Friday, October 5, 2018

සවස 7වන විට දුම්කොළ - ගංජා දුමෙන් විට්ටුව පිරෙනවා. ඊ-සි කෑෂ් වලට කුඩු බෙදෙනවා. ඩාන්සින් පෙති ගහලා නටනවා. තව ටිකක් ? වෙන කොට සමරිසියන් වැඩ පටන් ගන්නවා.


මේ හිරගෙදර කථාව. කව්රුත් දන්න කථාව. නොදන්නවාගේ ඉන්න කථාව. තිස්තුන්කොටියකුත් පහක් ඉන්න බව කියන රටේ හිරගෙදර කථාව. 
ඩොන් ව්‍යාපාරිකයෙක්. දවස් පහක් හිරගෙවල් තුනක ගත කරන්නට මොහුට ගත කරන්නට වුනේ අහම්භයෙන් යයි කිවහොත් වැරදි නැත. මේ අහම්භය නිසා ඔහුට විඳින්නට වු කටුක අත්දැකිම,  යළිත් වරක් කියන්නේ රටේ නීතිය ගැන. 
කරුමයට හෝ දෙවියන් වහන්සේගේ කැමැත්තට හෝ බාරදි නිහඬව නොසිටින්ට ගත් තීරණය නිසා ඔහුගේ කථාව ඔබ අතට පත් කරන්ට හැකිවිය අපට.
 ඩොන්, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති සහ ජාතික පොලිස් කොමිෂන් සභාව ට කරන ලද ලිඛිත පැමිණිල්ලෙ සඳහන් කරුණු පහත දක්වමු.                          ,                   ,         
    

අධිකරණ නියෝග විකෘති කර, අධිකරණය උපයෝගී කරගෙන 
ශාරීරික හා මානසික වධහිංසාවට පත්කිරීම හා නිදහස අහිමි කිරීම.

ඩොන්, අවු: 48 යි, විවාහක, දරුවන් 01 යි. රැකියාව : ව්‍යාපාර කටයුතු, අගලවත්ත. 

2018.09.28 වන දින දීය.

2018.09.06 වන දින රාත‍්‍රී 7.30 ට පමණ, අගලවත්ත පොලීසිය මගින් මා අත්අඩංගුවට ගන්නා ලදි. එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ මිණුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාලව නිකුත් කර තිබූ වරෙන්තුව මතය. එදින රාත‍්‍රියේ මාව අගලවත්ත පොලීසියේ රඳවා තබාගෙන සිට, පසු දින, එනම් 2018.09.07 දින, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.

මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය, මාව බන්ධනාගාරය මගින්, මීගමුව ම/උ වට ඉදිරිපත් කරන ලෙසට නියම කර, මාව බන්ධනාගාරයට බාර දෙන ලදි. එදින 2018.09.07 රාත‍්‍රියේ, ක`ඵතර රක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන, පසුදින 2018.09.08 වන දින, කොළඹ රක්ෂිත බන්ධනාගාරයට මාරු කරණු ලැබීය. 2018.09.09 වන දින මාව කොළඹ රක්ෂිත බන්ධනාගාරයෙන් මීගමුව බන්ධනාගාරයට මාරු කරණු ලැබීය.

පසුදින, එනම් 2018.09.10 වන දින නඩු අංක 47697 යටතේ, මාව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, නඩුව කැඳවා එම නඩුවට මා, අවශ්‍ය අයෙකු නොවන බවට ප‍්‍රකාශ කරණු ලැබීය.

එ් අවස්ථාවේ මාව මුදාහැරීමට ක‍්‍රියා නොකළ, බන්ධනාගාර නිලධාරීන් මාව නැවත මීගමුව බන්ධනාගාරය වෙත රැුගෙන එනු ලැබ, රඳවාගනු ලැබීය. 2018.09.12 වන දින, මීගමුව බන්ධනාගාරයෙන් මාව, මිණුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට රැුගෙන ගොස්, මිණුවන්ගොඩ ම/උ ට ඉදිරිපත් කරණු ලැබීය. එ් අවස්ථාවේ ගරු අධිකරණයට මා වෙනුවෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව, වරෙන්තුව අවලංගු කර, පෙර ඇප මත මුදාහරිණු ලැබීය.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, වරෙන්තුවකට අත්අඩංගුවට ගන්නා ලද මාව, අගලවත්ත පොලීසිය මගින්, ගරු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ව්‍යාජ තොරතුරු වාර්තා කර, එනම්, මිණුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තුව, මීගමුව අධිකරණයෙන් ඉදිරිපත් කරන ලද වරෙන්තුවක් ලෙසට, ගරු මහේස්ත‍්‍රාත්තුමියට ඉදිරිපත් කර, මාව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වන නියෝගය ලබාගෙන තිබිණ.

