Sunday, January 19, 2020

ජනාධිපති නියෝග වැලිපැන්න පොලීසියට බලපාන්නේ නෑද්ද? එසේ නැතිනම් ගනන්ගනේ නැද්ද?



 සියලුම අත්අඩංගුවට ගැනීම් නීතියට අනුකූලව සිදු විය යුතු බවට ජනාධිපති ගෝඨාභය විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලබාදුන් නියෝගය, ඔහු මේවන විටවත් සියළුම පොලිස් ස්ථානවලට ලබාදී තිබේද? යන්න සැකසහිතය. ජනාධිපතිවරයා මොන නියෝග දුන්නා අපි වැඩ කරන්නේ අපිට පුරුදු විදියට අපිට ඕන විදිහට යන පොලිස් ප්‍රතිපත්තිය වෙනස් වී නැති බවට කදිම උදාහරණයකි මෙය.

31 හැවිරිදි සංජීව දෙදරු පියෙකි.  ඔවුහු "ඩිමෝ බට්ටා" වෑන් රථයක් උපයෝගි කරගෙන වැලිපැන්න ප්‍රදේශයේ මාළු වෙලදාම් කරයි. 17 වැනිදා වැලිපැන්න පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිවය.  ඉන්පසු පොලිස් ස්ථානයට ගෙනයන ඔහුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිව එම පොලිස් ස්ථානයේ ඉහළ මාලයේ පවතින බැරැක්කය වෙත ගෙනගොස් බිම වාඩි කරවා අත් පිටුපසට කොට මාංචු දමන්නේ එහි තිබූ ඇඳට තබා ය. පයින් ගසමින් කුණුහරප කියමින් ඔහුට බැණ වදිමින් පැය පහකට ආසන්න කාලයක් රඳවාගෙන සිට, ඔහුගේ ඥාතින්ගේ බලපෑම හමුවේ එයින් මුදවා කූඩුවට දමා බොරු නඩු දෙකක් ගොනුකර අධිකරණය පාවිච්චකර රිමාන්ඩ් භාරයට පත් කරවීමට ගත් උත්සාහය වළක්වා ගැනීමට හැකි වී තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් සංජීව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට හා නීතිපතිට කරන ලද පැමිණිල්ල පහත දක්වමු.  මෙම පැමිණිල්ල පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ අවදානය යොමු විය යුතුය.  මන්ද ජනාධිපති උපදෙස් අනුව  වැඩබලන පොලිස්පතිවරයාට නීතියානුකූලව අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කළේ ඔහු වීම නිසාය.  නියෝග නිකුත් කරා පමණක් නොව නියෝග ක්‍රියාත්මක වෙනවාද යන්න බලා නිසි පියවර ගැනීම ජනාධිපති ලේකම්වරයාගේ වගකීම්කි.  නැතිනම් පෙර දවස් වල මෙන් "නියෝග" පුවත්පත් නිවේදන වලට පමණක් සීමා වනු ඇත.  රැවටෙන්නේ ජනතාව නොව නියෝග නිකුත්කර ඔබ සැම ය. 

ලි.ප.තැ

සභාපති
මානව හිමිකම් කොමිසම් සභාව
14. ආර් ඒ ඩි ද මැල් මාවත
කොළඹ 04.

පොලිස්පති
පොලිස් මුලස්ථානය
කොළඹ

නීතිපති
නීතිපති දෙපාර්තුමේනතුව
උපරිමාධිකරන සංකිර්ණය
කොළඹ


නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රවා තබාගෙන
 වධ දි බොරුනඩු දැමිම.

