Thursday, October 25, 2018

පොලීසිය උසාවිය පාවිච්ච් කර, පුද්ගලයන් රිමාන්ඞ් කරවීම.



ශ‍්‍රී ලංකා පොලීසියේ සියලූ දුෂණ වසන් කර ගැනීමට, පාවිච්චි කරන්නේ, උසාවියයි. එ් ”බී” වාර්තාවක් උසාවියට ඉදිරිපත් කර, අධිකරණයෙන් අදාල තැනැත්තාව, රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලීමයි.

මේ ඉල්ලීමට අභියෝගයකින් තොරව, අනුගත වන උසාවිය, එම පුද්ගලයාට එරෙහිව නගා තිබෙන චෝදනාව කවරක් වුවත්, ඔහුගේ ඇයගේ නිදහස අහිමි කරමින් රිමාන්ඞ් බාරයට පත් කරයි.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට අනුව දඬුවමක් නොවන්නේය.

මේ නිසාම උසාවිය පුද්ගලයින් රිමාන්ඞ් කරවීම වරදක්ද නොවන්නේය.

නමුත් පුද්ගලයෙකුගේ නිදහස අහිමි කිරීම බරපතල අපරාධයකි. මූලික අයිතීන් උල්ලංඝණයකි.

සියලූම දෙවි දේවතාවුන්ගේ බැල්ම තියෙන බැල්ම තියෙන, සියලූම ආගම් රාජ්‍ය ආගම් වන ශ‍්‍රී ලංකාවේ රටවැසියන්ගේ බහුතරය තම විරුද්ධවාදියෙකු රිමාන්ඞ් බාරයේ සිටිනවා දැකීමට තරම් සතුටට හේතුවන තවත් දෙයක් නැත.

රට වැසියන්ගේ පරපීඩක මානසිකත්වය ට සවන් දීම පොලීසියේ, උසාවියේ කාර්යය කරගෙන තිබේ යයි කිවහොත් එයට විරුද්ධ වන අබ බොහෝ බව දනිමු.

මේ තවත් එක් නිදසුනක් පමණි.

දයාරත්න වලස්මුල්ලේ පදිංචිකරුවෙකි. භක්තිමත් කතෝලිකයෙකි. 

ඔහු වලස්මුල්ල පොලිස් ස්ථානයට, පසුගිය 13 යන්නේ, පැමිණිල්ලක් කිරීමටය.

එ් වලස්මුල්ල දිසා අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයක් කඩ කිරීම පිළිබඳවය.

දයාරත්නව දුටු විගස කුලප්පු වූ පොලීසිය ඔහුට පහරදී, කුඩුවට දමා පසුදා වනතුරු, වතුරවත් නොදී තියාගෙන වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා ලෙසට ක‍්‍රියා කළ නීතිඥවරයාගේ නිවසට ගෙන ගොස් රිමාන්ඞ් බාරයට පත් කරණු ලැබීය.

දින තුනකට පසුව ඇප ලබාගෙන නිවසට පැමිණි ඔහුට වලස්මුල්ල පොලීසියෙන් එවන ලද ලිපියක් ඔහු අතට පත්විය.

2018 ඔක්: 08 දාතමින් ස්ථානාධිපතිගේ අත්සනින් එවන ලද ලිපියෙන් ඔහුට කියා තිබුණේ 15 දින පොලීසියට පැමිණෙන ලෙසටය. නමුත් එය ඔහු අතරට පත් වුනේ 17 දිනය. ලිපිය තැපැල් කර තිබුණේ 16 දිනය. 

ලිපිය ලද විගස පොලීසියට ගිය දයාරත්න එදින පොලීසිය එළවා ගත්තේ ”තමුසේ” කියා ආමන්ත‍්‍රණය කරමින්ය.

කොළඹ අයට ”තමුසේ” යන ආමන්ත‍්‍රණය තමුසේ මාත් තමුසේ වුනාට, දකුණේ ”ඔහේ” ලාට තමුසේ යන ආමන්ත‍්‍රණය බරපතල අවමන් සහගත ආමන්ත‍්‍රණයක් බව හොඳාකරව දනී.



No comments:

Post a Comment