Tuesday, April 27, 2021

ප‍්‍රාදේශීය සභා නියෝජිතයන්ට පහර දුන්නා යැයි පොලීසිය, තිදෙනෙකුට වධ දෙයි. එයින් බේරෙන්න උසාවිය පාවිච්චි කරයි.

වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත යසත් චමින්ද නැමැත්තාට, පහර දුන්නාය යන චෝදනාවට ලක්වීම නිසා, නීතිඥවරියකගේ මාර්ගයෙන් මීගහතැන්න පොලීසියට බාර වූ තිදෙනෙකුට, අමානුෂික ලෙස වධ දී, ඉන් ගැලවීමට උසාවිය පාවිච්චි කර, රිමාන්ඞ් බාරයට පත්කිරීමේ පුවතකි මේ.

මෙය අහම්බයක් නොවේ. ශ‍්‍රී ලංකා පොලීසියට ආයතනගත වූවකි. එය වැළැක්වීමට මේ දක්වා නීතිමය පියවර ගෙන නොමැත.

පමිණිල්ලකට අවශ්‍ය යැයි කියමින්, පොලීසිය 20 වතාවකට වැඩි වාර ගණනක් මෙම තිදෙනාව අත්අඩංගුවට ගැනීමට ගෙවල් වලට පැමිණ ඇත.

ඒ සෑම අවස්ථාවකම නිවැසියන්ට කුනුහරුප කියමින් බැන වැදී, බෝම්බ දමා රිමාන්ඞ් කරන බවට තර්ජනය කර ඇත.

මෙම පසුබිම තුළ නීතියට අනුව මෙම තිදෙනා, පොලීසියට බාර විය.  නීතිඥවරියකගේ මාර්ගයෙනි.එසේ තිබියදී, මොවුන්ට අමානුෂික ලෙසට පහරදී, පෙරෙට්ටුවකට තැබීමට අවශ්‍ය යැයි කියමින්, උසාවිය පාවිච්චි කර රිමාන්ඞ් කරවා ඇත.

අධිරකණය මොවුන්ව, රෝහල්ගත කරන ලෙසට නියම කළද, කොරෝනා වසංගත තත්ත්වය යටතේ ඔවුන් රෝහල්ගත නොකර, නිරෝධායනය කර ඇත. මේ නිසා ඔවුන්ට යුක්තිය ඉටු නොවනු ඇත.

සුද්දා විසින් පිහුටුවන ලද පොලිස් දෙපාර්තමේන්තුවට ආයතනගත වූ දූෂිත පිළිවෙත් පවත්වාගෙන යෑමට, පොලීසිය උසාවිය අතකොලූ කර ගනී.

මෙම සිද්ධිය එයට හොඳ නිදසුනකි.

No comments:

Post a Comment