Friday, April 27, 2018

වන්දිය රු: 175,000/- අවුරුදු 40 ක් පුරා පොලීසියට එරෙහිව දුන්න තීන්දු වතුරේ!! සුප‍්‍රිම් උසාවිය කියයි!!!



මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම් පිළිබඳ හතලිස් වසරක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවලින් වැඩක් වෙලා නෑ. 

වේල්ලවීදිය පොලීසියේ පොලිස් පරීක්ෂක වරයෙකු වූ ප‍්‍රසන්න රත්නායක නැමැත්තාට එරෙහිව පවරන ලද, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, ඉහත ප‍්‍රකාශය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ ප‍්‍රියන්ත ජයවර්ධන හා කේ.ටි. චිත‍්‍රසිරි යන විනිසුරුවරුන්ගේ  එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසරු බුවනෙක අලූවිහාරේ ය.

ජා ඇල, ජානක සම්පත් වටවලගේ යන අය විසින් මෙම මූලික අයිතිවාසිකම් නඩුව පවරන ලද්දේ, 2008 වසරේදී ය. පිටකොටුවේදී පහර දී, අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, ගංජා කූරු පහක් ළඟ තබාගත් බවට බොරු නඩු දැමීම මගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලමින්ය.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදුකරන හා වධ දෙන සෑම අවස්ථාවකදීම පොලීසිය සිදුකරන්නේ ගංජා, කුඩු,බොම්බ හෝ කසිප්පු මුල් කරගෙන බොරු නඩු දැමීමය. මේ බොරු නඩු දැමීම ගැන කිසිදු දේශපාලන පක්ෂයක්, ඊනියා මානව හිමිකම් කාරයින් ඇතුලූ සිවිල් සමාජය හෝ කථා කරන්නේ නැත. එමෙන්ම ව්‍යාජ චෝදනාවලට සු`ඵ ජාතිකයෙකු ලක් කළ විට, එය සු`ඵ ජාතීන්ට එරෙහිව කරන ලද්දක් බව දැක්වීමට නම්, මෙම සංවිධාන පසුබට වන්නේ නැත.

ජානක සම්පත් බටවලගේ, තමාට විරුද්ධව නගන ලද ගංජා චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් නඩු කීය. මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් උසාවියේ පැවරූ ගංජා නඩුවෙන් ඔහු නිෙදාස් කොට නිදහස් කරන ලදි. 

මූලික අයිතිවාසිකම් නඩුවේදී ප‍්‍ර‍්‍රකාශ වු කරුණු අනුව, රාත‍්‍රී 9.00 න් පසුව, පොලිස් අත්අඩංගුවේ සිටින අයව බලන්න බැරි බවට වන කුපාඩි නීතියක්ද ඔහුගේ බිරිඳට දමා තිබීම හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කරන අවස්ථාවේ පොලීසියෙන් ගහපු බව කිව්වොත් බෝම්ම දමන බවට තර්ජනය කිරීම, යන කරුණු හෙළිදරව් විය. 

මෙවැනි පහත් නීච පොලිස් ක‍්‍රියා ඉතා සුලභය. භාවනා කරන, බණ පිරිත් කියන පොලිස්පතියාගේ සිට පහළම පොලිස් කාරයා දක්වාවු සියල්ලටම මෙම නීච ක‍්‍රියා ආවේනිකය.එසේ නොකරන අය බොහෝය. ඔවුන් නිහඬය. මේ නිහඬතාවය සිදුකරන්නේ එම කි‍්‍රයා අනුමත කිරීමය.

මෙම නඩුවේදී පොලීසිය,ලබා දුන දිව්රුම් ප‍්‍රකාශ මගින් ඉදිරපත් කළ කරුනු බොරු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගැනීම විය. පොලිසිය උසාවියට බොරු කීම සුලබ සුපුරුදු දෙයකි. උසාවියට බොරු කීම වරදකි. අපහාස කිරීමකි. එතෙහත් එම නීතිය පොලීසියට වලංගු නැත.

දීර්ඝ කරුණු දැක්වීමකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවේ, පෙත්සම්කරු වූ ජානක සම්පත් බටවලගේ ට , පළමු වගඋත්තරකරුවු වේල්ලවීදිය පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු වූ, ප‍්‍රසන්න රත්නායකට, රු: 175,000/- ක වන්දියක්, ගෙවන ලෙසට නියම කරන ලදි. එයට අමතරව පොලිස්පතිට ගෙවන්නට නියම කරන ලද වන්දිය රු: 25,000/- කි. එය ගෙවන්නේ බදු මුදලින්ය.

ජානක සම්පත් බටවලගේට හිමි මු`ඵ වන්දිය රුපියල් ලක්ෂ දෙකකි. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරු වුවද, මෙම පොලිස් කාරයාට, එනම් පො.ප. ප‍්‍රසන්න රත්නායක ට එරෙහිව පොලිස්පති, ගන්නා පියවර මගින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට හා රටේ උත්තරීතර නීතියට පොලීසිය සලකන අයුරු පිළිිබඳව තීරණයකට එළඹිමට ජනතාවට හැකිවනු ඇත. 

සංහිඳියාව ඇති කළ හැක්කේ නීතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පමණි. 

මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කරු ජානක සම්පත් බටවලගේ වෙනුවෙන්, සුභාෂිණී සමරආරච්චි මහත්මිය හා සරිටා ද ෆොන්සේකා මහත්මියන් ගේ උපදෙස් මත ජේ්‍යෂ්ඨ නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටින ලදි.

මෙම නඩු තීන්දුව අනුව, පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න රත්නායකට එරෙහිව විනය පියවර ගන්නා ලෙසටත්, වධහිංසා පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙසත් පොලිස්පතිගෙන් හා පොලිස් කොමිෂමෙන් ජනසංසදය ඉල්ලා තිබේ.

 Judgement>
http://www.janasansadaya.org/page.php?id=638&lang=en


    

No comments:

Post a Comment