Saturday, September 4, 2021

පොලීසිය ආවේ වසංගතය ද, අරගෙන ! කැලේ පෙරන ”ගෝඩා” හොයන්න ගේ පීරයි.


ගිම්හානි, 24 හැවිරිදි එක් දරු මවක්. සැප්තැම්බර් 01 දින, ඇය සහ දරුවා පමණක් සිටින වේලාව බලා, ගෙට කඩා වැදුනු ෙදාඩංගොඩ පොලීසිය, ඉවක් බවක් නැතිව, ඇයට, පට්ට වේසි යයි අමතමින්, තිත්ත කුණුහරුප කියමින්, නිවස සෝදිසි කර ඇත්තේ, ”ගෝඩා” සෙවීමටය.

ඇගේ නිවස, වෙල අද්දර, ලඳු කැලෑවකට ආසන්නව පිහිටා තිබේ. කලකට පෙර ප‍්‍රදේශයේ මහා පරිමාන කසිප්පු නිෂ්ඵාදකයෙකුට අයත්, ආම්පන්න, කැලයෙන්, පොලීසිය සොයා ගෙන තිබින.

එම ජාවාරම්කරුවා, අච්චු විඳ, නිදහස ලබා පැමිණ වැඩි කලක් නැත.

ඔහුට විරුද්ධව කසිප්පු නඩු පවතින බවද, ඒ්ම නඩුවලට නිවැරදිකරු බව පවසා ඇති බවද ඇය කියා සිටී.

කසිප්පු උවදුර මැඩ පැවැත්වීමට ගන්නා උත්සාහය, අගය කරන ගිම්හානි, පොලිස් කාන්තාවක් ද නැතිව, තනි පංගලමේ සිටින විට, ගෙට කඩා වැදී, කුණුහරුප කියමින්, බැන තර්ජනය කිරීම හෙළා දකියි.

ඇය මෙම සිද්ධිය ගැන ඉහළ බලධාරීන්ට පැමිණිලි කර තිබේ.



No comments:

Post a Comment