Tuesday, April 27, 2021

සුදුසුකම් තිබියදීත්, පළමු වසරට ඇතුළත් නොකිරීමේ වරද රජයට පවරයි. රුපියල් ලක්ෂ පහක වන්දියක් හා දරුවා වහාම පාලසට ඇතුළත් කිරීමට නියෝග.




විශේෂයෙන් ඊනියා ජනප‍්‍රිය පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුකරන දූෂණ අක‍්‍රමිකතාවන් වල කෙළවරක් නැත.

මෙම දුෂිත තත්ත්වය මත අසාධාරණයට පත්වන දරුවන් ගේ දෙමාපියන් අතරින් ඉතා ස්වල්ප දෙනෙක් යුක්තිය ඉටු කර ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යති.

එ් සඳහා අති විශාල මුදලක් වැය කරති. වසර කිහිපයක් බලාගෙන සිටිති.

ගම්පහ, අස්ගිරියේ දර්ශන ප‍්‍රනාන්දු මයා 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ තම දියණිය සුදුසුකම් සපුරා තිබියදීත් ගම්පහ යශෝධරා දේවී බාලිකා විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කර ගැනීම ප‍්‍රතික්ෂේප වූ හෙයින්ය.

ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන්, විදුහල්පතිනිය ගයනී වත්සලා ඇතු`ඵව වගඋත්තරකරුවන් 18 දෙනෙකෙු නම් කර තිබින.

මෙම 18 දෙනා අතර ඇතුලත් කරගෙන තිබූ සුදුදුකම් අඩුසිසුන් තිදෙනෙකු හා ඔවුන්ගේ දෙමාපියන් විය.

2019 නොවැම්බර් 04 වන දින, විභාගයට අවසර දුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම 2020 අගොස්තු 31 හා සැප්තැම්බර් 25 විභාගයට ගන්නා ලදි.

පෙත්සමකාර පාර්ශවය, එනම් පියා වෙනුවෙන් ලිඛිත දේශන 2020 ඔක්තෝබර් 23 ඉදිරිපත් කර තිබුන අතර, 7 වන වගඋත්තරකරු විදුහත්පතිනිය ගයනි වත්සලා, 17 වන වගඋත්තරකර ගම්පහ කළාප අධ්‍යක්ෂ ඩබ්. මල්ලිකා හා 18 වන වගඋත්තරකරු වූ නීතිපති වෙනුවෙන්,  ජේෂ්ඨරජයේ නීතිඥ රජීව් ගුණතිලක ප‍්‍රති තර්ක ඇතුළත් ලිඛිත දේශනය 2021 ජනවාරි 05 ගෙනු කරනු ලැබීය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ජ.නි. මුර්දු එන්.බී. ප‍්‍රනාන්දු හා ජ.නි. එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගේ එකඟතාවය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජ.නි. යසන්ත කෝදාගොඩ 2021 මාර්තු 23 තීන්දුව ලබාදෙන ලදි.

මෙම තීන්දුව මගින්, 7 වන වගඋත්තරකරු වූ ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුඵව 18 වන වගඋත්තරකරු දක්වා වූ, 10දෙනා හා දර්ශන ප‍්‍රනාන්දු මහතා හා ඔහුගේ දියණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීරණය කරනු ලැබීය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව, පවරා පවත්වාගෙන යැම ස`දහා දර්ශන ප‍්‍රනාන්දු මයාට, අති විශාල මුදලක් වැය කිරීමට සිදුවූ නිසාත්, ඔහුගේ දියණියට නියමිත පාසල් අධ්‍යාපනය ලැබීමට වසර තුනක් තිස්සේ නොහැකි වීම නිසාත් යන කරුණු මත රජය රු: 500,000/-  වන්දියක් ගෙවිය යුතු බවට හා දරුවාව එම විදුහලේ් තුන්වන ශ්‍රේණියට වහාම ඇතුළත් කරන ලෙසට නියම කළේය.

රජය විසින් ගෙවිය යුතු රු: 500,000/- වන්දිය, ප‍්‍රනාන්දු මයාට ලබා දීමේ වගකීම, ගම්පහ කළාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ (17 ් වගඋත්තරකරු* කේ.පී. සිරිමා ට බාර කර තිබේ.

මූලික අයිතිවාසිකම් කඩ කළ විදුහල්පතිනිය ගයානි වත්සලා ඇතු`ඵ ගරුවරුන් හා කළාප අධ්‍යක්ෂවරයාට එරෙහිව ගත යුතු පියවර ගැන සඳහනක් නැත. රජයට නියම කළ වන්දි ගෙවනනේ මහ ජනතාවයි.

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද බවට, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්ද කරන ලද රාජ්‍යය සේනවකයින්ට නිදැල්ලේ සිටීමට සිවිල් සමාජය ඉඩ දෙනවා නම් එමගින් ප‍්‍රකාශ වන්නේ, ඔවුන් ද දූෂණයේ කොටස් කරුවන් බවයි.

මෙම තීන්දව හා එමගින් පැන නගින ප‍්‍රශ්නය ගැන මාධ්‍ය හා වෘත්තීය සංවධාන නිහඬය.

කථා කරමු.

නඩු අංකය:- SC/FR (Application) 17/19

No comments:

Post a Comment