Sunday, January 12, 2020

රු: 730,000/- කට කෙළපු වාහන සේල් කාරයාගෙන් ASP 50,000/- ක වට්ටමක්.



වීඩියෝව නැරඹීමට - https://www.youtube.com/watch?v=6rycj9rVYbE

පානදුරේ පවත්වාගෙන ගිය, අයිඩියල් මෝටර්ස් සමාගමේ හවුල්කාර සමාගමක් ලෙසට පෙනීසිටි සන්රේ ලකා ටේ‍්‍රඩරස් නමින් පවත්වාගෙන ගිය වාහන සේල එකේ හිමිකරුවන් වාහන ලබාදෙන බවට පොරොන්දුවි රුපියල් ලක්ෂ ගණන් ලබාගෙන පැන ගොස් ඇත.
ප‍්‍රශ්නය මේ මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳව පැමිණිලි කරන්ට ගිය, පුද්ගලයන්ව, පොලීසිය දැඩි පීඩාවට පත් කිරීමය. අසරණ කිරිමය.
හැත්තෑ දෙහැවිරිදි ලලිත් කලමුල්ල තම අවසාන කාලය ගත කරන්නට හැටන් නැෂනල් බැංකුවේ තැම්පත් කර තිබූ මුදල් යොදා කුඩා බස් රථයක් ම්ලයට ගෙන, කුලී පදනම යටතේ සමාගමකට දීමට කර තිබූ සැලසුම මෙම වංචාකාරයින් නිසා බොඳව ගොස් රෝගියකු බවට පත් කර තිබේ.
තමා මුහුණ දුන්න කටුක අත්දැකීම පිළිබඳව පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීට ලියන ලිපිය පහත දක්වමු.
ඔහුගේ ඉල්ලීම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

ලි.ප.තැ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
පොලිස් අධිකාරී කාර්යාලය
පානදුර

රුපියල් හත්ලක්ෂ තිස්දාහක මුදල් වංචාව
නඩු වාර්තාව ලබාගැනීම ස`දහා තොරතුරු ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ලලිත් කලමුල්ල, අවු: 72 යි. ජා.හැ.අ.------ , විවාහක, දරුවන් 02 යි, ලිපිනය: නො: ---/4්ල  වෑකඩ, පානදුර. දු.අ. ----------

2020.01.06 වන දින දීය.

01. 2019 අගෝස්තු 30 වන දින මා, බස් රථයක් මිළයට ගැනීම ස`දහා පානදුර, වෑකඩ, හොරණ පාර, අංක 179 දරන ස්ථානයේ සන්රේ ලංකා ටේ‍්‍රඩර්ස් නම් ආයතනය/සමාගම විසින් පවත්වාගෙන යන ලද සේල් එකට ගියෙමි.

02. සන්රේ ලංකා ටේ‍්‍රඩර්ස් හි ප‍්‍රධාන ආයතනය, කොළඹ 02, අංක 299 හි පිහිටි අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හවුල්කාර සමාගමක් වේ.

03. 2019 අගෝස්තු 30 දින, එම ස්ථානයේ තිබූ, ලියාපදිංචි නොකළ ආසන 30, මහේන්ද්‍ර වර්ගයේ බස් රථය මිළයට ගැනීමට මා තීරණය කළෙමි.

04. එම සේල් එකේ සිටි, ජාතික ජාතික හැඳුනුම්පත් අංක: 892972822V හිමි එම්. සංජීව නැමැත්තා එම බස් රථය, මා හට පැවරීම සඳහා අත්තිකාරම් වශයෙන් (රු:100,000/-) ලබාගන්නා ලදි.

05. එකී මුදල ලබාගත් බවට ඔහුගේ අත් අකුරින් ලියන ලද කුවිතාන්සියක් මට නිකුත් කරනු ලැබීය. එම කුවිතාන්සියේ මුල් පිටපත්, 2019.10.07 දින පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ දී, පො.සැ. ඞී.පී. පුංචිහේවා (58802) විසින් මාගෙන් ලබාගන්නා ලදි.

06. ඉන්පසු 2019.09.10 දින රුපියල් පන්ලක්ෂ පනස් දාහක් ලබාගෙන, ලදුපතක් ලබාදෙන ලදි. එම ලදුපත ද පොලිස් අධිකාරී කාර්යාලයේ දී, පො.සැ. ඞී.පී. පුංචිහේවා (58802) විසින් මාගෙන් ලබාගන්නා ලදි.