සංජීව,  අවුරුදු 31යි.
ජාතික හැඳුනුම්පත් අංකය --------
විවාහක දරුවන් 02යි. රැකියාව රියදුරු හා කුඩා ව්‍යාපාරික
ලිපිනය:- -----, වැලිපැන්න
දුරකථන අංකය:-  076 -----

 2020 ජනවාරි 19 දිනදීය

 2020 ජනවාරි 17 වන දින උදේ 7 ට පමණ මා මාගේ ඩිමෝ බට්ටා වාහනය  අතරමග කැඩීම නිසා අලුත්වැඩියා කර ගැනීමට අලුත්ගම, මතුගම පාරේ, ගබඩා හංදියේ, ගරාජයට ගෙන ගොස් නවත්වාගෙන හිටියා. එවිට වැලිපැන්න පොලිසියේ ජීප් රථයෙන් තුන් දෙනෙක් ආවා. රියැදුරු වශයෙන් හිටියේ පොලිස් පරීක්ෂක විතාන. ඔහු මට කතා කර කිව්වා ඕ.අයි.සී ට කතා කරන්න ඕනෑ කියා- කියනවා කියා. මාව අත්අඩංගුවට ගෙන වැලිපැන්න පොලිසියට ගෙන ගියා. ඔහු මාව ජීප් රථයට නංවනවා සමග මගේ ජංගම දුරකථනය උදුරාගත්තා. උඹ බලන්න කාටවත් දෙන්නේ නෑ යයි කියා තර්ජනය කලා. වැලිපැන්න පොලිසයට ගෙනගිය පසුව, එහි උඩ තට්ටුවට ගෙන ගියා. එහි තිබූ යකඩ ඇ‍‍ඳ අසල මාව බිම වාඩිකර අත් පිටුපස කර ඇඳට තබා මාංචු දැම්මා. ටික වේලාවකින් සිවිල් පිට පැමිණි ස්ථානාධිපති ගමගේ මගෙන් ඇහුවා උඹේ සුදු පාට තොප්පිය කො කියා. මම දාන්නේ කලුපාට තොපියක් බව කිව්වා. එවිට ඔහු මගේ පසුම්බිය ඇද අරගෙන එහි තිබූ රුපියල් 14,000.00 ගැන ප්‍රශ්න කළා. මම ඔහුට කිව්වා මා දැන් කරන්නේ මාලු බිස්නස් එක. මේ මාළු ගන්න තියෙන සල්ලි කියලා. ඒ සමගම වගේ තවත් නිලධාරීන් දෙදෙනෙක් එතැනට ආවා. ඒ දෙදෙනා  මගෙන් මට කරන්නෙ මොකද යන්නේ එන්නේ කොහෙද වශයෙන් ප්‍රශ්න ඇහුවා. ඊට පසු මල්වතුකන්ද පැත්තට ගියාද කියා ඇහුවා. මම කිව්වා අවුරුදු ගණනාවකින් ඒ පැත්තට ගිහිල්ල නෑ කියලා. දවල් 12ට විතර කළු උස නිලධාරියෙක් සිවිල් පිට මා අසලට පැමිණ කුණුහරප කියමින් බැණ වැදී මට පයින් පහරක් දී රෑට අඹරනවා කියා තර්ජනය කළා. ඔහු මට දැක්කොත් හඳුනාගන්න පුළුවන්. දවල් දෙකට පමණ මාව මාංචු ගලවා පහල තට්ටුවේ ස්ථානාධිපති ළඟට ගෙන ගියා. ඔහුගේ නම ගමගේ. ඔහු එවිට සිටියේ නිල ඇඳුමෙන්. එතන මගේ අක්කලා වන උපේක්ෂා, ප්‍රියන්ති, තේජා හා අම්මා කමලාවතී හිටියා. අක්කලා ස්ථානාධිපතිගේ මාව අත්අඩංගුවට ගත් බවට ලදු පතක් දෙන්නැයි කියා ඉල්ලුවා. දුන්නේ නෑ. ඔවුන් කියා සිටියා ආපසු උඩු මහලට ගෙනියන්න එපා කියා. උඩුමහලට ගෙනියන්නේ ගහන්න බවටද ඔවුන් කියා සිටියා. ස්ථානාධිපති කිව්වා ගහන්න තියන්නේ නෑ කියා. මම කිව්වා මට උඩදි ගැහුව කියා. එවිට ඔහු කිව්වා ඒ ගැන මම බලාගන්නම් කියා. ඉන්පසු මාව කූඩුවට දැම්මා. සවස පහට පමණ දමිත් නැමැති