Tuesday, September 7, 2021

ශ්‍රි ලංකාවේ ෆිනෑන්ස මාෆියාව! ලීසිං වාහන ගත් අය ප්‍රාණ ඇපකරුවන් වෙලා!! කියන්න කෙනෙක් නෑ! අහන්න කෙනෙක් නෑ!!!

 


ල්බදු ක්‍රමය හෙවත් පියෝ සිංහලෙන් ලීසිං මරණ උගුලට අසුවන්නේ දැන දැන.

  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ නීතිය හදා ඇත්තේ ණය ගන්න එවුන්ට නොව දෙන එවුන්ට හිරි මාංශ සූරා කන්නට ය

  ආනන්ද ව්‍යාපාරිකයෙක්. එය පවත්වාගෙන යන්නට ඔහු ණයක් ගන්නට සිදුවිය.

ප්‍රකාශ කරන පරිදි, ඔහු.  යුබි ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් 122,500/- ගන්නේ ව්‍යාපාර කටයුතු සඳහා කැබ් රථයක් ගන්නටය. අදාළව එම ණය මුදල ට අදාළව තමාගෙන්  රුපියල් 218,200/-ක් වංචාකර ඉන් නොනැවතී, තවත් රුපියල් 447, 55ක් ලබාගැනීමට උත්සාහ දරණ බව කියා සිටී.

 ඔහු යූබී ෆිනෑන්ස් සමාගමේ සභාපති අතුල් මලික් ඇතුළු වගකිවයුත්තන්ට ලිඛිතව සිදුකරන ලද කරුණු දැක්වීම:- "උද්ධෘත" පහත දක්වමු. 

  රු: 218,333/- ක් වංචා කිරීම හා තවත් රු: 447,744/55 ක් බලහත්කාරයෙන් ලබා ගැනීමට දරන උත්සාහය.

 (1) මා, 2016.12.30 වන දින, ”බොලවර්වර්ගයේ කැබ් රථයක්, රු: 122,500/- කට ෆිනෑන්ස් කරන ලදි.

 1.1. වාහනයේ වටිනාකම, රු: 1,750,000/- කි.

 1.2. මුදලින්, රු: 262,500/- ක් ගෙවන ලදි.(15%) එවිට හි`ග මුදල 1,487,500/- කි. මෙය වාහනයේ වටිනාකමින් 85% කි. රජයේ නියමයට අනුව කල්බදු ක‍්‍රමයට ලබාදිය හැකි ණය මුදල 70% කි.

 1.3. එම නිසා තවත් රු: 262,500/- ක් (15%) බිරිඳ ණයට ගත් වශයෙන් සටහන් කර, එම මුදල් මාස 24 කින් (මසකට, රු: 13,618/- බැගින්* ගෙවීමට නියම විය.

 මේ අනුව, රු: 525,000/- ගෙවා වාහනය ලබා ගන්නා ලදි. (මුදලින් රු: 262,500/- ක් හා බිරිඳ ලබාගත් ණය, රු: 262,500/-*

 (2) වාහනයේ පරම අයිතිකරු වශයෙන් ඹඊ ෆිනෑන්ස් සමාගම, වාහනයේ පොත, (ලියාපදිංචි සහතිකය* තබා ගත් අතර, වාර්ෂිකව රක්ෂණය කළ යුතු වූයේ, කොන්ටිනෙන්ටල් ඉන්ෂූවරන්ස් සමාගමේ ය. එම සමාගම විසින්ම කරනු ලබයි.

 (3) 2018.12.31 දක්වා වාහනයේ, ෆිනෑන්ස් වාරිකය (මාසික* රු: 25,214/- ක් විය.

 බිරිඳ නමින් වූ වාරිකය, රු: 13,618/- ක් විය.

 මසකට රු: 38,832/- වාහනයේ වාරිකය, රු: 25,214/- හා බිරිඳ ලබාගත් ණය මුදලේ මාසික වාරිකය, රු: 13,681/- එකතුව, පෙරදාතම කරන ලද චෙක්පත් මගින් ගෙවා නිම කරන ලදි. මේ අනුව, බිරිඳ නමින් වූ ණය වසර 2 කින් මුදල ගෙවා නිම විය.

