Wednesday, August 25, 2021

ලංකා ගුරු සංගමය" JVP කොල්ලකරුවන්ගෙන් බේරාගත් වගයි.

 


1980 ජූලි වැඩ වර්ජනය ලංකා ගුරු සංගමයේ නව පරම්පරාවේ සාමාජිකයන් අති බහුතරයකට වගක් නැති බව දනිමු.

 

කොවිඩ් - 19  වසංගතය හමුවේ අපගෙන් සමුගන්නා අය අතරට ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහයන් ද මෙ මස 24 වන දින එක්විය.

 

80 ජූලි වැඩ වර්ජනය පාවාදුන් JVPය කූඨ ලේඛණ සකස් කර ලංකා ගුරු සංගමයේ බලය ඩැහැ ගැනීමට තැත් කළේය.

 

එය වැළකී ගිය පසුව ඔවුන් උත්සාහ කළේ අධිකරණය මගින් බලය ඩැහැ ගැනීමට ය.

 

ඒ සඳහා ඔවුන් අභියාචනාධිකරණය ඉදිරියට ගොස් එවක නායකත්වය (80/81) ඉවත් කරගැනීමට ගත් උත්සාහය පරාජය විය.

 

අභියාචනාධිකරණයේ තීන්දුව අභියෝග කරමින් ඔවුන් ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.

 

ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ස්ථිර කරනු ලැබීය. ඒ දීර්ඝ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින්ය.

 

මෙම අවස්ථා දෙකේදීම ලංකා ගුරු සංගමය වෙනුවෙන් ඉදිරිපත් වූයේ ජනාධිපති නීතිඥ ඩි. ඒස්. විජේසිංහයන්ය.

 ඒ සඳහා ගාස්තු අය කළේ නැත.  

 

ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහයන්ට ප්‍රණාමය පිණිස මෙම සටහන තබමු.

                                                      ජනසංසදය

 

No comments:

Post a Comment