නිලධාරියා පැමිණියා. දැක්කොත් අඳුරන්න පුළුවන්. ඔහු මගෙන් ඇහුවා මල්වතු කන්ද ගෙයක් කඩලා තියෙනවා, උඹ නොවුනත් උඹ තමයි ඒකට දාන්නෙ කියලා. රාත්‍රි 7.00 ට පමණ දමිත් නිලධාරියා තවත් නිලධාරී තුන්දෙනෙක් එක්ක මට මාංචු දමලා ඉත්තෑපාන රජයේ රෝහලට ගෙන ගියා. ගෙනියන අතර දමිත් නිලධාරියා කිව්වා උඹ අඩුගානේ දවස් 8 කට වත් රිමාණ්ඩ් කරවනා කියා. රෝහලේදී මාව පරීක්ෂා කර වාර්තාවක් ලබා දුන්නා. පසුදා උදේ - 2020 ජනවාරි 18 කූඩුවෙන් අරන් මගින් ප්‍රකාශයක් ගත්තා. ඇඟිලි සලකුණු ගත්තා. මට කියවන්න දුන්නේ නෑ තේරුම්කර දුන්නෙත් නෑ. නැවත කූඩුවට දැම්මා දවල් 2.30 ට පමණ මාව මතුගම උසාවි ට ගෙන ගියා. උසාවියට යන අතර උසාවියට ඉදිරිපත් කරන සාජන් වරයා කිව්වා උඹට නඩු දෙකක් දාලා තියෙනවා, මීගම කඩයක් කඩලා රුපියල් 10,000.00ක් සොරකම් කරා කියලා හා මල්වතුකන්දේ ගෙයක් කඩා බඩු සොරකම් කළා කියලා. ඔහු කිව්වා කරන්න දෙයක් නෑ උඹ අහිංසක බව මම දන්නවා, ගිහිල්ලා අරුන්ට විරුද්ධව පොල් ගහපං කියලා. උසාවියේදී මට ශරීර ඇප දෙකක් මත මුදාහැරියා. හැම මාසෙකම අවසාන සෙනසුරාදා මතුගම පොලිසියේ අත්සන් කරන ලෙසටත් නියම කළා. ඊළඟ නඩු දිනය 2020 ජනවාරි 28. මීට පෙරද වැලිපැන්න පොලිසිය මට විරුද්ධව සොරකම් සම්බන්ධයෙන් බොරු නඩුවක් දැම්මා. ඒ නඩුව මට දැම්මේ සොරකම් කරපු පුද්ගලයා පොලිසියේ නිලධාරියෙක්ගේ ඥාතියෙක් හින්දා. ඒ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරා. ඒ ගැන මම පැමිණිල්ලක් පොලිස්පතිට දැම්මා. ඒකට පිළිතුරු වශයෙන් මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා මට දැනුම්දුන්නා පොලිසිය කිසිම අගතියක් මට සිදු කර නැති බව. මේ ආකාරයට කිසිදු සොරකමක් නොකරන ලද මට විරුද්ධව බොරු පැමිණිලි දමා පීඩාවට පත් කරන්න පොලිසිය කටයුතු කරන්නේ ඇත්ත අපරාධකාරයා ව බේරන්න බව මා අවධාරණය ප්‍රකාශ කර සිටිනවා. පොලිසිය ජනාධිපති වරයා විසින් කර තිබෙන නියෝග පවා ඉෂ්ඨ කරන්නේ නෑ. අත්අඩංගුවට ගත්තහම දිය යුතු ලදු පත වත් මට වැලිපැන්න පොලිසිය ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටිය ද නිකුත් කළේ නෑ. ඉල්ලා සිටින්නේ උසාවියේ නඩුවක් තියෙනවා කියා මේ පිළිබඳ පරීක්ෂණ නොකර නොසිට නීති විරෝධී ක්‍රියා කර, මාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණට කළ පොලිස් නිලධාරීන් ආරක්ෂා කරන්නේ නැතුව යුක්තිය ඉටු කරන ලෙසය.

මෙයට,

------------ සංජීව



No comments:

Post a Comment