 (4)2016 ජනවාරි 01 සිට 2021 දෙසැම්බර් 31, ෆිනෑන්ස් වාරිකය අවසන් වීමට නියමිත විය. බිරිඳගේ ණය මුදල ගෙවා අවසන් වුවද, එයද සමග ගෙවූ

 මාසික වරිකය වූ, රු: 38,832/- චෙක්පත් මගින් ගෙවන ලද අතර, අඛණ්ඩව ගෙවන ලද හිඟ මුදල් බැංකුගත කරන ලදි.

 (5) 2020 මාර්තු 31 සිට 2020 අගෝස්තු 31 දක්වා, කොවිඞ් 19 වසංගතයට අදාළ, ණය සහන කාලයේ, (මාස 06* වාරික ගෙවීම සිදු කළේ නැත.

 (6) මෙම හය මසක සහන කාලය නිසා, වාරිකය ගෙවීම් කාලය, 2022 ජූලි 30 දක්වා දීර්ඝ කෙරිණ.

 (7) වාරික නොගෙවා සිටීමේ සහන කාලය (මාස 06* සඳහා ගෙවිය යුතුව තිබූ මුදලට, පොලිය වශයෙන්, මසකට, රු: 1872/05 ක් එකතු කරන ලදි.

 (8) එ් අනුව වාරික මුදල රු: 40,704/05 (රු: 38,832/- ූ රු: 1872/05* ක් විය.

 (9) මෙම රු: 40,704/05 මුදල, ඉදිරි මාස 22 ක තුළ ගෙවීමට නියමිත බව ප‍්‍රකාශ විය.

 (10) 2016.12.31, මා, වාහනය, කල්බදු ක‍්‍රමයට ලබා ගත්තේ, රු: 1,225,000/- කටය.

 (11) 2021.07.31 දිනට, මා ලබාගත් මු`ඵ මුදල (ඉහත විස්තර කරන ලද පරිදි* රු: 1,225,000/-කි. මේ අනුව පොලිය ඇතු`ඵව, රු: 2,548,233/- ක් ගෙවා තිබේ.

 (12) එ් අනුව, ගිවිසුම් ප‍්‍රකාරව ගෙවිය යුතු මුදල වූ, රු: 2,329,920/- ට වඩා රු: 218,333/- ක් ගෙවා තිබේ.

 (13) එසේ තිබියදී, 2021.03.30 දින, රු: 198,000/- ක හිග මුදලක් ඇති බව කියමින් වාහනය පැහැර ගන්නා ලදි. (සීස් කිරීම*.

 (14) මට, කර කියා ගත හැකි දෙයක් නැති නිසා, රු: 198,000/- ක් ගෙවා වාහනය නිදහස් කර ගන්නා ලදි.

 මෙම පසුබිම යටතේ, 2021 අගෝස්තු සිට, රු: 40,704/05 බැගින් වාරික 11 ක් ගෙවන ලෙසට බල කරයි.

 මා ඉල්ලා සිටින්නේ,

 කූඨ ලෙස, ගිවිසුමේ පිටපතක්, මට හෝ මාගේ ඇපකරුවන්ට ලබා නොදී,

 කොවිඞ් 19 වසංගතයට ලබාදුන්න, 06 මසක සහන කාලයට, රු: 1872/05 බැගින් පොලියක් අය කිරීමෙන්,

 මාගෙන්, රු: 584,649/- ක් ලබා ගැනීමට දරන උත්සාහය වළක්වන ලෙසටත්, වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත* මා හට මුදාහරින ලෙසටත්ය.

 මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

 (1) ඹඊ ෆිනෑන්ස් එකට ගෙවිය යුතු මුදල වශයෙන්, ක්‍ඍෂඊ හි ස`දහන් (වාරිකය* වන්නේ,         රු: 25,214/- ක් බව.

 (2) ක්‍ඍෂඊ හි ණය මුදල පෙන්වන්නේ, රු: 1,487,500/- කි. (මෙය මහ බැංකු නියෝග කඩ කිරීමකි*

 නමුත්, මා ලබාගත් සත්‍ය ණය මදුල වන්නේ, 1,225,000/- කි.

 මාගෙන්, වාරික වශයෙන් අයකරගෙන ඇති මුදල, රු: 38,832/- කි.

 රජයේ නියමය අනුව, කල්බදු ක‍්‍රමයට ලබාදිය හැක්කේ, වටිනාකමින්, 30% කි. (එයද කූඨ ලෙස මෙම සමාගම වෙනස් කර ඇත)

 එ් අනුව, මා ලබාගත් මුදල නිවැරදිය.

 මෙයට,

 ආනන්ද

 

 

 

No comments:

Post a Comment