Wednesday, January 1, 2020

ජපානයේ එල්ලුම් ගස ක්‍රියාත්මකයි. නත්තල් දිනට පසුදින චීන ජාතිකයෙකු එල්ලා මරා දමනු ලැබුවේය.






‍දෙසැම්බර් 26  වෙනිදා ජපානය විසින් මෙසේ එල්ලා මරණයට පත්කළේ 2003 වසරේදී එකම පවුලේ හතර දෙනෙකු මරා දැමීමේ වරදට වරදකරු චීන ජාතික "වේ වේ" නම් වු පුද්ගලයාය. මෙම වසරේ එල්ලා මරා දමන ලද තෙවෙනියා මොහු විය.  2009 වසරෙන් පසුව එල්ලා මරා දැමූ විජාතිකයාද මොහු විය.

පසුගිය වසරේ 15 දෙනෙක් වුව එල්ලා මරා දමා තිබේ. මිනීමැරිමේ වරදට වරදකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, ජපානය නතර කරන්නේ නැත. ජාත්‍යන්තරය කුමක් ප්‍රකාශ කළ ද ජන මතයට අනුව ජපානය මරණ දඬුවම ක්‍රියාත්මක ක්‍රියා කරයි.

මේ වනවිට ජපානයේ මරණ දඬුවම නියම වූ එකසිය විසි දෙනකු පමණ සිටින බව වාර්තා වේ. එල්ලා මරා දැමීම ජපානයේ සිදුකරන්නේ රහසිගතවය. මරණ දණ්ඩනයට නියම වූවන් ව ඉතා කෙටි දැනුම් දීමකින් මරණයට පත් කරන ලබයි. ඥාතීන්ට දැනුම් දෙන්නේ එයට පසු දිනය.

2007 වසර දක්වා මරණ දඬුවම පැමිණවීම සිදු කරන ලද්දේ ඉතාමත් රාශි ගතවය. පත් කරන අයගේ නම් ගම් හෙළි කර නොමැත. ජාත්‍යන්තර සංවිධාන මෙම මරණ දඬුවම ගැන කනස්සල්ල පළකර ඇත.  2020 ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සලසන ජපානය, ජීවත්වීමට ඇති අයිතියට ගරු කළ යුතු බව ඔවුන් කියා සිටී.  ජපාන වැසියන්ට ගැස් ප්‍රහාරයක් එල්ල කර ත්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයන් දහතුන් දෙනකු ජපානය එල්ලා මරා දමනු ලැබිය. එම වසරේ එල්ලා මරා දමන ලද සංඛ්‍යාව 15 කි.


No comments:

Post a Comment