Sunday, September 19, 2021

කුඩු ජාවාරම්කරුවන්ගේ මානුෂීය අයිතීන් රකිනු ! අවු:15 ක් පුරා කුඩු බොන, දවසට රු: 1500/- ක් නොදුන්නොත් මව මරා දමන්නට සූදානම් පුතෙක් !!


 හතර දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල් පුතා. දැන් වයස අවුරුද 40 යි. බැඳලා දරුවෙක් ඉන්නවා. අවුරුදු 15 ක් වෙනවා කුඩු බොන්න පටන් අරන්.

ඉස්සර දුන්නේ, දවසට රු: 500/- ක්. දැන් දවසට රු: 1500/- ක් ඉල්ලනවා.
බැරිම තැන මව, ආරක්ෂක ලේකම් ට ලියපු ලියුම,
කුඩු ජාවාරම්කරුවන්ගේ අයිතීන් රකින්න, අවශ්‍යතාවය තිබෙන ”ඊනියා සිවිල් සමාජයට’’  පණිවුඩයක්.
කියවන්න.
මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා    
ආරක්ෂක ලේකම්
ආරක්ෂක අමාත්‍යාංශය
15/5, බාලදක්ෂ මාවත
කොළඹ 03

වසර 15 ක් පුරා, මත් ද්‍රව්‍යය වලට ඇබ්බැහිව සිටින, 40 හැවිරිදි පුතාව
හා දරු පවුල බේරා දෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

පෙරේරා මහත්මිය, අවු: 62 යි, වැන්දඹු, දරුවන් 04 යි, රැුකියාව: බුලත්විට සාදා කඩ වලට දැමීම, ලිපිනය:*******. දු.අ.*****
2021.09.17 වන දින දීය.

******ප‍්‍රදීප් අවු: 40 යි, විවාහක, දරුවන් 01 යි, රැුකියාව : කුලී වැඩ, මාගේ පුතා වේ.

1. ඔහු, වසර 15 ක සිට, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවෙකි.

2. මා දන්නා පරිදි, ඔහුව ********පොලීසිය අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එ් අවස්ථා කිහිපයේදීම ගරු අධිකරණයට කරුණු කියා පුනරුත්ථාපනයට යොමු කරනු ලැබුවා.

3. එයට අමතරව, ඔහුට විරුද්ධව සොරකම් නඩු 2, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතී. එම නඩු  2ටම ඔහු නිවැරදිකරු බව ප‍්‍රකාශ කර, ඇප මත සිටී.

4. වසංගතයට පෙර, ඔහු ඉඳ හිට, මත්ද්‍රව්‍යය ලබා ගැනීමට, රු: 500/- ඉල්ලූ අවස්ථා තිබුණා.
5. කොරෝනා වසංගතය සමග,
 රැුකියා අවස්ථා නැති වුනා.
 හෙරොයින් මිළ, රු: 500/- සිට රු: 1200/-, 1500/- දක්වා ඉහළ ගොස් තිබෙන නිසාත් රැුකියාව නොමැතිකම නිසාත් මොවුන් ඉතා දරුණු ලෙසට අපහසුතාවයට පත්ව තිබෙන බව ඔබ දන්නා කරුණකි.
 මෙම පසුබිම තුළ, ඔහු ”අවශ්‍යතා” ඇති වූ විට, මාගෙන් රු: 1000/- ක් 1500/- ක් අතර ඉල්ලා සිටීමට පටන් ගෙන තිබේ.
 මුදල් නොමැති බව ප‍්‍රකාශ කළ විට, ප‍්‍රචණ්ඩකාරී වේ. මන්නා පිහිය, වැනි ගෘහයේ තිබෙන ආයුධ ගෙන, මරණීය තර්ජන කිරීමට, කබඞ් කැඞීම උත්සාහ ගනී.
 මත්ද්‍රව්‍යය අවශ්‍යය වූ විට, ඔහු ප‍්‍රචණ්ඩව හැසිරෙයි. ගෘහ භාණ්ඩ විනාශ කර දැමීමටත්, අප ඝාතනය කිරීමටත් පෙළඹෙයි.
6. ආසන්නතම සිදුවී වන්නේ, 2021.09.16 දින, රාත‍්‍රියේ, ඔහු මන්නයක් රැුගෙන ප‍්‍රචණ්ඩ ලෙසට හැසිරී, මරණ තර්ජන කරමින් බලයෙන් කබඞ් ඇර, මා බුලත්විට විකුණා ඉතිරි කරගෙන තිබූ,    රු: 1500/- ද රැුගෙන ගියා.
7. අප අවට, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූ, 60 කට වැඩි පිරිසක් සිටිති.
ඔවු හා එක්ව, සංවිධානය වී, සොරකම් කිරීමට තිබෙන ඉඩකඩ බොහොා් වැඩිය.
මාගේ පුතා, මුදල් ලබා ගැනීමෙන් අනතුරුව ගෙදරින් පිටව, පැයක් දෙකක් ගත කර, මත්ද්‍රව්‍යය රැුගෙන එයි. දැන් පැකට් එකක්, රු:1200/- ත් රු:1500/- අතර බවද ප‍්‍රකාශ වේ.
මෙයින් පෙන්නුම් කරන්නේ, අප අසල, මෙම ජාවාරම සිදුවන බවය.
මා, මව වශයෙන් බිරිඳ හා මුණුපුරා වෙනුවෙන් ඉල්ලා සිටින්නේ,
මාගේ පුතා, ෆෆෆ ව, ඉතා ඉක්මණින අත්අඩංගුවට ගෙන, අධිකරණය මගින් වසරකට වැඩි කාලයකට, පුනරුත්ථාපනයට යොමු කරන ලෙසටය.
මෙම ඉල්ලීම කරන්නේ, ව්‍යාජ චෝදනා නගා බන්ධනාගාරගත කිරීමෙන් පලක් නොවන බවද සිහිපත් කරමි.
මෙය ඔබට යොමු කරන්නේ, වෙනත් බලධාරීන්ට යොමු කිරීම පලක් නොවන නිසාය.
මෙයට,

***  පෙරේරා

No comments:

Post a Comment