මා මේ වරද දැනගත් පසුව බන්ධනාගාර නිලධාරින්ට කරුණු පැහැදිළි කළද, ඔවුන් කියා සිටියේ, අපට කරන්නට දෙයක් නැති බවය. මෙය හුදෙක් වරදක් නොව අපරාධයකි.

මා එසේ ප‍්‍රකාශ කරන්නේ,

සග 2018.09.06 දින, රාත‍්‍රී 7.30 ට පමණ මා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පසුදින එනම් 2018.09.07 මාව ක`ඵතර බන්ධනාගාරයට ගෙන යනතුරු, මා හමු වීමට මාගේ නිවැසියන්ට ඉඩ නොදීම, කෑම බීම ලබා නොදී මා දැඩි පීඩාවට ලක් කරීම. 
සසග 2018.09.08 වන දින මා, කොළඹ රක්ෂිත බන්ධනාගාරයට ගෙන ගිය අවස්ථාවේ මාව එහි ‘බී’ වාට්ටුවට ඇතුළත් කරන ලදි.

රැුඳවියන් 110 කට, ප‍්‍රමාණවත් එම වාඞ්ඩුවේ එදින රැුඳවියන් 210 ක් රඳවනු ලැබීය. රාත‍්‍රියේ නිදාගැනීමට සිදුවූයේ බන්ධනාගාර බසින්, ”සැම්” ක‍්‍රමයටය.

රාත‍්‍රී 7.00 ට පමණ, මු`ඵ වාට්ටුවම දුම්කොළ හා ගංජා දුමෙන් පිරී යන්නේය. කුඩු සුලබව තිබිණි. වාට්ටුව පාලනය කළේ, එහි සිටි ”චණ්ඩියෙකු” විසිනි. ඊසි කෑෂ් නොදැම්මොත් වැසිකිලි යන්නවත් ඉඩක් දෙන්නේ නැති නිසා, ඊසි කෑස් වලින් ”චණ්ඩියා” ට සල්ලි දෙන්නට සිදු වූවා.

සසසග 2018.08.09 වන දින මාව, මීගමුව බන්ධනාගාරයට ගෙන ගියා. එහිදී, මාව අංක 06 වාට්ටුවට දැම්මා. එය 60 කට ප‍්‍රමාණවත් කාමරයක්. මා සිටි දින 03 තුළදී, එහි රැුඳවියන් 200 කට වැඩි ප‍්‍රමාණයක් ගාල් කළා. එහි තත්ත්වය ද කොළඹ රක්ෂිත බන්ධනාගාරයට දෙවෙනි වූයේ නැත.

මෙම වාට්ටුවේ කුඩු, ගංජා ජාවාරම් කරන ප‍්‍රධාන චණ්ඩියා බන්ධනාගාර ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු බව සෙසු රැුඳවියන්ගෙන් දැනගන්නට ලබිණ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම දින 06 තුළ මට ඇඳගෙන සිටමට සිදුවූයේ එකම ඇඳුමය. 

මා, එක් බන්ධනාගරයකින් තවත් බන්ධනාගාරයකට මාරු කිරීම නිසා එම කාලය තුළ මට, මාගේ පවුලේ අය දැක ගැනීමට නොහැකි විය.

මෙම වකවානුව තුළ මට චර්ම රෝගයක් වැළ`දින. දැන් එයට ප‍්‍රතිකාර ලබා ගිනිමි.

මා පත්වූ තත්ත්වය තුළ මා දැඩි මානසික ආතතියකට පත්ව සිටිමි.

නිතර හීනෙන් බය වෙන අතර මට නින්ද යන්නේ ද නැත. මට දුම්බොන්නෙකු අසලින් සිටිය නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ.

මෙම කාලය තුළ මට මාගේ පාසල් යන අවරුදු 06 ක් වයසැති දරුවාට නිසි රැුකවරණයක් ලබා දීමට නොහැකි වීම නිසා ඇයද දැඩි මානසික අසීරුවට පත්විය. 

මේ ආකාරයට 2018.09.07 දින රාත‍්‍රියේ සිට, 2018.09.12 දින දක්වා, රාත‍්‍රී 05 ක් මාව, දැඩි ශාරීරික හා මානසික වධහිංසාවට පත් කරමින් නිදහස අහිමි කිරීම බරපතල අපරාධයක් හා මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. 

එම නිසා මා ඉල්ලා සිටින්නේ, අධිකරණ නියෝගය විකෘති කරමින් ඉහත දැක්වූ ආකාරයට මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීමට වගකිව යුතු, 

අගලවත්ත පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රමුඛ නිලධාරීන්ට හා කරුණු දක්වා සිටියදී, නිසි පියවර ගැනීම මගහරිමින් මා පීඩාවට පත් කිරමට ක‍්‍රියා කළ බන්ධනාගාර නිලධාරීන්ටත් එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,

ඩොන් 









No comments:

Post a Comment