Friday, April 2, 2021

සැකකරුවන් පොලීසියට බාර දීම, නීතිඥවරුන්ගේ බලතල හා වගකීම.

සැකකරුවෙකු පොලීසියට බාරදීම නීතිඥවරයෙකුගේ සහය අපේක්ෂා කරන්නෙකු විසින් දැනගතයුතු කරුණු කවරේද ?

2012 මැයි 18 හා අංක 1758/36 දරන පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ”රීති” වලට අනුව,

01. සෑම නිලයකටම අයත් පොලිස් නිලධාරීන්,

(1) පොලිස් ස්ථානයක පරිශ‍්‍රයකට ඇතු`ඵවන සෑම නීතිඥවරයෙකුටම එම පොලිස් ස්ථානයට අනුයුක්ත කවර හෝ නිලයකට අයත් පොලිස් නිලධායන් විසින් සුහදව සහ ආචාරශීලීව සළකනු ලැබිය යුතු අතර එම නීතිඥවරයාට සාධාරණ හා ඉවසිලිවන්ත ලෙස සවන් දිය යුතුය.

(2) පොලිස් නිලධරයකු විසින්ම එම නීතිඥවරයාට ශාරීරික පීඩා සිදුකිරීම හෝ සැර පරුෂ වචන භාවිත කිරීම හෝ වෙනත් යම් ආකාරයක තර්ජනාත්මක ක‍්‍රියාවන් සිදුකිරීම නොකළ යුතුය.

(3) නීති වෘත්තියෙහි නියැලෙන නීතිඥවරයකු බවට හඳුන්වාදෙන එම පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධරයකු විසින් ඉල්ලා සිටිනු ලැබුවහොත් තමා නීතිඥ වෘත්තියේ නියැලෙන නීතිඥයකු බව ඔප්පු කිරීම සඳහා හඳුනා ගැනීමේ ලේඛන වශයෙන්

(අ)  එම නීතිඥවරයාගේ ජාතික හැඳුනුම්පතෙහි එම නීතිඥවරයාගේ වෘත්තිය ”නීතිඥ” යනුවෙන් සඳහන් කර ඇත්නම්, එම ජාතික හැඳුනුම්පත හෝ

(ආ) එම නීතිඥවරයාට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත දිරිපත් කරනු ලැබිය යුතුය.

(4) සැකකරනු ලබන තැනැත්තකු පොලිස් ස්ථානය වෙත භාරදීමේ කාර්යය සඳහා යම් නීතිඥවරයකු පොලිස් ස්ථානයකට ඇතුඵවන අවස්ථාවක එම සැකකරු එම පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධරයාට හෝ එම අවස්ථාවේදී එම අවස්ථාවේදී එම පොලීසියේ සිටන ඊළඟට ජේ්‍යෂ්ඨතාවය වැඩිම නිලධරයාට භාර දෙන බවට එම නීතිඥවරයා වගබලා ගත යුතුය.

(5) අදාළ අවස්ථාවේදී එම පොලිස් ස්ථානයේ සිටින පොලිස් නිලධරයකුට නීතිඥවරයකු විසින් සැකකරුවකු භාර දෙන අවස්ථාවක එම සැකකරු භාර දුන් දිනය හා වේලාව ද එම සැකකරුට අදාල තොරතුරු ද  එසේම සැකකරු එම නීතිඥවරයා ඉදිරිපිට දී භාර දුන බවද පොලිස් තොරතුරු පොතෙහි සටහන් කිරීම එම පොලිස් නිලධරයාගේ කාර්යය වන්නේය.

මෙම රීති වලට, සැකකරුන භාර දීම සම්බන්ධයෙන්, පොලීසිය කටයුතු කරනු ලැබුවාද යන්න පිළිබඳව, නීතිඥවරයා විසින් තම සේවාදායකයාට සහතික විය යුතුයි.ඒ සම්බන්ධයෙන් දිව්රුම් ප‍්‍රකාශයක් සේවාදායකයාට ලබා දීමටද පියවර ගත යුතුය.

භාර ගැනීම ප‍්‍රතික්ෂේප කළා නම්, ඒ බවද, දිව්රුම් ප‍්‍රකාශයක් මගින් නීතිඥවරයා, සේවාදායකයාට ලබා දීමට බැඳී සිටී.

පොලීසියට පනවා ඇති රීති ක‍්‍රියාත්මක කරවීම නීතිඥවරයා සතු වගකීමකි. නීතිඥවරයා සිය වගකීම ඉටු කරන බවට, සහතික විය යුතුයි. ඔහු/ඇය එම කාර්යය සදහා අයකරන ලද ගාස්තුව ලද බවට, ලදුපතක් (Memo ) සෑම සේවාදායකයකුට ලබා දය යුතුයි. අදාළ සේවය සම්බන්ධව අධිකරණයට වාර්තා කිරීමට ද යම් අවැඩක් සිදු වූවානම් ඒ ගැන පැමිණිලි කිරීමට ද නිතීඥවරයා බැඳී සිටී.

No comments:

Post a Comment