුව, 2014 දී, මුස්ලිම් බාලිකාවන්ට ඉගෙන ගැනිම සඳහා පාසැලට යෑමට ‘‘පාසල් නිල ඇඳුමු’’ ඇඳිය යුතුමද? යන්න පිලිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරියේදී තීරණය කරණු ඇත.

සටහන:-
‘‘නිදහස් අධ්‍යාපනය’’ යන යෙදුම සටන් පාඨ කරගෙන සිටින විවිධ කල්ලි කණ්ඩායම් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ‘‘ප‍්‍රාණ ඇපයට’’ අරගෙන සිදුකරන සුරා කෑම්, අපයෝජනය කිරිම්, ගැන අනුගමනය කරන නිහඬ පිළිවෙත ලැජ්ජා සහගතය.  


  

No comments:

Post a Comment