07. ඉන්පසු 2019.09.16 වන දින රුපියල් අසූ දාහක් මාගෙන් ලබාගන්නා ලදි.

එ් සඳහා වෙනම ලදුපත්ක නොදුන් අතර, 2019.09.10 දින ලදුපතක් දිනය යොදා එම මුදල සටහන් කරන ලදි.

08. සන්රේ ලංකා හෝල්ඩින්ස් නමින් අංක 0409 හා 2019.09.10 දාතමින් යුතු ලදුපත (රුපියල් පන්ලක්ෂ අසූදාහක් වටිනා - රු: 580,000/-0 5 ෙඡ්දයේ සඳහන් කළ පරිදි 2019.10.07 පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පො.සැ. 58802, සී.පී. පුංචිහේවා විසින් බාරගන්නා ලදි.

09. එදින, එනම් 2019.10.07 දින, මා පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිලි කරන අවස්ථාවේ, සන්රේ ලංකා හෝල්ඩින්ස් හි අයිතිකරු ජයන්ත නැමැත්තා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නීතිඥ විජේපාල නැමැත්තා ද සිටියා.

10. මා, පෙර සඳහන් කළ, මට සිදුකළ රුපියල් හත්ලක්ෂ තිස්දාහක මුදල් වංචාව පිළිබඳව 2019.10.07 පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිල්ල සිදුකරන විට, සහකාර පොලිස් අධිකාරී වීරක්කොඩි ඉදරිපිට මට තර්ජනය කරන ලදි.

11. එපමණක් නොව, මා එ් අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරීගෙන් ඔහුගේ නම ඇසූ විට, මගේ නම මොකටද අහන්නේ යැයි තර්ජනාත්මකව අසා සිටින ලදි.

12. මා එ් අවස්ථාවේ මුදල් වංචාකරුවාගේ ඉදිරිපිටදී, සහකාර පොලිස් අධිකාරී වීරක්කොඩි හා වංචාකරුගේ නීතිඥ විජේපාල ඉදිරිපිට අසරණ විය.

13. මාගේ පැමිණිල්ල ලියා ගැනීමෙන් අනතුරුව නඩුදාන බව කියා සිටින ලදි.

14. ඊට පසුව කිහිප දිනක්ම, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස්, අදාළ නිලධාරීන්ගෙන් වමසා සිටියද, නඩුව අදාළ තොරතුරු ලබාදෙන ලදි.

15. මේ අතර, මෙම සේල් එක වසා දමන ලදි. එහි සිටි හංසක නැමැත්තා මාගේ දුරකතනයට කථා කර මුං, මට සල්ලි දුන්නේ නෑ, ඔයාගේ වැඬේ වර්චස්, ඔයාගේ සල්ලි වලින්ම රු: 50,000/- ක් එ්.එස්.පී. ට දීලා යයි කියන ලදි.

16. මෙම හංසක නැමැත්තා, 2019.10.07 වන දින, සන්රේ ලංකා හෝල්ඩින්ස් හි අයිතිකරු ජයන්ත, නීතිඥ විජේපාල යන අය සමග, පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ සිටි බවද ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,

(1) මාගේ රුපියල් හත් ලක්ෂ තිස්දාහක මුදල වංචා කළ, සන්රේ ලංකා හෝල්ඩින්ස් හි ජයන්ත හා සංජීව යන අයට විරුද්ධව නඩු පවරා ඇති නම්, නඩු අංකය හා නඩු පැවරූ දිනය හා ඉදරි දිනය දැනුම් දෙන ලෙසටය.

මෙයට,

අ.ක/ලලිත් කලමුල්ල,

පිටපත්:
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

සැ.යු. 72 හැවිරිදි මා, ජීවත්වීමේ මගක් හැටියට, ලීසිං ක‍්‍රමයට වාහනයක් ගැනීමේ අපේක්ෂාවෙන් රු: 730,000/- මුදල ගෙවන ලද්දේ, හැටන් නැෂනල් බැංකුවේ ස්ථාවර තැම්පතු මුදල ය.
දැනට මා ජීවත් වන්නේ අන් අයගේ ආධා රඋපකාර වලින්ය.




No comments:

Post a Comment